හිරුගෙන් දිවි තුරා හෙට සිට

අප්‍රේල් 22, 2021

 

අගස්ති අපූරූ සැක්සෆෝන් වාදකයෙකි. තම ළමා කාලය හා තරුණ කාලය ගත කරන්නේ නුවර එළියේය. අගස්ති සංගීතය ඉගෙන ගන්න යන පන්තියේ ඔහුට යහළුවන් දෙදෙනෙක් වෙති. ඒ සමාධි හා අතුල‍යි. අගස්ති හා අතුල දෙදෙනාම සමාධිට පෙම්කළත් අගස්ති ආදරට ප්‍රකාශ කිරීමට ඉස්සර වෙයි. ඒ ආදරේ ප්‍රතිඵලයක් ලෙස අගස්ති ගැබ් ගනී. ඒ බව නොදත් අගස්ති තම තරුවක වීමේ සිහිනය ඉටු කරගන්නට නුවරඑළියෙන් කොළඹට එයි.

රියැලිටි වැඩසටහන් කලාව මූලීක කොට ගනිමින් ඒ බී සී මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වාගේ සංකල්පයකට අනූව චාමර ජයවීර අධ්‍යක්ෂණයෙන් හා විරාජ් වැලිවත්ත නිෂ්පාදනයෙන් අප්‍රේල් 23 වෙනිදා සිට සෑම සතියේ දිනකම රාත්‍රි 8.00 හිරු ටී වී ඔස්සේ විකාශය වේ. අතුල අධිකාරී, සුජීව ප්‍රේම්ලාල්, හිමාලි සයුරංගි, ශනුද්‍රි ප්‍රියසාද්, හෙක්ටර් ඩයස්, සූර්යයා දයාරුවන්, නිලූෂි පවන්‍යා, සරත් කරුණාරත්න, ඔනලි සංජනා, චන්ද්‍රිකා සිරිවර්ධන, සම්පත් තෙන්නකෝන්, පැතුම් රුක්ෂාන්, සරත් දික්කුඹුර, මෙහි චරිත මවති.