සත්වෙනි දවස

පුංචි තිරයට “රැහේ” ලෙසින්
මැයි 20, 2021

එදා මාලිනී මෙදා සෙනාලි

 

ඈත ඉතිහාසයේ සිට ලංකාවට සංක්‍රමණය වූවෝ බොහෝ වෙති. ඒ අතර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට ලංකාවට සංක්‍රමණය වී තමන්ගේම ජීවන රටාවකට හුරු වූ මිනිසුන් කොට්ඨාසයකි. එක් තැනක අවමය ඔවුන් වසන්නේ සත් දිනකි. අහිකුණ්ඨිකයන් ලෙසින් මේ ජන වර්ගය නම් කළත් අද වන විට ඔවුනගේ ඇවැතුම් පැවැතුම් වෙනස් වී ඇති සේය.

 

අදටද ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ජීවත්වන මේ ජන කොට්ඨාසය පිළිබඳ එකල නිර්මාණකරුවො කවි, කතන්දර, චිත්‍රපට නිපදවූවෝය. එසේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් චිත්‍රපටයකි 'සත්වෙනි දවස'. චිත්‍රපටයකින් පැය දෙක හමාරක් තුළ කතා කළ නොහැකි ඔවුන්ගේ කතාව මේ වනවිට ටෙලිවෘතාන්තයක් ලෙස සියත නාළිකාව ඔස්සේ 'රැහේ' නමින් ඔබට නැරඹිය හැකියි. සමාජ ඉතිහාසයේ එක් පැත්තක් අලුත් පරම්පරාවට නිර්මාණයකින් දායාද කිරීමට ගත් උත්සාහය පිළිබඳ 'රැහේ' අධ්‍යක්ෂ ජී. නන්දසේන සමඟ සරසවිය අප කතා කරන්නට සිතුවෙමු. සත්වෙනි දවස මුලින්ම පළවූයේ සිළුමිණ පුවත්පත් චිත්‍රකතාවක් හැටියටය.