එදා ඉඳලම නළුකමට මට තිබුණේ පිස්සුවක්

යොවුන් රංගන ශිල්පී / නිෂ්පාදක ධනංජය ප්‍රනාන්දු
පෙබරවාරි 9, 2023

 

මේ ක්ෂේත්‍රයට තියෙන කැමැත්ත නිසා කොහොම හරි කට්ට කාගෙන ඉන්නවා

 

මේ දිනවල රැල්ල වෙරළට ආදරෙයි සහ නන්නත්තාර ටෙලි නාට්‍ය තුළින් ඔබ හමුවට එන ඔහු දක්ෂ රංගන ශිල්පියෙකි.තම ජීවිතයේ දී විවිධ රංගන ශිල්පීන්ගේ රංගන කෞශල්‍යයන් අනුකරණය කරමින් හා අත්හදා බලමින් රංගනයට තියෙන ආශාව නිසාම ඔහු රංගන වෘත්තියට පිවිසෙයි.ඉන් පසු නිෂ්පාදන කටයුතු වලටද දායකත්වය දීමට ඔහු තීරණය කරයි. ඔහුගේ අලුත්ම තොරතුරු ටිකක් සරසවිය සමඟ බෙදාගන්නට පසුගියදා සරසවියට ගොඩවැදුණාය. ඔහු නමින් ධනංජය ප්‍රනාන්දුයි.

 

ධනංජය වුණාට වැඩ වෙනස් කියලා කියන්නේ මොකක්ද?

මට හැමෝම කතා කරන්නේ ඕනා කියලා.ඒත් අර සමහරු කියනවානේ නමට සල්ලි තියෙන එකෙක් සෙට් වෙන්නේ කලාතුරකින් කියලා. ෆීල්ඩ් එකේ සමහරු කියනවා මට සල්ලි තියෙනවා කියලා. මගේ පොකට් එකේ සමහර වෙලාවට රුපියලක්වත් නැතිවෙන වෙලාවල් තියෙනවා. ධනපාල උණාට මහ පාරේ තමයි හැමදාම ඉතින්. මේ ක්ෂේත්‍රයට තියෙන ආසාව නිසා ඉතින් කොහොම හරි කට්ට කාගෙන ඉන්නවා.පාසල් කාලය තුළදී මම කිසිම නාට්‍යයකටවත් රංගනයෙන් දායක වෙලා නෑ. ඒත් රැකියාවක් නම් කළා. ඒ කරපු රැකියාව පවා අතැරලා දාල තමයි මෙතනට එන්නේ. නළුවෙක් වෙන්න තියෙන පිස්සු ආසාව නිසයි.

නළුවෙක් වෙන්න තියෙන ආසාව නිසා අපු ගමන මොකක්ද?

මම ඉස්සල්ලා පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. කරපු රැකියාවෙන් අයින්වෙලා මම එන්න ආවා නළුවෙක් වෙන්න ඕන කියලා හිතාගෙන. ආපු මුල් දවස්වල දර්ශන තල හොයාගෙන ගිහිල්ලා බලන් හිටපු වාර අනන්තයි. අධ්‍යක්වරු සහ නිෂ්පාදකවරු හඳුනාගෙන ශිල්පීන් හඳුනාගෙන පස්සේ පස්සේ චූටි චූටි චූටි පෙනෙන නොපෙනෙන චරිතවලට හිටියා. මෙහෙම යනකොට ටික කාලයක් මට හිතුණා මෙතනට ආසාවට ඇවිල්ල වැඩක් නැහැ. මේ ක්ෂේත්‍රය පිළිබඳ ඉගෙනගෙන මෙතැනට එන්න ඕනේ කියලා. ඊට පස්සේ මම මේ ගැන හොයනවා. හොයලා මේ සම්බන්ධව තියෙන පාඨමාලා කිහිපයක්ම හදාරන්න පටන් ගත්තා. ඒ පාඨමාලාවලින් ලබපු න්‍යායාත්මක හා ප්‍රායෝගික අත්දැකීම් තමයි අද මට මෙතනට එන්න අවස්ථාව සලසලා දුන්නේ.

ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් හා ප්‍රායෝගික පුහුණුවක් ලබාගත් ඔබට මොකද වෙන්නේ ඉන් පස්සේ?

ඉන්පස්සෙ මට ගොඩක් වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. හඳයා, හතේ කල්ලිය වැනි ටෙලි නාට්‍ය උප ප්‍රධාන චරිත රංගනයට මට එක්වෙන්නට අවස්ථාව ලැබෙනවා. මේ කාලයේදී මට සහය අධ්‍යක්ෂක අකිලව ධනුෂ්ක හම්බ වෙනවා. ඔහු නිසා මට ටෙලිනාට්‍ය ගණනාවකම රංගනයට එකතු වෙන්නට අවස්ථාව ලැබෙනවා. මේ කාලයේදීම මම ගොඩක් ප්‍රවීණයන් අඳුරගන්නවා. ඔවුන්ගෙන් ප්‍රායෝගික සහ න්‍යායාත්මක දේවල් ඉගෙන ගන්නට ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවීණ රංගන ශිල්පි ජයසේකර අපොන්සුගේ ඇසුර ලැබුණා. ඔහුගේ රංගන පාසලේ මම ශිෂ්‍යයෙක් වෙනවා. මේ කාලයේදීම මට තවත් නාට්‍ය කිහිපයක රංගනයට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ වකවානුවේ දී චූලක ද සිල්වා සහ නිශාන්ත කුමාරගේ යන යහළුවන් දෙදෙනා හමුවුණා. ඒ හමුවීම නිසා මේ ගමනේ ලොකු වෙනසක් කරන්නට මට අවස්ථාව ලැබෙනවා.

 

ඔවුන් දෙදෙනාත් එක්ක එකතු වෙලා කරන්න යන වෙනස මොකක්ද?

කලාවට මිනිස්සු ගොඩක් ආදරෙයි. දක්ෂතාවලින් පිරිපුන් ගොඩක් කලාකරුවන් ඉන්නවා.ඒත් ඒ ආදරය ප්‍රේක්ෂකයාට දෙන්න තරම් දේවල් කලාව තුළ සිදු වෙනවාද කියන එක ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන්නේ. මේ දෙන්නත් එක්ක මගේ තියෙන්නේ කලාවේ බැඳීමට වැඩිය මගේ මගේ ව්‍යාපාරික කටයුතු සහ පෞද්ගලිකත්වය හා බැඳීම වැඩියි. ඒ නිසා අපි තුන්දෙනාම හිතුවා කලාව තුළ ලොකු වෙනසක් අපිට කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක අපි ලබන ජයග්‍රහණයක් කියලා. ඒ නිසා අපි නිෂ්පාදන ක්‍රියාවලියට එකතු වෙන්න හිතුවා.

 

දැනට නිර්මාණ කීයකට විතර දායකත්වය දීලා තියෙනවද?

නිර්මාණ දහයකට පහළොවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ අතරින් මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගේ අවධානයට යොමු වෙච්ච නාට්‍ය දෙකක් තියනවා. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරන නන්නත්තාර සහ නිමන්ත ප්‍රසාද්ගේ අධ්‍යක්ෂණයක් වන රැල්ල වෙරළට ආදරෙයි. ධ්ඊව් නාලිකාවේ සහ හිරු නාලිකාවවල විකාශය වෙනවා.

 

නිෂ්පාදකවරයකු ලෙස අලුත් වැඩකට දැන් සූදානම් නේද?

මේ වන විට මමත් චූලක ද සිල්වත් එකතුවෙලා රේස් ටෙලි නාට්‍යයේ දෙවැනි කොටසේ නිෂ්පාදකවරු ලෙස කටයුතු කරනවා. ඊට අමතරව ඉදිරියේ දී කුමාර තිරිමාදුරගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වන ඹ්ඪටඥ ට්භචපඤ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරුන් ලෙස අපි කටයුතු කරන්න සූදානමින් ඉන්නේ. මේ සඳහා සම නිෂ්පාදකවරුන් ලෙස කිහිපදෙනෙක් කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය නළු නිළියන් තෝරා ගැනීමේ තිර පරීක්ෂණයක්ද මේ වන විට කරලා අවසන්ය. ඹ්ඪටඥ ඨභචපඤ ළඟදීම රූපගත කිරීම් ආරම්භ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ප්‍රේක්ෂකයාට හොඳ නිර්මාණයක් රස විඳීන්න දෙන්න තමයි අපි නිෂ්පාදන කර්තව්‍යයට අත ගැහුවේ.

 

අලුත් තිර පිටපත් ලැබිලා ඇති නේද ?

ඇත්තටම ඔව් තිරපිටපත් නම් ගොඩක් ලැබිලා තියෙනවා. ඒත් අපිට හොඳ නිර්මාණයක් වෙන්න ඕනේ අපිට නිෂ්පාදනය කරන්නට පුළුවන්. ලංකාවේ හොඳ තිර පිටපත් රචකයෝ ඉන්නවා. ඒත් සමහරක් අය තිරපිටපත් කියලා ලියන්නෙ කොපි පිටපත්ය. ඒ නිර්මාණ තමන්ගෙ නිර්මාණ නොවන නිසා අපි කිසිසේත්ම ඒවා නිෂ්පාදනය කරන්නට වෑයම් දරන් නැහැ. අපේ රටට ආවේණික සංස්කෘතිය ආගම දහම සහ සාමාජීය ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවා ගැන ලියවෙන හොඳ පිටපත් ආවොත් අපි නිෂ්පාදනය කරන්න ඕන වෙලාවක සූදානම්. තිර පිටපත්වල අඩුවක් තියෙනවා. ඒ හිස්තැන පුරවන්න පුළුවන් හොඳ තිර පිටපත් රචකයන් බිහිවෙනවා නම් නිෂ්පාදකයෝ එන්න ඕන තරම් ඉන්නවා.

 

නිෂ්පාදකවරයකු ලෙස පියවර තැබූ ඔබට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මට ගෙදරින් හොඳ සහයෝගයක් ලැබෙනවා අම්මගෙනුයි, තාත්තයි. මට අක්කලා දෙන්නෙක් ඉන්නේ ඔවුන් දෙදෙනාම ඉතාලියේ තමයි පදිංචි වෙලා ඉන්නෙ. මම තමයි ලංකාවේ පදිංචිවෙලා ඉන්නේ. කලාවට ආපු දවසේ ඉදන් ඔවුන්ගෙන් මේ දක්වාම නිෂ්පාදකවරයකු ලෙස ආපු ගමන දක්වාම හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ ශක්තිය තමයි මට ලැබෙන හොඳම උත්තේජනය. ඊට අමතරව මගේ යහළු මිත්‍රාදීන්ගෙන්ද හොඳ සහයෝගයක් ලැබෙනවා.

 

ක්ෂේත්‍රයෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම හොඳ සහයෝගයක් ලැබෙනවා. ඔවුන්ගේ ගුරුහරුකම් නිසා තමයි ආධුනිකයකු හැටියට ආපු මට අද මෙච්චර දුරක් එන්න ලැබිලා තියෙන්නේ. අපේ ජීවිතවලට ලැබෙන දේවල් තියෙනවා නොලැබෙන දේවල් තියෙනවා. මෙතන ද අඩු වැඩි නැතිව ඒ දේවල් ලැබුණා.

 

ඔබේ බලාපොරොත්තුව මොකද්ද ?

නළුවකු ලෙස රංගනයේ යෙදෙමින් හොඳ නිෂ්පාදකවරයෙකු ලෙස ටෙලිනාට්‍යයට සහ සිනමාවට සේවයක් කිරීම තමයි මගේ ඒකායන අරමුණ. මම කොහොමත් ඒදණ්ඩක නැංගොත් එගොඩ වෙන්න තමයි උත්සාහ කරන්නේ. මා වටා සිටි සියලු දෙනා ම ගොඩ යනවා නම් මගේ සතුටත් එතන තමයි රඳා පවතින්නේ. අපි අපිට උදව් කරගන්න පුළුවන් නම් හැමදාම අනාගතය ජයගන්න පුළුවන් කියලා ඉලක්කයක් දකින්නත් පුළුවන් වෙනවා. ඒ විදියට හැමෝම හිතුවොත් ඕනෑම ගමනක් යන්න පුළුවන්. බලාපොරොත්තු කවදාවත් බිඳ දමා ගන්න එපා බලාපොරොත්තු තමයි අපි ජීවත් කරවන්නේ.

 

[email protected]