අයෝමී හෙට සිට ස්වාධීන රූපවාහිනියේ

ජනවාරි 6, 2022

ශි‍්‍රයාණි අමරසේන විසින් නිර්මාණය කරන ලද නවතම මාලා නාට්‍යය අයෝමී ජනවාරි 7 වැනි දින සිට රාත්‍රි 07.00ට ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වේ. ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය රූපගත කළ අයෝමී ධනය, බලය හා අභිමානය හමුවේ ජීවිතය අවුල් කරගන්නා පවුල් දෙකක් වටා ගෙතුණු ටෙලි කථාවකි.

ශි‍්‍රයාණි අමරසේන අධ්‍යක්ෂණයෙන් මෙන්ම සම්බන්ධීකරණයෙන් ද දායක වූ අයෝමී සඳහා විමල් අලහකෝන් (එංගලන්තය) හිරෝමී මාතරගේ (ඕස්ට්‍රේලියාව) රෝෂාන් විරපුරගේ (ස්විට්සර්ලන්තය) නිෂ්පාදනයෙන් එක් ව ඇත. කැමරාකරණය සංජීව කුමාර, සංස්කරණය මදුර ප්‍රසාද්, සංගීතය සරත්වික්‍රම, තිර රචනය සුනන්ද සිල්වා කලා අධ්‍යක්ෂණය මංගල පෙරේරා වේශ නිරූපණය ශනිල් වැලිවිට, සහාය අධ්‍යක්ෂණය සෝමදාස මල්දෙණිය, ගේය පද කැලුම් ශ්‍රීමාල්, ගායනය දයාසිරි ජයසේකර හා ශෂිකා නිසංසලා, නිෂ්පාදන කළමනකරණය ලහිරු සඳරුවන් ගෙනි.

ශි‍්‍රයාණි අමරසේන, විමල් අලහකෝන්, ධනංජය සිරිවර්ධන, තිසුරි යුවනිකා, මොරීන් චාරුණී, රත්නා ලාලිනි ජයකොඩි, රංගන පේ‍්‍රමරත්න, සංකේත් වික්‍රමගේ, සුසන්තා චන්ද්‍රමාලි, අජිත් ලොකුගේ, අනුර බණ්ඩාර රාජගුරු, තිලන් සඳරුවන්, රන්ජිත් රූබසිංහ, නිලංගනී පෙරේරා, බුද්ධික ලොකුකැටිය, රෝෂාන් විරපුරගේ, අයි.ඩී. අනුර, මලර් අටිගල, චතුරංගි නන්දසිරි, ජනා මහේන්ද්‍ර, නිහාල් ලියනගේ, නිමල් ගුණතිලක, ඉරාණි ගුණතිලක ආදීන් රංගනයෙන් දායක වුවෝ වෙති.