‘නාඩගම්කාරයෝ’ ට පසුව එන ”කෝලම් කුට්ටම”‍ අගෝස්තු 3 දා

ජූලි 28, 2022


 
 ජයප‍්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණයෙන් සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනයෙන් ශ‍්‍රීලාල් වික‍්‍රමගේ නිෂ්පාදනයෙන් දායක වූ ”කෝලම් කුට්ටම”‍ නවතම ටෙලි නාට්‍යය එළැඹෙන අගෝස්තු 2 වැනිදා නිමාවන ‘නාඩගම්කාරයෝ‘ ටෙලි නාට්‍යයෙන් පසු අගෝස්තු 3 වැනිදා සිට රාත‍්‍රී 9.30 ට ස්වර්ණවාහිනියෙන් විකාශය වීමට නියමිතය.
 
 අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පවතින පාරම්පරික වෙස්මුහුණු සහ රූකඩ කලාව පිළිබඳ කතා කරන මේ ”කෝලම් කුට්ටම” ටෙලි නාට්‍යය රූකඩ කලාවේ නිරත ගුරුන්නාන්සේ කෙනෙක් සහ වෙස් මුහුණු කපන කලා ශිල්පියකු මූලික කරගනිමින් නිර්මාණය වූවකි.
 
 නලීන් ප‍්‍රදීප් උඩවෙල, මාලි ජයවීර, චමීර ලියනගේ, කවින්ද්‍යා දුල්ෂානි, මාවිලි ෆර්ඩිනාන්ඩු, සරත් කුලාංග, නිරෝෂා තලගල, අනුරාධා එදිරිසිංහ ප‍්‍රධාන චරිත නිරූපණයෙන් එක්වන ‘කෝලම් කුට්ටම‘ ටෙලි නාට්‍යය කැමරාවට න`ගන ලද්දේ ප‍්‍රභාත් දර්ශන විසිනි.
 
 මනෝජ් වික‍්‍රමසිංහ කලා අධ්‍යක්ෂණයෙන්ද වාසනා බණ්ඩාර වේශ නිරූපණයෙන්ද ධනංජය මංචනායක සහය අධ්‍යක්ෂණයෙන්ද එක්වන ‘කෝලම් කුට්ටම‘ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කළමනාකරණය ධම්මික ගුණසේකරගෙනි.