වර්ෂ 2021 ක්වූ April 15 වැනිදා Thursday
‘ඇල් හාලේ කිරිබත්’ අප්‍රේල් 13 වෙනිදා

විජේසිංහට පිස්සු. ගමේ මිනිස්සු විජේසිංහව දකින්නේ එහෙම. බුදු පහන තියලා උදේට මාක්ස්වාදී තොප්පියක් දාගෙන කඩේ යයි. සැමට සමානාත්මතාව ලැබිය යුතු යැයි ඔහු නිතර කතා කරයි. විජේසිංහව පිට සමාජයට එහෙම පෙනුණත් නිවසේදී විජේසිංහ යනු අති සංවේදී ලෝකයක තම බිරිඳ සමඟ අතුරුදන් වූ එකම පුතුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ජීවත් වන්නෙක්. මේ නිවසේ කුලී කාමරයක අංජලී නම් දෙමළ යුවතිය ජීවත් වන්නේ විජේසිංහ යුවළ හා දුක සැප බෙදා ගනිමිනි. අලුත් අවුරුද්දෙ විජේසිංහ යුවළගේ එකම අපේක්ෂාව තම දරුවාගේ පුනරාගමනයයි.
රංග බණ්ඩාරනායක නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කරන ඒකාංගික ටෙලි සිත්තම ' ඇල් හාලේ කිරිබත්' අප්‍රේල් 13 වෙනිදා අඟහරුවාදා රාත්‍රි 9 ට ජාතික රූපවාහිනියෙන් නැරඹිය හැකියි.
චන්ද්‍රසෝම බිංදුහේවා, මණිකේ අත්තනායක, එන්. තීබ දර්ශනි, ජෝන් දිනේෂ් සඳරුවන්, ප්‍රියන්ත ප්‍රභාෂ්, රමේෂ් කේෂාන්, ආර්. ජෙයන්තන් රංගනයෙන් හැඩ ගන්වන වන මේ රූපවාහිනී රචනය චාමර ප්‍රසන්න කොඩිතුවක්කුගෙනි. සංගීතය නදීක වැලිගොඩපොල, කැමරාකරණය ජනිත් සුසෙව්හේවා, සංස්කරණය දිමුත් කුරුප්පු හා වේශ නිරූපණය චන්දන සෙනරත් බණ්ඩාරගෙනි.