මාලිනී අංගම් පොරයක

මාර්තු 24, 2022

 

නිළි රැජන මාලිනී ෆොන්සේකා යාල ජාතික උද්‍යානයේ අංගම් සටන්වල යෙදෙන වගට ආරංචි විය. ඒ ටෙලි සිතුවමක් වෙනුවෙනි. ඇය මෙලෙස වෙනස් චරිතයක් රඟපාන්නේ ඉතා දිගු කාලයකට පසුවය. මාලිනී එම චරිතය රඟනු ලබන්නේ යක්ඛ නාද ටෙලි සිතුවමේය. මේ දිනවල රූපගත කෙරෙන එය චනික පෙරේරාගේ අධ්‍යක්ෂණයකි. තව නොබෝ දිනකින් මාලිනි අංගම් සටන් කරන අයුරු පුංචි තිරයෙන් ඔබට දැක බලාගැනීමට පුළුවන.