සාමූහිකව පිටපත් ලියන්න පුළුවන්ද?

“අයන්න යට” කණ්ඩායමේ ප්‍රයත්නයක්
ඔක්තෝබර් 21, 2021

 

 

 

 

 

කලාව යනු දිනෙන් දින වෙනස් වෙමින් නව ප්‍රවණතා සමඟ යාවත්කාලීන වෙමින් සහෘද රසාස්වාදය සපයන මාධ්‍යයකි. ලෝකයේ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට දෙස බලන විට දෙදෙනෙකුට වැඩි කණ්ඩායමක් විසින් පිටපත් රචිත නිර්මාණ ඕනෑ තරම් ඇත. ලංකාවේ ටෙලිනාට්‍ය කලාව තුළ මේ "සාමූහික ලිවීම්" සම්බන්ධයෙන් යම් අත්හදා බැලීම් සිදු කළද එවැනි නිර්මාණ දිගින් දිගටම ලියැවුණේ නැත. "අයන්න යට" යනු එවැනි සාමූහිකව පිටපත් රචනා කරන කණ්ඩායමකි. මීට වසර දෙකකට පෙර ආරම්භ වුණු ඒ කණ්ඩායම අතින් ලියැවුණු නිර්මාණ මේ වන විට ප්‍රේක්ෂක ඔබ අනිවාර්යයෙන්ම රසවිඳ ඇති. නාට්‍යකරුවෙක් සහ තිරපිටපත් රචකයෙක් වන චාලක රණසූරිය මේ "අයන්න යට" කණ්ඩායමේ පුරෝගාමී සාමාජිකයෙකි. සාමූහික පිටපත් ලිවීම සහ "අයන්න යට" කණ්ඩායමේ කාර්යසාධනය පිළිබඳව කතාබහකට ඔහු එක් වුණේ මෙලෙසිනි.

 

 

Team Writing  කියන්නේ මොකක්ද?

කණ්ඩායමක් විසින් කලා නිර්මාණ සඳහා පිටපත් රචනා කිරීම මේ නමින් හඳුන් වන්නේ. ලෝක සාහිත්‍යය සහ ලෝක ටෙලිනාට්‍ය කලාව දිහා බැලුවාම අපිට මේ සඳහා ඕනෑ තරම් උදාහරණ තියෙනවා. නමුත් අපේ රටේ පහුගිය වකවානුව තුළ එය ක්‍රියාත්මක වුණේ නැහැ. ලංකාවේ ටෙලිනාට්‍ය කලාව ආරම්භ වෙලා ලොකු කාලයක් නැහැ. ඒ නිසා මේ සාමූහික ලිවීම කියන එක අපේ රටේ ඒ තරම් ජනප්‍රිය නැහැ. නමුත් X Files, Robinhood වගේ ජනප්‍රිය නිර්මාණ රාශියක් මේ ඊඥචථ එපඪබඪදඨවල ප්‍රතිඵල විදිහටයි බිහිවුණේ.

 

මීට පෙර ලංකාවේ මේ ක්‍රමය භාවිත කරලා තියෙනවාද?

ලංකාවේ මුල් කාලයේ ගුවන්විදුලි නාට්‍ය සඳහා මේ අත්හදා බැලීම කළා. ටෙලිනාට්‍ය කලාවේ 2001දි විතර ඉන්දික ෆර්ඩිනෑන්ඩු, චාමික හත්ලහවත්ත, චින්තන ලංකාපුත්‍ර, මම ඇතුළු කීපදෙනෙක් එකතුවෙලා "රන්‍ රෝස" කියලා කණ්ඩායමක් හදාගත්තා. අපි කණ්ඩායම එකතු වෙලා ටෙලිනාට්‍ය කීපයක් රචනා කළා. ඒවා ඒ කාලේ ජනප්‍රිය වුණා. ඒ අතරින් විහඟ ගීතය කියලා ටෙලිනාට්‍යයක් මම, ඉන්දික ෆර්ඩිනෑන්ඩු, චින්තන ලංකාපුත්‍ර එකතු වෙලා ලිව්වා. ඊට අමතරව නිල්ල පෙනෙන මානයේ, අළුපාට හීන, යකඩ පහන්තිර යන ටෙලිනාට්‍යයත් මේ කණ්ඩායමෙන් ලියැවුණු නිර්මාණ.

 

මෙහි ක්‍රියාපටිපාටිය පැහැදිලි කළොත්?

අවමය තිදෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් මේක. මූලිකව ගත්තාම ර්‍ථතධබ එපඪබඥප කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි නිර්මාණයේ වස්තු බීජය අරගෙන එන්නේ. තව කෙනෙක් ඉන්නවා Plot Writer  කියලා. එයා කතාවේ වස්තු බීජය ව්‍යාප්ත කරනවා. කතාවේ දෙබස් රචනා කරන්න Dialog Writer   කෙනෙක් ඉන්නවා. මේ අයගේ මැදිහත්වීම යටතේ තමයි පිටපත ලියවෙන්නේ. නිර්මාණයට Dialog Writer  ලා කීපදෙනෙක් ඉන්න පුළුවන්. කතාවේ විවිධ චරිත බෙදාගෙන ඔවුන් දෙබස් රචනා කරනවා. උදාහරණයක් විදිහට කතාවට චරිත හතක් ඉන්නවා නම් ඒ චරිත හතට අදාළ සංවාද හත්දෙනෙක් බෙදාගෙන ලියනවා. ඒක ලොකු කාලයක් වැය වෙන වැඩක්.

 

"අයන්න යට" කියන්නේ මොකක්ද?

ඒ සාමූහික ලිවීම එහෙම නැතිනම් Team Writing කියන එකේ ප්‍රතිඵලයක්. අපි මේක ආරම්භ කළේ 2019දි. අපි කණ්ඩායමක් එකතු වෙලා නැවත වතාවක් උත්සාහ කළා Team Writing කරන්න පුළුවන්ද කියලා. දිලූ අල්විස් කියලා අපේ හිතවතියකගේ මූලිකත්වයෙන් තමයි මේක ආරම්භ වුණේ. ඇගේ ආරාධනාවට අනුව තමයි මමත් මේ ආයතනටය සම්බන්ධ වුණේ. දෙදාහ දශකයේ මුල්වකවානුවේ තරගයක් නැති ඒකාධිපතීත්වයක් තිබුණා ජාතික නාළිකාවට සහ ස්වාධීන රූපවාහිනියට. ඒත් මේක වෙනස් වුණා පෞද්ගලික නාළිකාවක තරගකාරීත්වය එක්ක. 2019 වකවානුව වන විට හැම නාළිකාවක්ම වගේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තිබුණා. ඒ වගේම විදේශීය නාට්‍ය හඬ කවලා විකාශය කළා. මේ කාලයේ කොටස් හැට හැත්තෑව යන ටෙලි නිර්මාණවලට වඩා කොටස් සියය ඉක්මවා යන ටෙලි නිර්මාණ සඳහා හොඳ වෙළෙඳපළක් තිබුණා. එවැනි වකවානුවකදී අපි මේ ආයතයන ආරම්භ කළේ හොඳ නිර්මාණ කරනවා කියන අරමුණෙන්. "අ යන්න යට" අපේ කණ්ඩායම ගැන කිව්වොත්, චානක බණ්ඩාර, කිත්මි මුතුමනිකේ, සුරේෂ් මදුෂාන්, තනුජා ලුම්බිණි, ෂදිසා ධර්මප්‍රේම, දිලූ අල්විස්, සඳුන් ප්‍රසාද් එහි සාමාජිකයෝ.

 

මේ කණ්ඩායමෙන් බිහි වුණු නිර්මාණ මොනවාද?

දෙයියන්ගේ රටේ, ත්‍රලෝකා, බස් එකේ ඉස්කෝලේ යන ටෙලිනාට්‍ය විකාශය වෙලා අවසන්. මේ වන විට ස්වාධීන රූපවාහිනියේ විකාශය කොළඹ ඉතාලිය සහ හිරු නාළිකාවේ විකාශය වෙන සිහින ගෙනෙන කුමාරියේ යන ටෙලිනාට්‍ය අපේ කණ්ඩායම විසින් රචනා කරපු නිර්මාණ. ඉදිරියේදී චමිල් පතිරණ අධ්‍යක්ෂණය කරන ""Once Apon A Time In  මාළිඟාවත්ත (කලම්බු)" ටෙලිනාට්‍යය ස්වර්ණවාහිනී නාළිකාවේ සහ "හඳට හැතැප්මයි" ටෙලිනාට්‍යය ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන්න නියමිතයි. ඒ වගේම "වැකේෂන්" කියලා ටෙලිනාට්‍යයක් විකාශය වෙන්න නියමිත ලැයිස්තුවේ තියෙනවා. අපි පිටපත් ලියපු ටෙලිනාට්‍යවලට ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. දැනට විකාශය වන ටෙලිනාට්‍ය දෙකම ඒ නාළිකාවල අංක එකේ ටෙලිනාට්‍ය බවට පත් වෙලා තියෙනවා.

 

ඔබේ කණ්ඩායමේ ඉදිරි වැඩකටයුතු මොනවාද?

අපේ කණ්ඩායම තව පිටපත් කීපයක් ලියමින් පවතිනවා. ඒ වගේම තව අලුත් අත්හදා බැලීම් කීපයක් අපි කරන්න සූදානම්.