වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
ලොකු හිනාවක්...

රනිල් කුලසිංහ අධ්‍යක්ෂණය කරන ‘සිත්යාය’ අලුත්ම ටෙලි නාට්‍යය සඳහා නළු නිළියන් පසුගියදා ගිවිසුම් අස්සන් කළා. එහි පැමිණ සිටි නිල්මිණී තෙන්නකෝන් පැමිණ සිටි සියලු දෙනා සමඟ ඡායාරූප ගනිමින් සිටියා. හිටි හැටියේම නිල්මිණී ඒ පිරිසට ‘පොඩ්ඩක් ඉන්න’ යැයි කියමින් දඩිබිඩියේ මේසය ළඟට දිව ගියා. එහි අසුන්ගෙන සිටියේ විධායක නිෂ්පාදක තිලක් සමරසිංහ, නිෂ්පාදක බෙවන් පෙරේරා සහ අධ්‍යක්ෂ රනිල් කුලසිංහයි. ඔවුන් නිල්මිණිට යමක් ලබා දුන්නා. එය දුටු නිල්මිණිගේ මුහුණ මලක් මෙන් පිපුණු ආකාරය ගැන කවුරුත් සැලකිලිමත් වුණා. මොකද වෙන කිසිදාක නොදුටු තරම් ලස්සන සිනාවක් ඇයගෙන් දකින්න ලැබුණු නිසා. එයට හේතුව ගිවිසුමට අදාළ චෙක්පතේ සඳහන් මුදල කියලයි එතැන සිටි අය නම් කීවේ. කොහොම වුණත් චෙක්පත ලබා ගත් පසු යළිත් වරක් නිල්මිණී තමන් සමඟ ඡායාරූප ගන්නට සූදානම් අය වෙත ගියේ සතුටත් ආදරයත් සිතේ පුරවාගෙනයි.