වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
29 දා සජ්ඣායනා නිමයි වොයිස් ශ්‍රී ලංකා ඇරැඹෙයි

සිරස නාලිකාවේ විකාශය වූ සජ්ඣායනා සංගීතමය වැඩසටහනේ පළමු එළිමහන් ප්‍රසංගය ලබන සෙනසුරාදා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පස්වරුවේ පැවැත්වේ. පළමු වැඩසටහනේ සිට මේ දක්වා ජනප්‍රිය වූ ගීත රැසක් එදින ගායනයට නියමිතය. ආයු සංගීත කණ්ඩායමේ නාද රටාවට ආදිත්‍යා, හශේන්, එරන්දි, සියුමිණි, අයේෂ්මා, විනාත්, ඉසිතා, සන්දිප්, සවින්දි, දසිත්, ශේහාරා, මයුමි, ශෙමේල්, නර්තනා, රශ්මි යුගේන්ද්‍ර, දිල්මි, සාක්‍යා, සියුම්, ලිහිනි, දැහැමි යන සිරස වොයිස් තරු එදින ගී ගයති.
චන්දන සූරියබණ්ඩාරගේ අධීක්ෂණය යටතේ සිදු කරන මෙම ප්‍රසංගය ධනේෂ් උපුල්ගේ අධ්‍යක්ෂණයෙන්ද විරාජ් ජයමාන්නගේ නිෂ්පාදනයෙන්ද සමන් ධම්මිකගේ පිටපතට නිමැවෙන්නකි.
ඔක්තෝබර් 29 වැනිදා සිට රාත්‍රි 8.30ට විකාශය වනුයේ වොයිස් ශී‍්‍ර ලංකාහි දෙවැනි අදියරයි. මෙය වැඩසටහන් 56කින් සමන්විතය.