තිනේෂ් කනගරාජා තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ ‘අදිරන්’ සිනමාපටය සිංහල සහ දමිළ භාෂා ද්විත්වයෙන් නොවැම්බර් 28 වැනිදා සිට තිරගත විම ඇරඹේ.
ඇන්ටන් රමේෂ් ඩෙල සෙල්ෆ් නිෂ්පාදනයක් වන අදිරන් කැමරාකරණය කතීර් රාජසේකරම්, සංස්කරණයෙන් එස්.ආර්. තුෂීකරන්, සටන් අධ්‍යක්ෂණයෙන් අල්විස් කිලින්ටන්, අංග රචනයෙන් කළයි මයිල්, සහය අධ්යක්ෂණ සූකීර්තන් ක්‍රිස්තුරාජා, ජෙනෝෂන්, සාරි ප්‍රකාශ්, ධරණිය කුමුදිනී ගෙනි.
සුදර්ශන් රවීන්ද්‍රන්, මිෂෙල් දිල්හාරා, එල් රෝයි අමලතාස්, ක්‍රිශාන් විනෝදන්, ශ්‍යාමලා නිරංජන්, අරුන් සුසීන්, ජමාල්ඩීන් මුසාමිල්, සෙල්වරාජ් ලීලා, දුලාෂි කෝන්හගවත්ත, ඩිලාන් බාලකුමාර්, ශ්‍යාමලා නිරංජන් ඇතුළු රංගනයෙන් එක්වෙති. ලාංකේය ජනපි‍්‍රය නිළි මිෂෙල් දිල්හාරා මෙහි ප්‍රධාන චරිතයට එක්වීම සුවිශේෂත්වයකි.
