‘අත්තම්මා’ ටෝකියෝ අන්තර්ජාතික සම්මානයට

නොවැම්බර් 24, 2022

 

12 වැනි ටෝකියෝ Docs අන්තර්ජාතික සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකිකයකු පළමු වරට සම්මානයට පාත්‍රවිය. ඒ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නිෂ්පාදිත නිශාදි රුවන්මලි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ ‘පාර කියන අත්තම්මා’ කෙටි වාර්තා වැඩසටහන උදෙසාය. මෙහි කැමරාකරණය සමන් අබේගුණවර්ධන, සංස්කරණය දිමුත් කුරුප්පු, තාක්ෂණික සහාය ජයන්ත පුෂ්පකුමාර, අධ්‍යක්ෂණය, පිටපත, පසුබිම් කථනය නිශාදි බණ්ඩාරනායකගෙනි. කෑගල්ල පරගම්මන පදිංචි ලිලි වයලට් නම් වියපත් කාන්තාව කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොමැතිව සිදු කරන ස්වේච්ඡා සේවය මේ වාර්තා වැඩසටහනින් කියවේ. ඇය බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට උදේ සිට හවස් වන තුරුම දරුවන් පාර මාරු කරවන්නීය. දරුවන්ගේ ආරක්ෂාව හා එයින් ලබන සතුට ඇයගේ පරම අභිලාෂය වී ඇත.