වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
තුම්පනේ රූපවාහිනියට

සුපුන් රත්නායකගේ නවතම ටෙලි සිතුවම "තුම්පනේ" මෙම මස 12 වැනි දින සිට රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වේ. එය සඳුන් දොලමුල්ලගේ නිෂ්පාදනයකි. මගේ ආදර අවනඩුව , ඒක දිග කතාවක් , අඩෝ, මෙට්‍රෝ හීන යන ටෙලිනාට්‍ය සුපුන් විසින් මීට පෙර නිර්මාණය කරන ලදී.
ශ්‍යාම් ප්‍රනාන්දු, සම්පත් ජයවීර, ඩබ්ලිව්. ජයසිරි, මධුර ප්‍රභාෂ්වර බාලසූරිය, දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, රුවී ලක්මාලි, සමාධි ලක්සිරි, රන්දික ගුණතිලක, සමන් කෝරළගේ, දයාදේව එදිරිසිංහ, දීපානි සිල්වා, අනුරාධ මල්ලවආරච්චි, නෙතු ගම්ලත් යන රංගන ශිල්පීන් තුම්පනේ නාට්‍යයේ චරිත මවති.
සුපුන් රත්නායක, භාග්‍ය මධුසංඛ (බූගී) මෙහි තිරරචනය කර ඇත. කැමරාකරණය චින්තක සෝමකීර්තිගෙනි. සංස්කරණයෙන් නුවන් සිංහාධිපති, සංගීත අධ්‍යක්ෂණයෙන් ගයාන් රැන්ඩි, කලා අධ්‍යක්ෂණයෙන් සම්පත් වන්නිආරච්චි, අංග රචනයෙන් සුදත් මන්දාරම්නුවර මේ සඳහා එක්ව තිබේ.
ගීත රචනය සුපුන් රත්නායක සහ තුශාන් නිසංසල විසින් සිදුකොට තිබේ. කාව්‍ය රචනය ඉලක්ෂ ජයවර්ධනගෙනි. රේඛීය නිෂ්පාදනයෙන් සහන් වීරවර්ධන,
නිශ්චල ඡායාරූපකරණයෙන් අසංක දමිත් දායක වේ.