වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
‘ළංවී’ ,සින්දු, සටන්, හීන තියෙන ෆැන්ටසියක්

කලාකෙතේ බීජ වැ පිරිමට ඔහු උත්සුක වන්නේ 2008 වසරේදීය. මහා කලාකෙතේ විවිධ වපසරියත් මත තමන්ගේ සිතැඟියාවන් මල්ඵල ගන්වාගන්නට උත්සාහ කරන ඔහු කලා ක්ෂේත්‍රයට අත්පොත තබනුයේ වැඩසටහන් සහය නිෂ්පාදකයකු ලෙසිනි. ඉතා කෙටි කලක් තුළ තම හැකියාවන් එළි දක්වන ඔහු වැඩසටහන් නිෂ්පාදකයකු ලෙසට තවත් පියවරක් ඉදිරියට තබනුයේ නැවුම් බලාපොරොත්තු රැසක් සමඟිනි.
තම රාජකාරී ආයතනයන්හි ඉහළ නිල දරුවන්ගේ ප්‍රසංසා මධ්‍යයේ විධායක නිෂ්පාදකයෙක් බවට පත්වන ඔහු 2018 වසරේ වැඩසටහන් කළමනාකරු බවට පත්වනුයේ තමන්ගේ සහජ හැකියාවන් මධ්‍යයේය. 2019 වසරේ විදේශ ගතවන අද අපේ කතානායකයා නැවත මව්රටට පැමිණෙනුයේ තමන් නිරත වෘත්තියේ තවත් එහාට ගිය දැනුම් සම්භාරයක් සමඟිනි. අද වන විට වෙළෙඳ දැන්විම් අධ්‍යක්ෂවරයකු ලෙසින් වෙළෙඳදැන්වීම් නිර්මාණකරණයේ ආයතනයක හිමිකරුවකු වන ඔහු නමින් දිල්ෂාන් අමරසිංහය. ජනප්‍රිය ටෙලි විෂන් වෙළෙඳ දැන්වීම් කිහිපයකම අධ්‍යක්ෂවරයා වන දිල්ෂාන් මේ වන විට ජනප්‍රිය රැල්ලේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ද වේ. මේ දිනවල හිරු නාළිකාවේ දිගහැරෙන ‘ළංවී’ මෙගා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේ ද දිල්ෂාන්ය. නුදුරේදී සිනමාකරුවකු ලෙසින් කලඑළි බැසීමට අසීමිත ආශාවෙන් පසුවන දිල්ෂාන් අමරසිංහ හා කතා බස් කරමු.
දිල්ෂාන් කොතරම් කාලයක පටන් කලා ක්ෂේත්‍රයේ නියැළෙනවාද?
මේ වන විට අවුරුදු පහළවක් විතර වෙනවා. 2008 වසරේ දෙරණ රූපවාහිනියට මා සම්බන්ධ වන්නේ මුලින්ම සහය නිෂ්පාදකයෙක් ලෙසින්. වැඩසටහන් සහය නිෂ්පාදකයෙක් ලෙස මම වසර හයක් කටයුතු කරනවා. ඒ කාලය අතරතුර වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙස වැඩ කිරීමටත් මට අවස්ථාව උදා වෙනවා. මේ අතරේ ඉතාම කෙටි කාලයක් තුළ වසර හතරක් පහක් තුළ වැඩසටහන් විධායක නිෂ්පාදකයෙක් ලෙසින් කටයුතු කරන්නත් මට අවස්ථාව සැලසෙනවා.
සහය නිෂ්පාදකයෙක් ලෙස ඔබේ කලා ජීවිතය අරඹන ඔබ ඉතා කෙටි කාලයක් තුළ විධායක නිෂ්පාදකයෙක් බවට පත්වෙනවා. නොවේද?
සහය නිෂ්පාදකයෙක් ලෙස මම ගොඩක් වැඩ කළේ රියැලිටි ෂෝස්වල. දෙරණ රියැලිටි ෂෝ. මිස් ශ්‍රී ලංකා ආදී බොහෝ දේ මා කළා. ඔය අතරේ මා විසින්ම දෙරණට කන්සෙප්ට් කිහිපයක් ඉදිරිපත් කළා. දෙරණ ස්ටාර් සිටි, දෙරණ සිටිඔෆ් ඩාන්ස්, මියුසික් වීඩියෝ එවෝඩ් ආදී බොහෝ වැඩසටහන් කළා. මම අත්හදා බැලීම් මත සාර්ථක වැඩසටහන් ඉදිරිපත් කළා. මේ සාර්ථකත්වය මාව විධායක නිෂ්පාදකයෙක් බවට ඔසවා තැබුවා. දෙරණ ආයතනයේ ශර්මිලා ධර්මරාසා මහත්මිය. මගේ දක්ෂතාවයන්ට මනා ඉඩ කඩක් සලසා දුන්නා මේ සාර්ථක ගමනට.
දෙරණ තුළ උපදින දිල්ෂාන් හදිසියේම හිරු කරා පියඹනවාද?
මට පෞද්ගලිකව තිබු ආර්ථික ප්‍රශ්න මත තව දුරටත් දෙරණ තුළ මට රැඳී සිටීම අපහසු වුණා. මට ඉල්ලුමක් ඇති වුණා. හිරු නාළිකාවෙන්. ඒ ඉල්ලුම මට ආර්ථික පැත්තෙන් වාසිදායක වූ නිසාවෙන් මම දෙරණින් ඉවත් වී හිරු හා අත්වැල් බැඳගත්තා. දෙරණ තුළ මම නියැළී සිටි වසර 11ක සේවා කාලයට සමු දී 2018 වසරේ මම හිරු නාළිකාව හා අත්වැල් බැඳගන්නවා.
හිරු තුළත් ඔබ වෙනසක් ඇති කරනවා ද?
මම කළ වැඩසටහන් වල තියන ගුණාත්මකභාවය ඒ වැඩසටහන්වල තියන නිර්මාණශීලීභාවය නිසාවෙන් මාව ඔවුන්ගේ ආයතනයට සම්බන්ධ කරගත්තා විය හැකියි. බොහෝ විට මට හිරු තුළ ලැබුණේ තියන වැඩසටහන් වල අයිඩියා ඩිවලෝප් කරන්න. වැඩසටහන්, ප්‍රොමෝෂන් කරන්න ආදිය. ඒ අතරේ මම හිරුගෙන් කළ ඉල්ලීමකට අනුව තමයි ටෙලි සිනමා සිත්තම් නිර්මාණය වුණේ. ඒ හරහා මම ටෙලි ෆිල්ම් කීපයක් නිර්මාණය කරනවා. පැය එකහමාරේ ඒ ටෙලි සීරියස් හොඳට ජනපි‍්‍රය වෙනවා. මගේ ටෙලි නාට්‍ය නිර්මාණයේ ඇරඹුම එතැනයි.
හිරුටත් සමු දී ඔබ විදේශ ගත වෙනවා නේද? හදිසියේම.
මගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මම විදේශ ගත වෙනවා 2019 වසරේ මම නැවත ලංකාවට එන්නේ 2021 වසරේ. ඒ විදේශ ගත වූ කාලය තුළම ටෙලි විෂන් හා චිත්‍රපට පිළිබඳ හැදෑරීමක් මා විසින් සිද්ධ කරනවා මම විසින්ම හැදෑරීම් මත කරන ස්වයං අධ්‍යයනයක් තුළ. මේ අතරේ කොවිඩ් තත්ත්වය තුළ ඒ රට තුළ සිටීමට අපහසු නිසාවෙන් නැවත මා ලංකාවට පැමිණියා. ඒ ඇවිත් මාස කීපයක් මම විවේකීව ඉන්නා අතරේ රූපවාහිනි නාළිකා කීපයකින්ම නැවත මට ආරාධනා කළා. ඔවුන් සමඟ එකතු වෙන්නත් කියලා.
කොතරම් ආරාධනා ගලා ආවත් ඔබ ආයතන ගත නොවීමට අදහස් කරන පුද්ගලයෙක් බවට පත්වෙනවා නේද?
මට අවශ්‍ය වුණා කවර හෝ ආයතනයක සේවකයෙක් වනවාට වඩා මට මගේ දැනුමෙන් තනිව නැඟිටින්න. ඒ නිසාම මම මගේම කියල වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන ආයතනයක් ඇරඹුවා. මගේ හැකියාවෙන් යමක් මට කරගන්න ඇත්තෙන්ම ඒක හිතුවටත් වඩා සාර්ථක වුණා. අද වෙනකොට මගේ අදහස් අනුව මගේම අතින් නිර්මාණය වූ ටී.වී ඇඩ් කීපයක්ම මේ දවස්වල විකාශය වෙනවා. අද වෙනකොට ඒ තුළ මම සාර්ථක ගමනක් යනවා. වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවකු වගේම අධ්‍යක්ෂවරයකු ලෙසත්.
අද වෙන විට ඔබ ජනපි‍්‍රය රැල්ලේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් බවටත් පත්වෙලා ඔබේ කුලුඳුල් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයත් සමඟ?
කෝවිඩ් කාලයේ අපිට වැඩක් නැතුව ඉන්නකොට මගේ යාළුවෙක් වන තිමිර උඩලමත්ත මට කියනවා මචං මම ලිව්ව ස්ක්‍රිප්ට් එකක් තියෙනවා හැබැයි උඹ තමයි මේක ඩිරෙක් කරන්න ඕන කියලා. මම ස්ක්‍රිප්ට් එක කියෙව්වා හරි රසවත් ඒත් මේක කරන්න නිෂ්පාදකයෙක් ඕනෙ වුණා. මගේ යාළුවෙක් හිටියා සඳුන් බණ්ඩාර කියල. මම ඔහුට මේ ගැන කිව්වා තිබුණු වාතාවරණය ගැනවත් නොසිතා ඔහු එකඟ වුණා. නිෂ්පාදනයෙන් අපිත් සමඟ එකතු වෙන්න. අපි කොටස් දහයක් ෂූට් කළා. පෙන්න ගන්න චැනල් එකක්වත් නෑ. නිකමට වගේ ඒ ෂූට් එකෙන් ක්ලිප් එකක් හදල හිරු එකට භාර දුන්නා. පහුවදාම අපිට කෝල් එකක් ආවා ටෙලි නාට්‍යය අරන් ඇවිත් අපිව හම්බ වෙන්න කියලා හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝද සිල්වා ගෙනුත් උපසභාපති වින්සන්ද සිල්වා ගෙනුත්. අපි මේක ගන්නවා ඔයාල ඉතිරි ටිකත් කරන්න කියලා. ඒ අනුව තමයි මගේ කුලුඳුල් ටෙලි නාට්‍ය වූ ළංවී නිර්මාණය වුණේ.
ඔබේ මුල්ම ටෙලි නාට්‍යය ළංවී මෙගා ටෙලි නාට්‍යයක් මෙතරම් දීර්ඝ ටෙලි නාට්‍යයක් ඔබ අතින් නිර්මාණය වීමට හේතුව?
මගේ නිර්මාණය තුළ මම කළේ ෆැන්ටසි කමර්ෂල් ටයිප් එකේ වැඩක්. සින්දු ෆයිට් හීන මගේ මේ ඩ්‍රාම එක තුළ තිබුණා. මගේ ෆැන්ටසි ඩ්‍රාමා එක පේ‍්‍රක්ෂකයෝ අතරේ ජනපි‍්‍රයවෙන්න පටන් ගත්තා. මේ වෙනකොට මේ ආකාරයේ ටෙලි නාට්‍ය අපේ ටෙලිවිෂන් කලාවෙන් ඈත්වෙලා තිබුණේ මම සිනමානුරූපී රාමු ටෙලි විෂනය තුළට කැඳවාගෙන ආවා. ලයිටින් එඩිටින් ස්ටයිල් එක වෙනස් කළා. මට බනින කට්ටියත් ඇති නමුත් මම සාම්ප්‍රදායික ටෙලි නාට්‍ය කලාව තුළ වෙනසක් කළා. ඒ වෙනසම තමයි මට හිරු නාළිකාවෙනුත් ආරාධනාව ආවේ. ඔයාල මේක කරන්න. අපි ගන්නවා ටෙලි නාට්‍යය කියලා. අපි මේ ටෙලි නාට්‍ය මුලින්ම ෂූට් කළේ කොටස් හැටක ටෙලි නාට්‍යයක් හැටියට තමයි ස්ක්‍රිප්ට් එක පවා ලියල තිබුණේ. නමුත් චැනල් එක අපිට කිව්වා මේ ටෙලි නාට්‍යය මුලින්ම කොටස් සියකට කරන්න කියලා. ඊට පස්සේ කතාව ජනපි‍්‍රය වෙනකොට චැනල් එක කිව්වා මේක කොටස් දෙසීය දක්වා නිර්මාණය කරන්න කියලා. ඊට පස්සේ ආයෙත් චැනල් එක කිව්වා තවත් දික්කරන්න කියලා. ඒ අනුව අද ළංවී කොටස් 260ක ටෙලි නාට්‍යයක් බවට පත්වෙලා. මගේ අන්තිම බලා පොරොත්තුව තිබුණේ කොටස් 150කින් අවසන් කරන්න. ඒත් චැනල් එකේ බලකිරීමට මෙතරම් දිගු කොටස් ප්‍රමාණයක් දක්වා පැමිණියා.
ආරංචියක් තියෙනවා ඔබේ දැනට විකාශය වන ලංවී ටෙලි නිර්මාණය අවසන් වීමටත් පෙර තවත් ටෙලි නාට්‍ය නිර්මාණයක් සඳහා ආරාධනා ලැබිලා කියලා?
ඔව්. හිරු නාළිකාවෙන් මට කිව්වා මගේ මේ නාට්‍යය ඉවර වෙනකොට ඒ වෙලාවට තව නාට්‍යයක් විකාශය කරන්න. තවත් ටෙලි නාට්‍යයක් කරන්න කියලා. ඒ සඳහා මම දැනටමත් සුදානම් වෙනවා. මා මිත්‍ර තිමිර උඩලමත්ත තමයි ඒ නාට්‍යයෙත් ස්ක්‍රිප්ට් එක ලියන්නේ. ඒ ටෙලි නාට්‍යයේ නම සංසාරිනී මාර්තු වල විකාශය වීමට තමයි අපි එය නිර්මාණය කරන්නේ.
ඔබ ටෙලි නාට්‍ය නිර්මාණකරුවෙක් වෙන්නටද කැමැති?
නෑ. මම ටෙලි නාට්‍යවලට හිරවෙන්න කැමැති නෑ. මගේ පොඩි කාළේ ඉඳලා තිබුණ එකම හීනය චිත්‍රපටයක් කරන්න. සිනමා කරුවෙක් වෙන්න. මමත් සමඟ අද කණ්ඩායමක් හැදිල ඉන්නවා. ඒ අය ජීවත් වෙන්නේ මම නිර්මාණයක් කළොත්. ඒ නිසාම මම අකමැති වුණත් ඒ අයගේ බඩවියත රකින්න මම දෙයක් කරන්න ඕිනේ. මට ඒ අයව අත හරින්න බෑ. මගේ ආශාව ඉෂ්ට කරගන්න. ඒ අයත් මට මේ නිර්මාණය එළි දක්වන්න දහදිය කඳුළ හෙළුව අය. ඒ නිසාම මම ඔවුන් ගැන හිතුවා. මගේ පැත්තෙන් නොසිතා.
සිනමාව කඩා වැටිලා කියන වකවානුවක. ඔබ හීන සැබෑ කරගන්න තනන පුද්ගලයෙක්. ඒ ආශාව ඔබව ජයගන්න හැකිවෙයි කියල හිතනවාද?
මට ඕනේ ආච්චිල පවා ඇවිත් අත්පුඩි ගහන සිනමාවක් දකින්න. කොමර්ෂල් ෆිල්ම් එකක් කරන්න. ටැමිල් හින්දි මුවි කන්සෙප්ට් එක තියන ගමේ ආච්චිත් ඇවිත් අත්පුඩි ගහන ඒ දේ අපේ චිත්‍රපට නිර්මාණ අතරට ගේන්න තමයි මට ඕනේ. හැත්තෑව අසූව දශකයේ අපේ තිබුණු චිත්‍රපට කල්චර් එක යළිත් පටන් ගන්න. සිංදු ෆයිට් තියන ෆැන්ටසි චිත්‍රපටයක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මගේ ඩ්‍රාමා එක ඇතුළේත් තිබුණේ අන්න එක.
ෆැන්ටසි සිනමාවක් ගැන කියමින් කෝටි ගණන් වියදම් කරමින් චිත්‍රපට කරපු අයත් අපිට හමුවුණා. ඒත් ඒ දේ අපේ පේ‍්‍රක්ෂකයෝ අතරින් සාර්ථක වුණා ද?
ඔව්. මේ දවස්වල තිරගත වෙන ආදරණීය ප්‍රාර්ථනා ඒකට උදාහරණයක්. අපි දැනගන්න ඕනේ මිනිස්සු ඉල්ලන්නේ මොකක්ද කියලා. සමහරුන්ගේ උත්සාහය සාර්ථක නොවුණා වෙන්න පුළුවන් මම කියන්නේ මේ සාර්ථක ගමනේ හොඳම රිසච් එක ටෙලිවිෂන් එක. ටෙලි විෂන් එකේ වැඩිම රේටින් තියන ටෙලි ඩ්‍රාමා ටික බැලුවහම. අපිට තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ ටේස්ට් එක කොතනද මේ වෙලාවේ තියෙන්නේ කියලා. අපි හරියට එතනට ගැහුවොත් අන්න හරි. අපි මැලේෂියාවේ ගිහින් සින්දු කළත් වැඩක් නෑ. කතාව තමයි වැදගත්. අපේ මිනිස්සුන්ව කොහොමද මේ ප්‍රශ්නවලින් ගලවගෙන මිනිස්සුන්ට විඳින්න පුළුවන් පැය දෙක හමාරක් දෙන්නේ කියලා.
දිල්ෂාන් කියන්නේ කොපමණ සිනමාව කඩවැටෙනවා කිව්වත් මිනිස්සුන්ට චිත්‍රපට බලන්න සල්ලි නෑ කිව්වත් මිනිස්සු සිනමාව ඉල්ලනවා කියලද?
ඔව්. අපි ඒ අයට ඕනෙ සිනමාව දෙන්නෑ ඒකයි ප්‍රශ්නය. අද රෑ දොගොඩ හරියෙත් මිනිස්සු පෝලිමේ ගිහින් චිත්‍රපට බලනවා. රුපියල් දාහ දීලත් මම කියන්නේ අපේ චින්තනය සමාජගත කරන්න. සම්මාන ගන්න. චිත්‍රපට අපි නිර්මාණය කරනවා. නමුත් බිස්නස් එකක් විදියට මේ කර්මාන්තය රදවා පවත්වා ගන්න නම් අනිවාර්යෙන්ම වාණිජ සිනමාව ප්‍රමුඛත්වය ගත යුතුයි. තරු දිදුලන්න තරු ඕනේ. ඒ තරු බබලන්න අපි උත්තේජනයක් ඇති කළ යුතුයි. මම කියන්නේ මේ මෑත භාගයේ අඩු ආදායමකින් වැඩි ආදායමක් ලැබු චිත්‍රපට දෙකක් තමයි ආදරණීය ප්‍රාර්ථනා හා ගින්දරී ඒකෙන් පැහැදැලියි මිනිස්සු කොපමණ ප්‍රශ්න තිබුණත් ෆිල්ම් බලනවා අපි ඒ අය කැමැති දේ දෙන්න ඕනේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරල හිනාවෙලා ඉන්න තමයි අද මිනිස්සු කැමැති. අද අපේ සිනමාවට කොළ එළියක් පත්තු වෙලා. චිත්‍රපට නිෂ්පාදකයෝ උණත් හිතනවා චිත්‍රපටයක් කළොත් දුවන එක ෂුවර් කියලා. අද අපේ මිනිස්සු ඉන්නේ හීන වල ප්‍රශ්න අමතක කරන්න ඕනෙ වටපිටාවක, ඒ අයට අපි දෙන්න ඕනේ කොමර්ෂල් හීන, මම ඉන්නේ ඒ හීන අතරේ මගේ ඩ්‍රාම එකෙත් ඒ හීන තියනවා. මටත් අද හැමෝම කියන්නේ ෆිල්ම් එකක් කරපන් කරපන් කියලා. ඒත් මම ඒ අයගෙන් අහන්නේ කවුද මට ඒකට සල්ලි දෙන්නේ කියලා.
ෆිල්ම් හීනය සැබෑ කරගන්න දැනටමත් ඔබ හීන දකිමින්ද ඉන්නේ?
ඔව් මේ දවස්වල හීන දකිනවා ස්ක්‍රිප්ට් එක ලියලා ඉවරයි. තිමිර උඩලමත්ත තමයි ස්ක්‍රිප්ට් එක ලිව්වේ. අපි දෙන්නාගේම කතාවක් එකතු කරලා. ඒක තනිකර ෆැන්ටසි රියලිස්ටික් නොවෙයි. රියලිස්ටික් වලින් මිදිලා ෆැන්ටසිය ඇති කරල මිනිස්සු තුළින් අම්මට සිරි මරු කියන තැනට ගේන්න. ඒ දේ කරගන්න මම මේ දවස්වල උත්සාහ ගනිමින් ඉන්නවා. මට ඕනේ ප්‍රොඩියුසර් කෙනෙක් පමණයි. මම කියන්නේ මගේ නාට්‍යය බලන්න බලපුවහම තේරෙනවා. මූට ෆිල්ම් කරන්න පුළුවන් ද කියල. ඒක මම කියන එකක් නොවෙයි. අනික් හැමෝම කියන දෙයක්. ඒකට පාර කපා ගන්න තමයි මම ඩ්‍රාමා එකක් කළේ. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වෙන්න නොවෙයි මගේ හීනය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්න හැබැයි වාණිජ සිනමාවේ.
ඔබේ සිනමා දිවියේ පරමාදර්ශී චරිත එහෙමත් ඇති?
සන්ජේ ලීලාබන්සාලි, කරන් ජොහාර් සිනමාකරුවන් ගේ ආභාසයට මම ගොඩක් පි‍්‍රය පුද්ගලයෙක්. මා ඔවුන්ගේ සිනමා රූපී භාවයට පෙම් කරන කෙනෙක්. සිනමාව තුළ මගේ පරමාදර්ශී චරිත තමයි සන්ජේ ලීලා බන්සාලි කරන් ජොහාර්, සිනමාකරුවන් මේ දෙන්නා මේ වන විට ‘ඉන්දියාවේ බොක්ස් ඔෆිස් සිනමාවක් තනන දෙපළක්’ කවදා හෝ මගේ හීනයත් අන්න ඒ ඔවුන් ඉන්දියාවේ තනන ඒ වාණිජ සිනමාව ඇති කරන්න තමයි කවදා හෝ මටත් ඕනේ.
අප්‍රසාදයෙන් කතා කරන චිත්‍රපට කර්මාන්තයට දැන දැන ඇතුළු වෙන්න නේද ඔබ මේ උත්සාහ ගන්නේ?
ඒකට හොඳම ගෝලය ගැහුවේ ආදරණීය ප්‍රාර්ථනා කළ වාසව බදුගේ අපිට හැත්තෑව අසූව යුගය ගේන්න පුළුවන් මිනිස්සු චිත්‍රපට බලනවා. දෙමළ හින්දි එන එන චිත්‍රපට අපේ මිිනිස්සු බලනවා. නමුත් අපි දෙන්න ඕනෙ සිනමාවක් මිනිස්සුන්ට දීලා නෑ. එක්තරා වකවානුවක පටන් ඒ දේ අපෙන් ඩ්‍රොප් වෙලා අපේ බ්ලඩ්වල අදටත් ජෝතිපාල ඉන්නවා. මාලිනී ෆොන්සේකා ඉන්නවා. අදටත් නළුවා නිළිය මල් ගස් වටේ දුවනවා. ඒක තමයි අදටත් අපි ඉල්ලන්නේ. ඒක නොදී වෙනම සිනමා සංස්කෘතියක් මේක ඇතුළට ගේන්න ගන්න උත්සාහයක් නිසානේ කර්මාන්තය බ්ලොක් වුණේ. යථාර්ථවාදී සිනමාවක් ඇවිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න තවත් වැඩි කළා. මිනිස්සු සිනමා ශාලාවකට ගියේ පැය කීපයකට හරි ප්‍රශ්න අමතක කරලා විනෝදයක් ලබන්න. එහෙම ගිය අය ඔලුවට තව ප්‍රශ්න දැම්මහම මිනිස්සු යයි ද සිනමා ශාලාවලට මිනිස්සු ඉල්ලන්නේ අදටත් විඳින්න සිනමාවක් මිසක් විඳවන සිනමාවක් නොවෙයි.
නිසි හැදෑරීමක් නොකොට චිත්‍රපට කිරීමත් මේ කඩා වැටීමට හේතුවක් නේද?
පැහැදිලියි. මම ඒක පිළිගන්නවා. අද නළුවෝත් නිළියෝත් චිත්‍රපට කරනවා. හරි හැදෑරිමක් නැතුව. මොනව කරන්න ගියත් ඒක අසාර්ථකයි. මම කියන්නේ යමක් හැදෑරුවොත් අවබෝධයක් තිබුණොත් අපිට සාර්ථක දෙයක් බිහි කරන්න පුළුවන් කියලා. අද මම චිත්‍රපටයක් කළොත් ටෙලි විෂන් හිට් එක ගැන මම සැලකිලිමත්. මගේ නිර්මාණයේ කාස්ට්එක මම තෝරන්නෙත් ටෙලි විෂන් හිට් එක ගැන හිතලා. අද මිනිස්සු රවට්ටන්න බෑ. ලෝක සිනමාව අද තමන් ළඟට ගෙන්න ගන්න යුගයක් නළුවා නිළිය අදින පලඳින කොස්ටියුම් එකේ ඉඳල අපි අද චිත්‍රපටයක් කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. ස්ක්‍රිප්ට් එක ෆේල් නම් මොනව කරලත් වැඩක් නෑ. අද මලයාලම් සිනමාව දුවන්නේ ස්කි‍්‍රප්එක හින්දා. බොලිවුඩ් වැටිල තියෙන්නේ ස්ක්‍රිස්ට් එක වැටිලා නිසා.
නවකයන් සම්බන්ධ කරගැනීම ප්‍රවීණයන්ට වඩා සාර්ථකයි කියල ද ඔබ හිතන්නේ?
නවකයන්ගේ තමයි බූස් එක තියෙන්නේ. ප්‍රවීණයෝ අත්දැකීම් මත දෙයක් කරයි . මුලින් බලන්නේ නම දිහා නොවෙයි. ආටිස්ලා දිහායි ෆේ‍්‍රම් එක දිහායි. මේක අමුතුයි නේද මේක බලන්න ඕනෙ නේද? නම් මොකුත් වැඩක් නෑ. සින්දු කියන්නේ කවුද ඒවා වැඩක් නෑ. මුලින්ම කතාවේ ටේ‍්‍රලර් එක බලපුවහම, හිතෙනවා ඒක බලන්න අන්න ඒක බලපුවහම එයා පරණ ද නවක ද කියන එක නොවෙයි මිනිස්සු ඇද බැද ගන්න පුළුවන් සිත්තමක් අපිට දෙන්න පුළුවන් නම් අන්න එතැනයි වැදගත්. ඒකට නම වැදගත් නෑ කියලයි මම හිතන්නේ. අද දකුණු ඉන්දීය සිනමාව ආටිස්ලා ස්කි‍්‍රන් එකට ගේන විධිය අන්න ඒ හිතන සහ ගේන විධියේ වෙනස තමයි වැදගත්.
අද චිත්‍රපටයක් කළත් චිත්‍රපටයක් පෙන්නා ගැනීම මහා ගැටලුකාරී බවයි. බොහෝ දෙනා පවසන්නේ?
දේශපාලනීකරණයත් මේකට එක හේතුවක් නමුත් චිත්‍රපටයක් දුවනවා නම් ඒක පෙන්වන සිනමා සමාගම්වලටත් ගැටලුවක් නෑ. අපි මිනිස්සු බලන චිත්‍රපට කළොත් මේක ගැටලුවක් නොවන බවයි මගේ හැඟීම.
අද ප්‍රවේශ පත්‍ර ගාස්තුව බලපෑමක් වෙලා නැද්ද සිනමාවට?
එහෙම වෙලා තියනවා. නමුත් එන්ටර්ටේන්මන්ට් ත්‍රිල් එක ගන්න මිනිසුස් ආසයි. චිත්‍රපටයක් බලන මුදලින් හාල් කිලෝ දෙක තුනක් ගන්න පුළුවන් වුණත් මිනිස්සු ආශයි විනෝදාස්වාදය විඳින්න. ඒකනේ මිනිස්සු ට්‍රිප් යන්නේ අද ඒකට යන වියදමත් සුළුකොට තකන්න බෑ. ඒ නිසා වේලක් හරි වේලක් කෑවත් හොඳ දෙයක් ආවොත් ලැබුණොත් මිනිස්සු මුදල කියන දේ ඉස්සරහට නොගෙන ඒ අවශ්‍ය දේ විඳින්න ඒක යොමු කරයි.
ඔබේ නවතම සිනමා නිර්මාණය තුළින් නවකයෙක් සිනමාවට ගෙන්න ද ඔබේ අදහස?
නෑ. අද වෙනකොට ජනපි‍්‍රය තලයේ ඉහළින් වැජඹෙන හැම අංශයකම උදවිය මගේ මේ කාර්යට යොදවා ගැනීම තමයි මගේ අපේක්ෂාව රඟපෑමෙන් හා අනෙකුත් සියලු කටයුතු වලදී ඒ අද ජනපි‍්‍රයතලයේ මූලිකයන්ට මගේ ආරාධනය හිමිවෙනවා. එහෙම ගියොත් තමයි මට මගේ ප්‍රොඩියුසර් රැකගන්න පුළුවන් වෙන්නේ. අද ෆිල්ම් කරන්න එන්න කියන කොට ප්‍රොඩියුසර්ලා දුවන රටක අපි ඉන්නේ මොකද අපේම අය ප්‍රොඩියුසර්ලා විනාශ කළ නිසා.
ඔබේ ජනපි‍්‍රයත්වය මත ආරාධනා ලැබෙන පරිදි ඒ සියල්ල ඔබ භාරගන්නවද?
නෑ. මම කළොත් කරන්නේ එකයි. අදටත් මට ආයතන කීපයක්ම කතා කළා. ටෙලි නාට්‍ය කරන්න ඒත් මම ඒකට කැමැති නෑ. කරන තැන කරන්නේ එකයි. ඒක මගේ හැටි. මම තියල ගහන ඩිරෙක්ටර් කෙනෙක් නෙමේ හිතල බලල සැලසුම් කරල හරියට ටක්කෙට ගහන ඩිරෙක්ටර් කෙනෙක් මම.
පාසල් අධ්‍යාපනය තුළ පටන් ඔබ කලාවට ළෙන්ගතු ද?
කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය කොළඹ ඉසිපතන විද්‍යාලය තුළ මා අධ්‍යාපනය හැදෑරුව පාසල් තුළ මම කලා කටයුතු වලට දායක වීමක් නම් කළේ නෑ. පුංචි කාලේ පටන් චිත්‍රපට බලන්න නම් ගොඩක් ආශා කළා. පවුලේ දෙමාපියන් කවුරුවත් කලාවට සම්බන්ධ නෑ. හැබැයි මට අදටත් ඔවුන් ආශිර්වාද කරනවා මගේ ගමනට.
ඔබ බලාපෙරොත්තු වන ගුණාත්මකභාවයෙන් යුත් චිත්‍රපටයක් කරන්න අද කොපමණ මුදලක් ආයෝජනය කරන්න වෙයි කියලද ඔබ හිතන්නේ?
මට ලක්ෂ දෙසීයක් තියනවා නම් ඒ හොඳටම ප්‍රමාණවත් මා බලාපොරොත්තු වන ආකාරයේ හොඳ චිත්‍රපටයක් කරන්න.
දිල්ෂාන්ගේ ගමන් මගේ අත් උදව්කරුවෝ වුණේ කවුද?
ෂර්මිලා ධර්මරාසා, තිමිල උඩලමත්ත, සඳුන් බණ්ඩාර, රෙනෝද සිල්වා, වින්සන් ද සිල්වා මහත්ම මහත්මීන් මොවුන් නොවන්නට සමහරවිට කලා ක්ෂේත්‍රයට දිල්ෂාන් අමරසිංහ කෙනෙක් බිහි නොවන්න ඉඩ තිබුණා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න