වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
දෙවසරක රස පිරුණු රයිගම් ටෙලීස්

ප්‍රවීණ රංගනවේදී රවීන්ද්‍ර රන්දෙණියගේ හා ප්‍රවීණ රංගවේදීනී ශි‍්‍රයාණි අමරසේනගේ ප්‍රධානත්වයෙන් දෙවසරක රසය 17 වැනි රයිගම් ටෙලි සම්මාන උලෙළ පසුගිය 26 වැනි දින කොළඹ ශැන්ගි්‍රලා හෝටලයේදී පැවැත්විණි.
නිළි රැජින මාලනී ෆොන්සේකා ඇතුලු කලාකරුවන් හා විශේෂ ආරාධිතයන් සමඟ නිර්දේශ වුණු සම්මානලාභීහු සම්මාන උළෙල සඳහා සහභාගි වූහ. දෙවර්ෂය සඳහා සම්මාන 108ක් මෙවර පිරිනමන ලදි. 2020 වසර සඳහා 47ක් ද, 2021 සඳහා 57ක් ද නිර්දේශ වී තිබුණි.
මෙවර ජීවිතය එක්වරක් පිරිනමන ප්‍රතිභා ප්‍රභා සම්මානය ප්‍රවීණ රංගවේදනී සුවීනීතා වීරසිංහට පිරිනමන ලද අතර ප්රණාම සම්මාන පිරිනමන ලද්දේ ප්‍රවීණ ක්‍රීඩා විචාරක පේ‍්‍රමසිරි ඈපාසිංහට හා ප්‍රවීණ ලේඛක කේ.බී.හේරත්ටයි.
එදින නැටුම් ගැයුම් රැගුම් වලින් උළෙල වර්ණවත් විය.
.