වෙස්ගත්තෝ සියතේ

දෙසැම්බර් 2, 2021

ගයාන් මහගලගේ අධ්‍යක්ෂණය කළ වෙස්ගත්තෝ ටෙලි නාට්‍යය දෙසැම්බර් 06 වෙනිදා සිට සතියේ දිනවල රාත්‍රී 8.30ට සියත ටී.වී. ඔස්සේ විකාශය වේ. ශ්‍රියන්ත මෙන්ඩිස්, මාධනී මල්වත්ත, රොෂාන් පිලපිටිය, සරත් චන්ද්‍රසිරි, උදයන්ති කුලතුංග, රුවන්ති මංගලා, සම්පත් ජයවීර, මහේන්ද්‍ර වීරරත්න, රාජිත රැද්‍රිගෝ, අවන්ත පෙරේරා, රෝහිත ඩයස්, පමුදි අපෝන්සු, ශැගී වීරනායක, මංජු මුදලිගේ, සුගත් ජානක, පියතිලක අතපත්තු, නිහාල් ප්‍රේමචන්ද්‍ර , රේඛා මල්කාන්ති, දිමුතු නදීශා, මාශි චතුරිකා, සමෘධිකා ඉද්දමල්ගොඩ, තෙනුකි සන්සේයා, සිනෙත් අවිශ්ක, මල්කි නතාශා, කුසල් දම්සිත්, සුනිල් වීරසිංහ, රේනුකා හෙට්ටිආරච්චි, වෝශිනී තනුශිකා ඇතුළු නළුනිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති. සියත ටීවී නිෂ්පාදනය කරන මෙම ටෙලි නාට්‍යයේ විධායක නිෂ්පාදනය දීපාල් අපෝන්සුගෙනි. සුනන්ද සිල්වාගේ තිරරචනයකි. පැතුම් ශ්‍රි විජේපාල කැමරාකරණයෙන්ද, රෙශාන් මදුසංක සංස්කරණයෙන්ද, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂනයෙන්ද, ගාමිණි කොස්තා අංග රචනයෙන්ද, දිල්ශාන් තමෙල් සංගීත අධ්‍යක්ෂණයෙන්ද මෙයට දායක වූහ. සුසාර සම්පත් නිෂ්පාදන කළමනාකරුය. ප්‍රනීත් හසංක සහය අධ්‍යක්ෂණයෙන්ද, දිලාන් දුරැතු සහ එච්.ජී. තිලකරත්න ආලෝකකරණයෙන්ද, විමල් නවරත්න පටිගත කිරීමෙන්ද වෙස්ගත්තෝ සඳහා නිර්මාණ දායකත්වය ලබාදෙති.