වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
සිහින දිනවන මිලියන 5ක කතාව

කෑලි කපන කළුවර. කළු ඇඳගත් ගැහැනු සහ මිනිස්සු. අපි එකිනෙකාට රහසින්වත් කතා කරගන්න බැරි තරම් නිශ්ශබ්දතාවක්. එකවරම රූප රාමු පෙළක්. කළු පැහැති සුපිරි රථයකින් මල්ලක් පැහැරගන්න දරන උත්සාහයක්. ඒ අතට මේ අතට වෙඩි හඬ. මල්ල බේරාගෙන එන පිරිස දැන් අප සිටින ස්ථානයට ළඟා වෙමින් සිටින අයුරු දැක්වෙන දර්ශනයක්. ඉංග්‍රීසියෙන් කෙරෙන නිවේදනයක්. ”ඔබ රැඳී සිටින ස්ථානයට මේ මොහොතේ අති විශාල මුදලක් රැුගත් පිරිසක් පැමිණෙන බැවින් ඔවුන්ට බාධා නොවන පරිදි ඔබගේ අසුන්වලම රැුඳී සිටින්න.” කළු කණ්ණාඩි පැලඳ සම්පූර්ණ කළු අඳුමින් සැරසුණු ආරක්ෂක පිරිසගේ රැුකවරණය යටතේ බටහිර පන්නයට සැරසුණු කාන්තාවන් දෙදෙනකු මුදල් මිටි රැුසක් එළියට ගන්නා අයුරු. ඒ මිටිවලින් පිරමිඩයක ආකාරයට කරන සැරසිල්ලක්. දැඩි නිහඬතාවක්. මේ මුදල් කීයක්ද? මොකටද? කාටද? කනට නෑහෙන කසුකුසුවක්. කුතුහලය නිමවමින් කෙරෙන නිවේදනයක්.
”මේ ඔබ එක් වී සිටින්නේ සිරස ටීවී ෆයිව් මිලියන් මනිඩ්රොප් වැඩසටහන සමඟයි....”
ස්ටයින් මැදිරියේ අපූරු අත්දැකීමක් සමඟ සිරසෙන් ගෙනෙන නවතම වැඩසටහන ත්‍සඩැ ඵසකකසදබ ඵදබැහ ෘරදච සහෝදර මාධ්‍යයන්ට හඳුන්වා දුන්නේ එලෙසිනි. පසුගිය සෙනසුරාදා සිට සෑම සති අන්තයකටම රාත්‍රී 7.30 ට නොමිලේ ලැබෙන ලක්ෂ පනහක් රැුකගැනීමේ අවස්ථාව දෙදෙනකුට හිමි වෙයි. එහිදී වඩාත් වැදගත් වන්නේ තරගකරුවන් දෙදෙනාගේ එකඟතාව, කණ්ඩායම් හැඟීම සහ ක්ෂණිකව නිවැරැුදි තීරණය ගැනීමට ඇති හැකියාවයි.
මුලින්ම ලක්ෂ පනහක මුදල තරගකරුවන්ට හිමි වන අතර නිවේදකයා අසන සරල ප්‍රශ්න හතට නිවැරැුදි ලෙස මුදල් භාවිත කළහොත් සම්පූර්ණ මුදල රැුකගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමි වේ.
මෙය සිරස ලක්ෂපති මෙන් පැනයට පිළිතුරු දී මුදල උපයා ගන්නා වැඩසටහනක් නොවේ. මුලින්ම ලක්ෂ පනහ මේසය මත තබා තරගකාර යුගලගෙන් කැමැති විෂයයන් දෙකක් අතුරින් එකක් තෝරා ගැනීමට සලස්වයි. එය දෙදෙනාගේ එකඟත්වයෙන් තේරූ පසු ඒ විෂයය යටතේ සරල ප්‍රශ්නයක් විමසයි.
ඔවුන්ගේම නිදසුනක් ගනිමු.
පැන විමසන චරිත් අබේසිංහ තිරයෙහි ඇති මාතෘකා දෙක පෙන්වා - ඔබ කැමැති ගීත ගැන කතා කරන්නද වැඩසටහන් ගැන කතා කරන්නද?
තරගකාරියන් දෙදෙනා- ගීත... නෑ නෑ වැඩසටහන්. වැඩසටහන්. (තිරයේ ගීත යන්න ඉවත් වේ.)
චරිත්- හොඳයි එහෙනම් මෙන්න පිළිතුරු. (තිරයේ ඇති පිළිවෙළට කියයි) එක සිරස ලක්ෂපති, දෙක අපිනොදන්න ලයිව්, තුන පුංචි පහේ මං, හතර සිරස සුපර් ස්ටාර්.
දැන් අපි ප්රශ්නය යොමු කරනවා. (තිරය පෙන්වා) මේ අතරින් මුලින්ම ඇරැුඹි වැඩසටහන කුමක්ද? ඔබට ලක්ෂ පනහෙන් මේ පිළිතුරුවලට අදාළ ඩ්‍රොප් බොක්ස් තුනකට මුදල් වෙන් කළ හැකියි. එකක් හිස්ව තැබිය යුතුයි.
තරගකාරියන් දෙදෙනා පිළිතුරු හතර අතර අතරමං වූ බව පැහැදිලිය. තිබුණු මතකයත් කලබලයට ගිලිහී ගොසිනි. එයයි මේ තරගයේ රහස. ලක්ෂයේ මුදල් බන්ඩල වේගයෙන් ඩ්‍රොප් බොක්ස් තුනක් අතර මාරු වේ. පිළිතුර දන්නා අපට සිදු වන දේ දෙස බලා ඉන්නවා මිස කළ හැක්කක් නැත. දෛවයේ ස්වභාවය එයයි. ගැටලූවට මුහුණ දෙන අයම එය එකඟත්වයෙන්, සාමූහිකත්වයෙන් සහ වේගවත්ව නිවැරැුදි තීරණ ගැනීමට ඇති හැකියාවෙන් විසඳනවා විනා කොරස් කටෙත් අත දාගන්න බැරි කලබලයෙන් වරද්දා ගත යුත්තක් නොවේ. කෙසේ වෙතත් තත්පර හැට අවසානයේ අපි නොදන්න ලයිව් වෙත ලක්ෂයේ මිටි 18ක් ද ඉතිරි මුදල් තවත් බොක්ස් දෙකකද ඔවුන් තබා තිබිණි.
මෙහි ප්‍රශ්න හයක් දක්වා තීරණය වෙනස් කිරීමේ එක් අවස්ථාවක් ලැබේ. එහෙත් ඔවුන් එය ඉදිරි පැනයක් සඳහා ඉතිරි කරගත්තේ පිළිතුර පිළිබඳ විශ්වාසයෙනි. මතකය අපව කෙතරම් මුළා කරනවාද? හදවත සසල කරමින් ලක්ෂ තිස්දෙකක් පාතාලය වැනි ඩ්‍රොප් බොක්ස් දෙකක් තුළින් පහළට ඇදී ගියේ තරගකාරියන් දෙදෙනාගේ විලාපය නොතකාය. යන්ත්‍රවලට හිත්පිත් නැත. එහෙත් හරි තීරණයක සිටියා නම් යන්ත්‍ර පරදවන්නට හැකියාව තිබුණි. දැන් කළ යුත්තේ මේ ලක්ෂ 18 බේරාගැනීමට කටයුතු කිරීමයි.
දෙවැනි ප්‍රශ්නයට මැදිරිය සූදානම්ය.
චරිත් - ඔබ දෙදෙනා තෝරාගන්නේ කොණ්ඩයද රැවුලද?
තරගකාරියන් දෙදෙනා කතාබහ කොට - කොණ්ඩය කොණ්ඩය
චරිත්- එහෙනම් මෙන්න පිළිතුරු, ගිරිරාජ් කෞශල්‍ය, ජයලත් මනෝරත්න, විල්සන් ගුණරත්න, රොඞ්නි වර්ණකුල
හොඳයි දැන් අපි ප්රශ්නය ඉදිරිපත් කරමු... මේ අතරින් කොණ්ඩය නැත්තේ කාටද?
යළිත් දෙදෙනා කල්පනාවේය. ඔවුන් මතක හැටියට මේ රූපණවේදීන් සිව් දෙනාගේ හිස සිහිපත් කරන අතර මුදල් මිටි ඒ තීරණය අනුව අංක යෙ¥ ඩ්‍රොප් බොක්සය මත තැබූයේ වෙව්ලන දෑතිනි. තමන්ගේ තීරණයට හේතු දක්වමින් එක් එක් නළුවන් පිළිබඳ මතක පවසන ඔවුහු අවසන ගිරිරාජ් කෞශල්‍ය නමට සන්තකේ තිබූ සියලූ මුදල් ඇප කරන්නට තීරණයක් ගත්හ.
චරිත් ඔවුන්ගේ මනස තවත් ව්‍යාකූල කිරීමට උත්සාහ දරයි. කෙසේ වෙතත් ලක්ෂ 18ක් වටිනා ගිරිරාජ් කෞශල්‍යගේ කොණ්ඩය නැති හිස ඒ මුදල ඔවුන්ට බේරා දෙයි.
ඉන් පසු ඇත්තේ තරගකරුවන්ගේ ගායන, නර්තන හැකියාවන් දැක්වීමට අවස්ථාවයි.
විටින් විට ඩ්‍රොප් බොක්ස් සංඛ්‍යාව අඩු වී හත්වැනි ප්රශ්නය වන විට ඉතිරි වන්නේ පිළිතුරු සඳහා මුදල් තබන පෙට්ටි දෙකක් පමණි. එයින් එකක පමණි මුදල් තැබිය හැකි වන්නේ. එසේම කාලය තත්පර අනූවක් දක්වා වැඩි කෙරේ. එහි දී ඉතිරිවන මුදල පමණක් තරගකරුවන් සතු වෙයි.
සතුට, විනෝදය, දැනුම, මතක සහ ජීවිතයේ අත්දැකීම්වල වැදගත්කම එක් වූ අපූර්ව වැඩසටහනක් ලෙස මෙය සිරස නාලිකාවෙන් පේ්රක්ෂක ජනතාව වෙත ගෙන එයි. එයට සම්බන්ධ වීමට අදාළ වැඩසටහන මඟින් දන්වන 7788 අංකයට කෙටි පණිවිඩයක් යොමු කළ යුතුය. ඉන්පසු යම් සම්මුඛ පරීක්ෂණයක් සහ වැඩමුළුවකින් පසු වැඩසටහනට සහභාගී කරගන්නා යුගල තෝරා ගැනේ.
මේ වැඩසටහන ලොව පළමුව විකාශය වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවෙ ත්‍දං ඔඪ ඔස්සේය. මේ ගේම් ෂෝ සංකල්පය මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 50ක පමණ විකාශය වී ඇත. බි්රතාන්ය ඇකඩමි ෆිල්ම් සම්මාන උලෙළේදී හොඳම ඩිජිටල් නිර්මාණ වැඩසටහන ලෙසද තවත් උලෙළ රැුසකදී හොඳම විනෝදාස්වාද වැඩසටහන ලෙසද මෙය ලොව පුරා සම්මානයට පාත්‍ර වී ඇත. සිරස ටීවී මඟින් කෙරෙන මෙම 5ඵ ඵදබැහ ෘරදච ගේම් ෂෝ වැඩසටහන කොටස් 50කින් සමන්විත වන අතර ඒ සඳහා කෝටි විසිපහක මුදලක් වෙන් කිරීමට සිදුවන බව නාලිකා ප්‍රධානී සහ ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මාධ්‍ය හමුවේ පැවසුවේ අනුග්‍රාහක භවතුන් ද හඳුන්වා දෙමිනි.
මේ වැඩසටහනේ අධීක්ෂක ලෙස කටයුතු කරන්නේ ප්‍රවීණ නිවේදක ස්ටයින් මැදිරි සංකීර්ණයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන සූරියබණ්ඩාර වන අතර ඔහුගේ උපදේශකත්වය යටතේ රංගන ශිල්පී චරිත් අබේසිංහ විසින් වැඩසටහන ඉදිරිපත් කෙරෙනු ඇත.
මෙහි සජීවීකරණ කටයුතු ලොව අනෙක් රටවලටත් වඩා වෙනස් අයුරින් සාර්ථකව සැලසුම් කරන්නට ලාංකික තරුණ කණ්ඩායමක් සමත් වී ඇත. මෙහි අධ්‍යක්ෂණය තාරක හෙට්ටිආරච්චි කැමරාකරණය ඉෂාර පද්මප්පෙරුම සහ නිෂ්පාදිකා ලෙස කාංචිනී පල්ලිපිටිය කටයුතු කරනු ඇත. මේ නවතම වැඩසටහනට සහභාගී වීමේ අපූර්ව අවස්ථාව සහෝදර මාධ්‍ය සගයන් සඳහා උදාකර දුන්නේ ප්‍රවර්ධන විධායක චාමික පෙරේරා විසිනි.
ඉතින් රැකවලූන්ගේ ආරක්ෂාව යටතේ අත ළඟ තිබෙන කෝටි භාගයක් තමන් සන්තක කරගන්නට සමත්වන ජයග්‍රාහකයන් කවුරුන් වෙයිද? සිහින දිනවන මිලියන පහක කතාව කාගේ සුබ සිහින සැබෑ කරමින් කෙසේ නිම වෙයිද? ඇතැම් විට ඔබමය එහි හිමිකරුත් සාක්කිකරුත් වනු ඇත්තේ.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න