ආචාර්ය අරෝෂ හා ලකී ඩයස් එක්ව සන්නාසි ප්‍රේමය ගෙන එයි

මැයි 20, 2021

මෙරට සිනමාවේ මුල්වරට මොබයිල් ඇප් එකක් සඳහා චිත්‍රපටයක් නිපද වූ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු විසින් නිෂ්පාදනය කරන ලද සන්නාසි ප්‍රේමය නමින් ටෙලි වෘත්තාන්තය දැන් ඩයලොග් මඪභ ඇප් ඔස්සේ විකාශය වෙයි. මෙය සම්මානනීය රංගනවේදි ලකී ඩයස්ගේ අධ්‍යක්ෂණයකි. ලකී ටෙලි නාට්‍ය කිහිපයක්ම නිපදවා අධ්‍යක්ෂණය කරන ලද අතර ඔහු මොබයිල් ඇප් එකක් සඳහා නිපද වූ මුල්ම ටෙලි වෘත්තාන්තය සන්නාසි ප්‍රේමයයි. ලකී ඩයස්, චමීර ලියනගේ, අරුණි මෙන්ඩිස්, නිලන්ති විජේසිංහ, වෙලේගෙදර රණසිංහ, අනෝජා වීරසේකර, සුනිල් ප්‍රේමකුමාර, කුමාර රණේපුර ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවන මෙහි තිර රචනය රිහාන් රවීන්ද්‍රගෙනි. සන්නාසි ප්‍රේමය පළමුවාරය කොටස් පහළොවකින් සමන්විතය.

ආචාර්ය අරෝෂ ඩයලොග් මොබයිල් ඇප් සඳහා මෙයට පෙර අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරන ලද එක් දවසක අපි චිත්‍රපටය ද නිපදවූයේය. එය මෙරට මුල්ම මොබයිල් චිත්‍රපටයයි.