වර්ෂ 2023 ක්වූ October 01 වැනිදා Sunday
නන්නත්තාර වැඩ ඇරැඹුණු හැටි...

ලාංකේය ප්‍රේක්ෂක ජනතාවට යහපත් ටෙලි නිර්මාණයක් තිළිණ කිරීමේ අරමුණ පෙර දැරිව NSBM හරිත සරසවියේ සුබ සාධක සංගමයේ ඇරයුමින් ප්‍රවීණ සිනමාවේදි ජයන්ත චන්ද්‍රසිරි 'නන්නත්තාර' නමින් වන සිය නවතම ටෙලි නිර්මාණයේ මුහුරත් උලෙළ පසුගිය 27 වැනිදා හෝමාගම NSBM හරිත සරසවි ශ්‍රවණාගාරයේ පැවැත්වීය. ජයන්ත චන්ද්‍රසිරිගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වන මෙහි විශේෂත්වය නම් ලාංකේය විශ්වවිද්‍යාලයකින් නිමැවෙන ප්‍රථම ටෙලිවෘතාන්තය වීමයි. රාජ්‍ය ඇමතිනි සීතා අරඹේපොල, NSBM හරිත සරසවියේ ආයතන ප්‍රධානී මහාචාර්ය භාරත දොඩන්කොටුව, NSBM සුබසාධක සංගමයේ ලේකම් ව්‍යාපාර කළමනාකරණ අංශාධිපති කතිකාචාර්ය තිළිණි ද සිල්වා, ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි හා ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් යන අය උත්සවය ඇමතූහ.
කොටස් 50කින් යුතු මෙම නිර්මාණය ජයන්ත චන්ද්‍රසිරි හඳුන්වන්නේ සාම්ප්‍රදායික කතාමාලාවකට බෙහෙවින් වෙනස් වූවක් බවයි. ප්‍රවීණ නළු නිළියන් රැසක් සමඟ නව පරපුරේ නළු නිළියන් රාශියක් ද "නන්නත්තාර" වෙනුවෙන් චරිත නිරූපණයේ යෙදෙති.
සේයාරූ - සඳමාලි විමලසේන