වර්ෂ 2023 ක්වූ February 06 වැනිදා Monday
පැදුර ගිනි තබයි

ආරංචි විදියට, ප්‍රවීණ නළු ශි්රයන්ත මෙන්ඩිස් ගුරුන්නාන්සේ කෙනෙකුගේ චරිතයක් රඟපාන්න හරි කැමැත්තෙන් ඉඟදලා තියෙනවා. කොහොම හරි ඒදේ ඉෂ්ට වෙලා. මේ දිනවල V-TV නාළිකාවේ විකාශය වන ”සංගිලි කනදරාව” ටෙලි නාට්‍යයේ ශි්රයන්ත රඟගන ගුරුන්නාන්සේගේ චරිතයට ගැහැනු ළමයි වශී කර ගැනීමට තියෙන්නේ පුදුම හැකියාවක්. මන්තර ශාස්ත්‍රය කෙළ පැමිණි ගුරුන්නාන්සේ ”සංගිලි කනදරාව” ටෙලි නාට්‍ය පුරාවටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් තරුණ තරුණියන් අමාරුවේ දානවා. ”සංගිලි කනදරාවේ” දිනූෂා කෙලන් බන්දුලතාගේ චරිතය රඟගපානවා. බන්දුලතාගේ සැමියා හිරේට ගිය පසු ගුරුන්නාන්සේ සොයාගෙන එන ඇය තම මනුස්සයා හිරෙන් නිදහස් කරදෙන ලෙස ඇවිටිලි කළාය. පැදුර ගිනි තිබ්බොත් පමණක් මනුස්සයා නිදහස් වන බවයි ගුරන්නාන්සේ කියන්නේ. මේ විදියටම ඉදිරියටත් තව පැදුරු ගිනි තැබීමට ගුරුන්නාන්සේ මේ ටෙලි නාට්‍යයේදී සැරසෙන බවයි අපට දැන ගන්නට ලැබුණේ. කෙසේ නමුත් ගුරුන්නාසේගේ චරිතය ශ්‍රියන්තට සේම පේ්රක්ෂකයන්ටත් අපූරු අත්දැකීමක්.