පෝර්ක් වීදීයේ සාලින්දගෙන් හාර්ට් කාර්ට්

නොවැම්බර් 18, 2021

ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වූ පෝර්ක් වීදිය ටෙලි සිත්තමෙහි අධ්‍යක්ෂ සාලින්ද රත්නායකගේ නවතම නිර්මාණය හාර්ට් කාර්ට් ආරම්භයට සියල්ල සූදානම් බව ඔහු සරසවියට පැවසුවේය. අදට ගැළපෙන තේමාවන් ඔස්සේ නිර්මාණකරණයට කැමැත්තක් දක්වන සාලින්දගේ හාර්ට් කාර්ට් නිර්මාණයට පසුබිම් වෙන්නේද කාලීන මාතෘකාවකි. මිනිසාගේ රසවින්දනය හීනවීම රෝමාන්තික ප්‍රහසනයක් ඔස්සේ ප්‍රේක්ෂකයාට සමීප කරවීම මේ නිර්මාණය ඔස්සේ කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩි දුරටත් ඔහු කියා සිටියේ. රාජ ප්‍රඩක්ෂන් නිෂ්පාදනයක් වන මෙහි පිටපත සුසිත රුවන්ගෙනි. කැමරාකරණය ඉන්දික ලසන්ත, අංගරචනය මනුනුවන් රූපසිංහ, කලා අධ්‍යක්ෂණය ගාමිණි එස් බණ්ඩාර සිදු කර ඇත. හාර්ට් කාර්ට් සඳහා ශිල්පීය දායකත්වය මිහිර සිරිතිලක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, නාදීශා හේමමාලි, හෂිනිකා කරල්ලියද්ද, සරත් චන්ද්‍රසිරි, ගීත්මා බණ්ඩාර, දුශේනි සිල්වා, සංගීත් ප්‍රභූ, පියුමි බොතේජු, ධනංජි තාරුකා, මධුෂාන් නානායක්කාර, ශානක උදාර, ශාමික සුගීශ්වර, එස් අයි සමරකෝන්, තාරුක ගුණසිංහ, ශෂි ඇන්ජලීනා, ආලෝක සම්පත් ලබා දෙති.