ප්‍රේක්ෂක ඔබේ රසවින්දනයට රූපවාහිනියේ ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය නැවතත්...

ජූලි 29, 2021

 

ප්‍රවීණ චිත්‍රපට රංගන ශිල්පී ජෝ අබේවික්‍රමයන්ගේ ප්‍රථම හා එකම ටෙලිනාට්‍ය පිටපත 'සබඳ පබලිස්' නැවතත් සති අන්තයේ රාත්‍රී 9.15 ට ජාතික රූපවාහිනියෙන් නැරඹිය හැකිය. චන්ද්‍රරත්න මාපිටිගමගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ප්‍රකට විකට රංගන ශිල්පී ඇන්ටන් ජූඩ්ය.

ජෝ අබේවික්‍රම සහ ඇන්ටන් ජූඩ් යන දෙදෙනාම අද වන විට ජීවන රඟමඬලින් සමුගෙන ඇත.

අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වූ සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කළ 'සිරි සිරිමල්' ටෙලිනාට්‍යයද නැවතත් ඔබට නැරඹිය හැකිය. අගෝස්තු 7 වැනි සෙනසුරාදා සිට රාත්‍රි 8.30 ට නැවත විකාශය ආරම්භ වේ. දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වූ සිරි සිරිමල් සඳහා ඉශාම් සම්සුදීන්, ගීතා කාන්ති ජයකොඩි, ක්ලීටඩ් මෙන්ඩිස්, ටෝනි රණසිංහ, දයා අල්විස්, මොරීන් චාරුණී රංගනයෙන් දායක වූහ.