මතක සිත්තම් ළඟදීම

අප්‍රේල් 21, 2022

 

'සයිම්දං' කොරියානු කතා මාලාව 'මතක සිත්තම්' ලෙස නුදුරු දිනයකදී ප්‍රේක්‍ෂකයන් වෙතට පැමිණීමට නියමිතව ඇත. ජාතික රූපවාහිනී හඬකැවීම් අංශයෙන් ගෙන එන 'සයිම්දං' ඔස්සේ දිග හැරෙන්නේ අයුක්තියට, අසාධාරණයට එරෙහිව අභීතව සටන් වැදි ජීවිත අරගලය ජයගත් වීර දියණියකගේ කතාවකි.

2012 වසරේදී විකාශය වූ 'සුජාත දියණි' කතා මාලාවෙන් ලාංකීය ප්‍රේක්‍ෂක හදවත් ඇද බැඳගත් චංගුමි, නැතහොත් දකුණු කොරියාවේ කීර්තිමත් නිළි ලී යොං මෙහි සයිම්දං හා ජියුන් ලෙස ද්විත්ව චරිතයකට පණ පොවන්නීය. දකුණු කොරියාවේ ඛ්අඡ්ඒඊධ්ඍඡ් ඹ්ඡ්ට්ඡ්ව්ච්ඉ ට්අර්‍ණඋර්‍ථ 8 ධ්ව්ඛ්ර්‍ණඅර්‍ථර්‍ණඅඒඊධ්ර්‍ණව් ආයතනයෙන් නිෂ්පාදනය කළ කොටස් 30 කින් සමන්විත මේ කතා මාලාව 2017 වසරේ කොරියාවේ ඉඕඉ මාධ්‍ය ජාලය මගින් විකාශය කෙරිණි. කොරියාවේ සහ ඉතාලියේත් රූගත කළ එය චීනය, හොංකොං, ජපානය, සිංගප්පූරුව, පිලිපීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ඉරාණය සහ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර විකාශය වී ඇත.

මතක සිත්තම් කතා මාලාව ආරම්භ වන්නේ පැරණි කොරියානු ජොසොන් යුගයේ ජීවත් වුණු අන් ග්යොන් නම් සුප්‍රසිද්ධ සිතුවම් ශිල්පියාගේ 'දියමන්ති කන්ද' යන සිතුවම සොයා ගැනීමත් සමඟිනි. එම සිතුවම පිළිබඳ සත්‍යයක් හෙළි කර ගැනීමට වර්තමානයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වන සෝ ජියුන් මෙන්ම 16 වන සියවසේ සයිම්දං වෙහෙසෙන අයුරු මතක සිත්තම් ඔස්සේ දිග හැරේ.

සිතාරා පවිත්‍රානි, අනුෂ්ක විජේතිලක, රසාදරි පීරිස්, ජයනාත් බණ්ඩාර, සන්ධ්‍යා රඹුක්කනගේ, කස්සප සෙනරත්, ශ්‍යාමලි ලිවේරා, ගීතා කාන්ති ජයකොඩි, ෆර්නි රෝෂිණි, නාලනී පියසීලි, පාරමි රණසිංහ, තිළිණි අතුකෝරල, ඉෂාර වික්‍රමසිංහ, බුද්ධික බන්දුජීව, ශක්ති ලක්නාථ, රාජසිංහ ලෝලුවාගොඩ, උදානි රත්නායක, අජිත් ක්‍රිෂාන්ත, කුමාර කරුණානන්ද, චන්දන ඉරුගල් බණ්ඩාර, සුරංග කුරුප්පු ආරච්චි, රවීන්ද්‍ර කෝදාගොඩ, සෝමසිරි චන්ද්‍රසේන, ලසඳුනි ජයවර්ධන, අචිනි නිශාදිකා, ඉසිනි තිසාරා, කුෂාන් කල්හාර, තරුෂි හීන්තිලක, මිනුග තිසලිත සහ මිනුදි විජේසූරිය ඇතුළු පිරිසක් මේ වෙනුවෙන් හඬ දායකත්වය ලබා දී ඇත.

තේමා ගී රචනය නිලාර් එම් කාසිම්ගේ වන අතර සංගීතය නුවන් සමරසිංහ ගෙනි. බාචි සුසාන් සහ සශිකා නිසංසලා ගීත ගායනයෙන් දායක වෙති. මෙහි සිංහල දෙබස් පිටපත් රචනයට දිනාලි නානායක්කාර සහ උමාලි චතුරංගිකා දායක වී ඇත. මතක සිත්තම් හඬකැවීම් නිෂ්පාදනය - අමාලි විජේසේකර, හඬ පටිගත කිරීම සහ මුසුව - අසංක කුමාරපේලිද හඬකැවීම් සහාය හෂාරි කරුණාරත්න ගෙනි.