වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ශ්‍රී ලාංකික ටෙලිවිෂන් ශානරයට Mini Series වැස්සක්

ලෝකවාසී රසාස්වාදය වෙනුවෙන් එළැඹෙන බක්මහේ 01 වැනි දින සිට ටෙලි නිර්මාණවේදින් 20කගේ එකතුවීමෙන්, එකිනෙකට වෙනස් අලුත් කතා තේමාවන් රැගත්, කොටස් 08 බැගින් එක් අධ්‍යක්ෂවරයකුගේ ටෙලි නාට්‍යයක් බැගින් පුරා වසර තුනක් Mini Series වැස්සක් ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරේ. ට්පචඡඪබ පුද්ගලික සමාගම වෙනුවෙන් නිශාන්ත ඩයස් සමඟ තනුෂ්කා ජයවර්ධන මේ ටෙලි නාට්‍ය මාලාවෙහි නිෂ්පාදකවරු වෙති. එහි සමාරම්භක උත්සවය පසුගිය දින ස්වාධීන රූපවාහිනි නාලිකාවේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන හා කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.