වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
වසන්ත ඔබේසේකරයන් මට ආභාසයක් වුණා

මේ වැටුණු වැටිල්ලට ටෙලි නාට්‍ය කලාවෙන් තරුණ පිරිස ඈත් වුණා
ඉක්මනින් බිඳෙනසුලූ ‘වීදුරු මල්‘ වැනි ජීවිත සහ ඒ වටා බැඳුණු සිදුවීම් මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් ඔබ දකිනවා නියතයි. ධනුක නම් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවා අමාත්‍යාංශයක සේවය කළ කාලේ ආණ්ඩු කළ අය දැන් පැරදිලා. ඔහු පෞද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරනවා. ධනුක යෝජිත විවාහයක් කරගෙන ඉන්නේ. ඒ බිරිඳ හොඳ ගෘහිණියක්. ඇයට කලින් පෙම්වතුන් එහෙම ඉඳලා නෑ. ඔවුන් ආදරය කර විවාහ වුණා වගේ තමයි ජීවත් වෙන්නේ. මේ අතර හිටපු ඇමැතිවරයා ඔහුට කතා කරලා පරිගණකයේ තිබුණු පරණ ලිපිගොනු වගයක් වෙන් කර දෙන්න කියනවා. එය සිදුවන්නේ ධනුකගේ උපන්දිනය දවසේ. කන්තෝරුවේ තිබුණු පරණ ලැප්ටොප් එකත් අරගෙන ධනුක ඒ ඇමැතිවරයාගේ ගෙදර යනවා. අවශ්‍ය කටයුතු ටික කර දී ආපසු එද්දි මෝටර් බයිසිකලයකින් ලූහුබඳින දෙන්නෙක් මොහුට පහර දී ඒ ලැප්ටොප් එක පැහැරගෙන යනවා. ඔවුන්ට අවශ්‍ය ලිපි ගොනු ඒ ලැප්ටොප් එකේ නෑ. ඒත් ධනුකගේ පරණ පෙම්වතිය සමඟ ගත කළ සුන්දර පේ‍්‍රමණීය අවස්ථාවල පින්තූර එහි තිබෙනවා. ඇය ශල්‍ය වෛද්‍යවරියක්. මංපහරන්නන් කියනවා ඔවුන්ට අවශ්‍ය තොරතුරු දෙන්නේ නැත්නම් පරණ පෙම්වතිය සමඟ ගත් රහසිගත ඡුායාරූප පෙන්වා ඇය බ්ලැක්මේල් කරන බව. මේ අතර අදාළ ඇමැතිවරයාට අවශ්‍ය ඔවුන්ගේ පක්ෂයේ නායකයා බවට පත් වීමටයි.
බුද්ධි අංශ වාර්තාවලට අනුකූලව කලින් ආණ්ඩු නායකයකු මේ ඇමැතිවරයා සමඟ කී රහසිගත කතාවක වීඩියෝව ලබා ගැනීම සඳහායි මේ සියල්ල සිදුවන්නේ. ධනුකගේ පරිගණකයේ ඇති තොරතුරු ලබා ගැනීමට බාර දුන් තරුණිය තවත් තරුණියකගේ ආත්ම ඝාතනයට අකැමැති වීම නිසා ඇයව ද මරා දැමීමට මේ මංකොල්ලා කණ්ඩායම කටයුතු කරනවා. එහෙත් ඊට පෙර ඇය ශල්‍ය වෛද්‍යවරියට අදාළ දත්ත ලබා දී ඇයට ද ජීවිත අනතුරක් ඇති බව දන්වනවා. වෛද්‍යවරිය ඈත ගමකට පලාගොස් සාමාන්‍ය තරුණියක් ලෙස ඉඳිමින් ජීවිතය බේරා ගන්නවා. එහෙත් ධනුකගේ ජීවිතය බේරා ගැනීමට කිසිවෙකුට නොහැකි වෙනවා. ධනුකගේ බිරියත් වෛද්‍යවරියත් අතර තිබූ දැඩි වෛරය මිත්‍රත්වයකට පෙරළෙන්නේ මේ අහිමිවීමත් සමඟයි. එහිදී ධනුක සහ වෛද්‍යවරිය අතර සම්බන්ධය ගිලිහුණු හේතුව ද අනාවරණය වෙනවා. යම් හේතුවකට අත්අඩංගුවට ගත් ඇමැතිවරයා නිදහස් වූ පසු මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වනවා. එයට ශල්යවෛද්යවරිය සැඟවුණු ගමේ සිට එන්නේ ධනුකගේ බිරියත් සමඟ. අවසානයේ ධනුකගේ ජීවිතයට ඇත්තෙන්ම සිදු වුණේ කුමක් ද කියා දැනගන්න නම් වීදුරු මල බැගින් දිනපතා නෙළාගෙන බලන්නම සිදු වෙනවා. වීදුරු මල් චාමර ජනරාජ් පීරිස් ප්‍රවීණ අධ්යක්ෂවරයාගේ නවතම ටෙලි නාට්‍යයයි. අයාල්, පියවි, යාය 4, ත්‍රිමාණ, බටහිර අහස, ඇන්ඞ්රොමීඩා, වීවීඅයිපී, ඇසිඞ් ආදී වෙනස් ආරේ ටෙලි නාට්‍ය රැුසකින් ඔබේ ඇස, හිස පිනවූ ඔහුගේ මේ අලූත් කතාව පිළිබඳ සරසවියට ඔහු කී අදහස් බිඳකි මේ...
කොහොමද මේ වීදුරු මල් නිර්මාණය වෙන්නේ?
පසුගිය අවුරුද්දේ මේ වගේ කාලේ මම කොවිඞ් හැදිලා හිටියේ. දැන් කාලේ වගේ නෙවෙයි ඒ දවස්වල අනිවාර්යයෙන් සති තුනක් කාමරේට වෙලා ඉන්න එපැයි. මට දරුණුවටම ලෙඬේ තිබෙන බව කීවාට මගේ ඇඟට ලොකු අපහසුවක් දැනුණේ නැහැ. ඔහොම ඉද්දි මම කතාවක් ලියන්න ගත්තා. මම කාලයක් ජනාධිපති ළඟත් හිටියා, ඇමැතිවරයෙකු ළඟත් හිටියා. ඒ අත්දැකීම්වලින් මට හිතුණා අමාත්‍යාංශයක පරිගණක ඒකකය බාරව හිටිය නිලධාරියා ගැන කතාවක් කරන්න. ධනුක කියන්නේ ඒ නිලධාරියා. ඔහු වටා තමයි මේ කතාව ගොඩ නැෙ`ගන්නේ.
ඒත් ධනුක මඟදි අතුරුදන් වෙනවා?
ඔවු. ධනුකව ආණ්ඩු පක්ෂෙන් වගේම විපක්ෂෙන් පන්නලා නැති කරලා දානවානේ. (සිනාවක්) ඒ නිසා බිරිඳගේ සහ කලින් පෙම්වතියගේ මතකයෙන් තමයි කතාව කියන්නෙ.
මේ කතාවේ ඇතැම් කොටස් සමහරුන්ට පැටලෙනවා කියලා ඔබට චෝදනාවක් ආවා?
ඔවු. හැබැයි ඒක සිදු වන්නේ දිගටම මෙගා ටෙලි නාට්‍ය බැලූව අයට. සෝප් ඔපෙරා බලන්න පුරුදු අයට මෙහි සමාන්තර සිදුවීම් ගෙනෙන විදිහ එහෙම තේරුම් ගන්න අමාරු වෙන්න ඇති. එයට සංස්කරණ ශිල්පයේදී කියන්නේ පැරලල් කටිං කියලා. ඒ වගේම තවත් සමහර සිදුවීම්වලදි ජම්ප් කට්ස්වලට යන්න සිදු වෙනවා. එතකොට කතාව පැන්නුනා වගේ දැනෙන්න ගන්නවා සුපුරුදු ක්‍රමය නොවන නිසා. ඒ්ත් හරියට කතාව තේරුම් ගන්න පිරිස යූටියුබයේ මෙය නරඹලා ඉතාම හොඳ ප්‍රතිචාර ලබා දී තිබෙනවා. ඇත්තෙන්ම මේ වැනි කතාවක් ලියන්න ඉතින් මම වගේම ‘පිස්සෙක්‘ වෙන්න ඕනෙ. (නැවතත් සිනාවකින් යුතුව) සමහරු කියන්නේ මේ කතාව පිළිවෙළට ලියලා සීලිං ෆෑන් එකට කොළ ටික හුළෙඟ් ගියාම අහුලපු පිළිවෙළට අංක දාලා කියලා. ඔය කතාව කලින් කීවේ වසන්ත ඔබේසේකර අපේ ප්‍රවීණ අධ්යක්ෂවරයාගේ චිත්‍රපටවලට. මම ඔහු තරම් විශිෂ්ටයෙක් නම් නෙවෙයි. ඒත් මම ඔහුගේ දොරකඩමාරාව වැනි චිත්‍රපටවලින් ආභාසය ලැබුවා. ඉතින් මේ ක්‍රමයට ප්‍රිය කරන අය වැඩි නිසා මට දැන් කොටස් පනහෙන් ඉවර කරන්නේ නැතිව කොටස් සියයක් දක්වා කතාව රැුගෙන යන්න කියා ඉල්ලීමක් තිබෙනවා. සියයක් කෙසේ වෙතත් කොටස් අසූපහක් පමණ නම් ලේසියෙන් මේ කතාවට යන්න පුළුවන් වෙයි.
ඔබ මෙගා ටෙලි නාට්‍ය සංස්කරණය ගැන විශේෂයෙන් සඳහන් කළේ ඇයි?
අපි ටෙලි නාට්‍ය කලාවට එන්න කලින් පරාක්‍රම නිරිඇල්ලලාගේ පරපුර හිටියා. ඉන් පස්සේ ජයන්ත චන්ද්‍රසිරිලාගේ පරපුර ආවා. ඒ කාලවල ටෙලි නාට්‍යයට දැන්වීම් ගන්නවා මිස දැන්වීම් පෙන්වා ගැනීමට ටෙලි නාට්‍ය හදන්නේ නෑ. මේ වෙද්දි වෙළෙඳ අංශයෙන් දෙන පීඩනය දරාගන්න බැරිව ඉන්දියානු, තෙළිඟු, තුර්කි වගේ නාට්‍ය ප්‍රතිනිර්මාණය කරන්න නාලිකා අධ්‍යක්ෂවරුන්ට කතා කරන්න ගත්තා. මටත් එවැනි ආරාධනා ආවා. ප්‍රවීණම අය ඒවා ප්‍රතික්ෂේප කළාම ඔවුන් හැලිලා ගියා. ඊට පස්සේ ආව අධ්‍යක්ෂවරුත් ඒවාට කැමැති වුණේ නැහැ. ඒ නිසා නිර්මාණයක දෙවැනි තුන්වැනි පෙළේ ඉන්න සහාය අධ්යක්ෂවරු විතරක් නෙවෙයි සමහර ටී බෝයි මට්ටමේ අය පවා තමන්ට ලැබුණු හොඳ අවස්ථාවක් කියලා ඒ නාට්‍ය හදන්න ගත්තා. ඒ අය අතට ගිය නාට්‍යවල දෙබස් මේ වගේ. (ඔහු කියා පෙන්වයි)
”ඔයා ?ට පාන් ද කෑවේ. මමත් කෑවේ පාං. මට නම් පාං කාලා ඉන්න හරි අමාරුයි අනේ.” (සිනාවකින් පසු) මේ දේවල් බලන්න ගත්තේ ගෘහිණියෝ. ඔවුන්ට යෝගට්, කිරි පැකට් විකුණගන්න හොඳම ක්‍රමය තමයි ඒ. ඒ නෝනලාගේ මහත්තුරු කොච්චර ලොකු අය වුණත් සුපර් මාර්කට් එකට ගියාම නෝනා බලන වෙළෙඳ දැන්වීම්වලට අනුව තමයි බඩුමූට්ටු තෝරන්නේ.
මේ වැටුණු වැටිල්ලට ටෙලි නාට්‍ය කලාවෙන් තරුණ පිරිස ඈත් වුණා. මගේ දරුවන් පවා අපේ නාලිකාවල කතා නොබැලූවාට ටෙලිවිෂනය සමඟ බද්ධ වෙනවා වෙනත් ක්‍රම ඔස්සේ. මොකද පිටරටවල ටෙලි නාට්‍යවලට කරන වියදම සහ ඒ ගැළපිල්ල අපට කරන්න බෑ.
ඒකට විදෙස් ටෙලි නාට්‍ය තහනම් කරන්න ටෙලි ශිල්පීන් උත්සාහ කළානේ?
ටෙලි නාට්‍ය ශිල්පීන් එකතු වෙලා විදෙස් ටෙලි නාට්‍ය තහනම් කරලා මේකට උත්තර හොයන්න බෑ. අපි කළ යුත්තේ ඒ නාට්‍යවලට පුළුවන් හැටියට තරගයක් දෙන එක. පසුගිය වකවානුවේ සියල්ල ඇනහිටලා තිබුණත් මීට මාස හයහතකට කලින් ඉඳන් ආයෙත් ඒ තත්ත්වය වෙනස් කරගන්න, හැරවුමක් ගන්න තරුණ පිරිස් කටයුතු කරන බව පේනවා.
අපි අවංකව පිළිගත යුතුයි සමහර ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ ටෙලිනාට්‍යවල වේගය හරි අඩුයි. ඒත් අපේ සමාජය දැන් හරි වේගවත් වෙලා. තරුණ පරපුර වෙනස් වෙලා. මමත් 2019න් පස්සේ මුකුත් නොකර ඉඳලා මේ කතාව පටන් ගත්තේ මේකත් ප්‍රතික්ෂේප වුණොත් ආයේ නිර්මාණ කරන්නේ නෑ කියලා හිතාගෙන. ඒත් මම අද සමාජයේ වේගය නැත්නම් ලය හඳුනගත්තා. කතා කොටසක මිනිත්තු විස්සකට අඩු කාලයකදි දර්ශන දහයක් පමණ යොදන්න හේතුව ඒකයි. අපි නිර්මාණකරුවන් හැටියට සමාජය සමඟ වෙනස් විය යුතුයි. පරණ අධ්යක්ෂවරුන් වුණත් එය තේරුම් ගත යුතුයි.
ඔබ හිතන්නේ තරුණ පරපුර ඉතාම දැනුම්වත් කියලාද?
මම උදාහරණයක් කියන්නම් එයින් ඔබ තේරුම් ගන්න ඔවුන් හිතන පතන විදිහ. හොරණ ශ්‍රීපාලි මණ්ඩපයට අලූතෙන් සිසුන් බඳවා ගැනීමේ පරීක්ෂක මණ්ඩලයට මමත් සහභාගී වුණා. එහි ආ දුවකගෙන් මණ්ඩල සාමාජිකයෙක් විමසුවා නුවර පෙරහැරේ මුලින්ම යන්නේ කවුද කියලා. අපි කවුරුත් දන්න පිළිතුර තමයි පෙරමුණේ රාළ. ඒත් ඇය කීවා 119 පොලිස් මුර වාහනය කියලා. සාමාජිකයන් කීපදෙනකු මේ පිළිතුරට කලබල වුණා. ඒත් මම කීවේ ඒ පිළිතුරට කලබල නොවිය යුතුයි කියලා. මොකද අද තරුණ පිරිස් හිතන මතන විදිහ ගැන අපි තේරුම් ගත යුතුයි.
ඒ වගේම තමයි මම පසුගිය දවසක සුපිරි වෙළෙඳ සැලක දුවන පඩිපෙළේ ගමන් කරද්දි ලස්සන තරුණියකුත් තවත් ඇයටම ගැළපෙන වයසේ තරුණයෙකුත් ඒ පඩි පෙළේ ගමන් කළා. අපේ තරුණ කාලේ නම් අපි නිසැකයෙන්ම ඒ තරුණිය දෙස බලනවා. ඇයත් බලනවා. කතා කරන්න උත්සාහ කරනවා. ඒත් ඔවුන් දෙදෙනාම ගියේ ජංගම දුරකථනවලට ඇස් ඔබාගෙන. මම ඔවුන් දෙදෙනා දිහා වගේම අවට දිහා බලමින් ගියා. ඒ තමයි අද තාරුණ්‍යයේ වෙනස.
ඔබ කියන්නේ පරම්පරා වෙනස ගැන?
පරම්පරා වෙනසෙත් වෙනසක් වෙලා. ඉස්සර පරම්පරා දෙකක වෙනසට අවුරුදු 50ක් විතර අයිතියි. එය අපේ කාලේ වන විට අවුරුදු විස්සකට විතර අඩු වුණා. දැන් එය අවුරුදු දෙක තුනකට තරම් කෙටි වෙලා. වයස අවුරුදු 30ක කෙනාට වඩා 25 වයසේ ළමයි වෙනස්. ඒ විසිපහේ ළමයින්ට වඩා 20 ළමයි වෙනස්. අපේ පරපුර මාර අමාරුවෙන් විශ්ව කෝෂ කියවලා, පොත් පත් බලලා හොයාගත් දේවල් ඔක්කොම අද ජංගම දුරකථනයෙන් ගූග්ල් කළාම ලේසියෙන් බලාගන්න පුළුවන්. 2006 ස්මාර්ට් ෆෝන් අවේ පරිසරයේ තිබුණු රික්තයක් පුරවන්න. ඒක හොඳද නරකද කියන එක වෙනම හෙව්වත් අපට අද දකින්න තිබෙන්නේ එයින් ඇති වුණ තත්ත්වය තමයි. දුරකථනය ඔස්සේ ඔවුන් හරිම හුදෙකලාව තමන් ‘මාර පොරක්‘ වෙනවා. ඒත් එළියට ආවාම බල්ලෙක්වත් අඳුනන්නේ නෑ.
ඔය තත්ත්වය නිසා හරිනම් ඇමෙරිකාව සහ රුසියාව වගේ රටවල් විනාශ වෙලා තිබෙන්න ඕනෙ. හැබැයි එහෙම වුණේ නෑ. මේ දේවල් බැනලා වේවේචනය කරලා හදන්න බෑ. අපි එකතු වෙලා මේ ක්රමයේ අවුල් කොටස් ඉවත් කරන්න ඕනෙ. එහෙම නැතිව වෙනස් කරලා මේක හදන්න හැදුවොත් අපි ප්‍රතික්ෂේප වෙනවා.
මම මෙතැනදි පුදුමයට පත් වෙන තවත් දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි අපි කොච්චර නව තාක්ෂණය සමඟ යනවා කියලා කීවත් පට්ට බොරු කරන සාස්තරකාරයෝ වෙනුවෙන් තියෙන ඉඩ වෙනස් වෙන්නේ නෑනේ? ඒක මොන සිද්ධාන්ත ක්රමයකටවත් මටනම් පැහැදිලි කරගන්න අමාරුයි.
ඔබේ චිත්‍රපටය තවම තිරගත වුණේ නෑ?
ඔව්. එය ප්‍රදර්ශනය කරන්න යන දෙවතාවෙම කොවිඞ් නිසා සිනමා ශාලා වැහුණා. මේ අවුරුද්දේ කොහොම හරි නිදහස් කරන්න බලනවා. නැත්නම් නිෂ්පාදකවරයා අපහසුවට පත්වෙනවා.
සිනමා කර්මාන්තය ගැන ඔබේ අදහස?
චිත්‍රපට කලාව නම් වැටිලා ගොඩක් කල්. කොවිඞ් නිසා එය වළපල්ලටම ගියා. ඇත්තටම ඊට පෙරත් ආව බොහොමයක් චිත්‍රපට කිසි වැඩක් නැති ඒවා. දැන් ඉන්න තරුණ පරපුරට හරියන විදිහේ ක්‍රමයක් හුරු වුණොත් සිනමාව දුවයි. ටෙලි නාට්‍යවලට නම් කොහොම හරි ගමනක් තිබෙනවා. ඒත් චිත්‍රපටවලට එහෙම බෑ. අපි කාලෙට අනුව හැඩ ගැහෙන්න ඕනෙ. නැත්නම් ඇත්තමයි මම ක්ෂේත්රයෙන් අයින් වෙනවා.
ඔබ නිර්මාණකරණයේදි යොදා ගන්න උපක්‍රමය?
මම ටෙලි නාට්‍යයක් කළත් සම්පූර්ණ පිටපත ලියලා කරන කෙනෙක් මිස එදා වේල ටුවර්ස් වගේ ඉන්න නළු නිළියන්ට හරියන්න කොටස් කරන කෙනෙක් නෙවෙයි. මම අද කතාව ලියලා නින්දට ගියාම සමහර විට වෙනස් දෙයක් මට නින්දෙන් හෝ හිතෙනවා. ඒ වෙලාවට මම එය අමතක නොවෙන්න ජංගම දුරකථනයේ හරි සටහනක් දාගන්නවා. එහෙම වෙනස් කරමින් තමයි කතාව ගොඩ නඟන්නේ. ඒ ගොඩනැෙ`ගන අවස්ථාව අනුව හේතු හදලා සාධාරණීකරණය කරලා සිද්ධි සසඳලා බලනවා හරිද කියලා. වීදුරුමල් කතාවෙත් එය දකින්න පුළුවන්. මම යම් දෙයකින් එක දර්ශනයක් ඉවර කළොත් ඊළඟ දර්ශනය ඊට සමාන සිදුවීමකින් පටන් ගන්නේ. උදාහරණයකට නළුවාගේ ඇස් කළු පටියකින් බැඳලා ගෙනෙන දර්ශනයක් තිබෙනවා නම්, ඊළඟ දර්ශනය පටන් ගන්නේ නිළිය සෙල්ලමට ඇස් බැඳලා කියනවා මම ඔයාව තුන්වැනි ඇහින් බලලා අල්ලගන්නවා කියලා. ඒ වගේම වර්තමානය අතීතය සමඟ එකට ගමන් කරන රටාවක් වීදුරු මල්වලින් දැක්වෙනවා.
සාහිත්‍ය අපෙන් ගිලිහීම නිර්මාණවල ගුණාත්මක බවට බලපෑවේ කොහොමද?
මම මේ කියන දේට ඔබ වගේම තව කී දෙනෙක් එකඟ වෙයිද මම දන්නේ නෑ. සමහර විට බොහෝ දෙනකු මෙය පිළිගන්න එකකුත් නෑ. ඒත් අපේ රටේ ගොඩක් දේවල් තිබුණේ මම තමයි ප්‍රාඥයා කියන ක්‍රමය යටතේ. මම ‘හෙළුවෙන් වණන්න‘ දන්නවා කියලා තමයි ඒ අය කීවේ. ඒත් අපේ භාෂාවේ ණ,න,ල,ළ,ශ,ෂ වගේ අකුරු වෙනස් වුණා කියලා හඬ උච්චාරණයේ වෙනසක් ඇතිවෙලා තිබෙනවාද? ඒත් වෙන රටවල භාෂාවල ඒ වෙනස තිබෙනවා. උදාහරණයකට රුසියාවේ ඒ අකුරු අනුව හඬ වෙනස් වෙනවා. අපේ අය මේ සියල්ල කළේ ‘මම පොර‘ වෙන්න. ඒ නිසා අපේ දරු පරම්පරාවලට ඒ දැනුම පොවාගන්න බැරුව ගියා. ඒත් රුසියන්කාරයා ඒ දේ ඊළඟ පරම්පරාවලට පෙව්වා. ඇමෙරිකාවේ ළමයි කිසිම දෙයක් දන්නේ නෑ. ඒත් එයාලාට අවශ්‍ය දෙයක් නම් මුල සිට අගට දන්නවා. අපේ දැනුම පොඩි අයට උකහා ගන්න දෙන්න බැරි වුණේ අපේ ලොකු අයගේ වැරැුද්දෙන්.
ඔබ නිර්මාණවලට අලූත් පිරිස එකතු කරගන්න රුසියෙක්. ඔවුන් ගැන ඔබේ අදහස?
අලූත් නළු නිළියන් පළමුව රංගනයට වැටුණ තැන අනුව තමයි ඔවුන්ගේ ශිල්පය හැදෙන්නේ. සමහර පොඩි අය පවා හරි විදිහේ අධ්යක්ෂවරයකු යටතට මුලින්ම වැටුණාම චරිතය ආරෝපණය කරගන්න, චරිතයට ආරූඪ වෙන්න දන්නවා. අපේත් ඉන්නවා අමීර් ඛාන්ලා පිරිසක් සහ ෂාරුක් ඛාන්ලා පිරිසක්. සමහරු කොච්චර කළත් පෙනී හිටිනවා විතරයි. එය අධ්යක්ෂවරයාගේ අතෙත් තිබෙන දෙයක්. සමහර අධ්යක්ෂවරු නළු නිළියන්ගෙන් ගොඩයන්න හදනවා. සමහර නළු නිළියන් ඉන්නවා අධ්යක්ෂවරයාගෙන් මෙහෙයවෙන්න කැමැත්තෙන් ඉන්න.
ඔබේ ඉදිරි කටයුතු ගැනත් කියමු?
මේ දිනවල නම් වීදුරු මල් ටෙලි නාට්‍යයේ ඉදිරි කොටස් සංස්කරණය කරනවා. ඊට අමතරව මගේ කුලූඳුල් චිත්‍රපටය ‘උතුරු සුළඟ‘ ප්‍රදර්ශනය කිරීමට ලැබේවා කියන ප්‍රාර්ථනයෙන් ඉන්නවා.