මාලිනි නැවතත් පුංචි තිරයෙන්

නොවැම්බර් 11, 2021

නිළි රැජින මාලිනි ෆොන්සේකා කලකට පසු රංගනයෙන් දායකවන හිතුවක්කාර ටෙලි නාට්‍යය සෙනසුරාදා රාත්‍රී 9.00 සිට 10 දක්වා පුරා පැයක් ටී වී දෙරණ ඔස්සේ ඔබට රසවිදිය හැකියි. යෞවන සමීන්ද්‍ර රත්නායකගේ රුකී නවකතාව ඇසුරෙන් නිමැවෙන හිතුවක්කාර ඔහුගේම තිර පිටපතකි. කොටස් දහඅටකින් සමන්විත “මිනි සීරීස්” එකක් වන මෙය තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරයි. ගයාන් ප්‍රඩක්ෂන් නිෂ්පාදනයකි.

කේෂාන් ශෂීන්ද්‍ර, අජිත් වීරසිංහ, චරිත් දේවානායක ඇතුළු නවක නළු නිළියන් රැසකගේ රංගන දායකත්වයෙන් නිමැවෙන හිතුවක්කාර එළැඹෙන සති අන්තයෙන් විකාශය අරඹයි.

----------------------

කමලා ගුණරත්නම් අභාවප්‍රාප්ත වෙයි

 

ජනප්‍රිය චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කළ සිනමාස් සමාගමේ සභාපති කේ. ගුණරත්නම්ගේ භාර්යාව වූ කමලා ගුණරත්නම් මහත්මිය අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇය 98 වැනි වියේ පසුවූවාය. ඇය දරුවන් සිව්දෙනෙකුගේ මවකි. පසුගිය දා අභාවප්‍රාප්ත වූ චිත්‍රපට නිෂ්පාදක ජී. පද්මරාජ් ඇයගේ බාල පුත්‍රයාය.