පියාඹන මූනිස්සම් නව මුහුණුවරකින්

පෙබරවාරි 17, 2022

 

පියාඹන මූනිස්සම් ටෙලිසිතුවම නව මුහුණුවරකින් මේ වන විට විකාශයවේ. එහි අධ්‍යක්ෂවරයා ද වෙනස් විය. වත්මනෙහි සුදාර ගීගනගේ පියාඹන මූනිස්සම් අධ්‍යක්ෂණය කරයි. එය ධනුක කරුණාරත්නගේ තිර රචනයකි. සජිව් රාජපුත්‍ර, නදීශා හේමමාලි , අශාන් ඩයස්, නයනතාරා වික්‍රමආරච්චි, වසන්ත කුමාරවිල, දර්ශන් ධර්මරාජ්, බිම්සරා ප්‍රේමරත්න, ධනුක දිල්ශාන් සහ පියෝරිනා ප්‍රනාන්දු ඇතුළු රංගන ශිල්පීන් පිරිස මෙහි රංගන දායකත්වය සපයති. ජයන්ත සමරකෝන් සහය අධ්‍යක්ෂවරයාය. ආලෝකකරණයෙන් සහ කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති, ඇඳුම් නිර්මාණයෙන් සහ කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න කුමාරගේ, අංග රචනයෙන් වරණි අල්ෆොන්සෝ, වර්ණ සංයෝජනයෙන් සහ සංස්කරණයෙන් තිලංක නිරංජන බණ්ඩාර, රේඛීය නිෂ්පාදනයෙන් නදීර සේනානායක එක්වෙති. සිරස රූපවාහිනී නාලිකාවේ සතියේ දින පහේම රාත්‍රී 9.30 ට විකාශනය වන 'පියාඹන මූනිස්සම්', රිදී තිරයට 'භවතරණ' ගෙන ආ රාජපුත්‍ර ප්‍රඩක්ෂන් වෙනුවෙන් චන්න දේශප්‍රිය නිෂ්පාදනය කරයි.