“රැල්ල වෙරළට ආදරෙයි” හිරු ටීවී තුළින්

අගෝස්තු 12, 2021

 

නිවන්ත ප්‍රසාරගේ අධ්‍යක්ෂණයක් සහ හිරු ටීවී නිෂ්පාදනයක් වන "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලිනාට්‍යය ළඟදීම හිරු නාළිකාවෙන් විකාශය වීමට නියමිතය.

රන්දික ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, දර්ශන් ධර්මරාජ්, කෝකිල පවන්, සරත් චන්ද්‍රසිරි, චමිලා පීරිස්, මීනා කුමාරි ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් මේ සඳහා රංගනයෙන් දායක වී ඇත.

වෙරළබඩට මායිම්ව ජීවිතය ගතකරන ජනයාගේ ජීවන අත්දැකීම් සහිතව දකුණු ඉන්දියානු ශෛලියට අනුගතව නිර්මාණ කර ඇති මේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ට නවමු අත්දැකීමක් වනු නිසැක බව හිරු නාළිකාව පවසයි.