අජිත් ලොකුගේගේ නවතම ටෙලි නිර්මාණය

‘හඳට හැතැප්මයි’
අප්‍රේල් 22, 2021

 

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන අජිත් ලොකුගේගේ සිය නවතම ටෙලි නිර්මාණය වන ' හඳට හැතැප්මයි' තවත් නොබෝ දිනකින් ප්‍රේක්ෂක ඔබට දැක ගැනීමට හැකියි. ගම් තුනක තරුණයන් තුන්දෙනෙක් කොළඹට විත් එකම බෝඩිමක නැවතිලා ඔවුන්ගේ අරමුණු ඉටුකරන්න යාමේදී මුහුණ දෙන්න වන අද්දැකීම් සමුදායක් එක්කළු මේ කතාව ගලායයි. චාලක රණසූරිය ලියූ මේ කතාවේ නිෂ්පාදනය ක්‍රිෂාන්ත හෙට්ටිආරච්චි, කැමරාකරණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, වගේම සංගීතය උදාර සමරජීවගෙනි. ජනප්‍රිය ගී පද රචක නිලාර් එන් කාසීම් මෙහි තේමා ගීතය රචකයයි. ගිහාන් ප්‍රනාන්දු, ජගත් චමිල, සරත් කරුණාරත්න, විරාජ් පෙරේරා, ජනක කුඹුකගේ, විල්සන් ගුණරත්න, වසන්ත විට්ටච්චි, නිල්මිණි කෝට්ටගේ, එස්. අයි. සමරකෝන්, ආරියසේන ගමගේ, තරින්දි ප්‍රනාන්දු, තිළිණි පෙරේරා, සකුන්තලා මෙහි චරිත නිරූපණය කරති.