චන්දන සමරසේකරගේ විසිවැනි ටෙලි නිර්මාණය

“ආර්ය වංශික” රූගත කරයි
අප්‍රේල් 22, 2021

 

1848 මාතලේ කැරැල්ලේ සිට වර්තමානය දක්වා දිව යන අලුත් ටෙලිනාට්‍යයක වැඩකටයුතු පසුගියදා ආරම්භ කර ඇත.ජයනි සේනානායක, ප්‍රියන්ත සෙනෙවිරත්න, දර්ශන් ධර්මරාජ්, රම්‍යා වනිගසේකර, චරිත් දිසානායක, කැලුම් ශ්‍රී, නයෝමි තක්ෂිලා, නිමල් පල්ලෙවත්ත, රාජා ගනේෂන්, දිලිප් මනෝහර, ලකී රත්නායක, සිනිදි අකිලා, රාජසිංහ ලෝලුවාගොඩ, ඇතුළු ශිල්පීන් 120ක පමණ සංඛ්‍යාවක් රංගනයෙන් දායක වෙති. 'ආර්ය වංශික' ටෙලිනාට්‍යයේ කලා අධ්‍යක්ෂණයෙන් රංජිත් ද සිල්වා, සංගීතය නවරත්න ගමගේ නිෂ්පාදන කළමනාකරණය ලකී රත්නායක, අංග රචනය ප්‍රේමලාල් ලියනගේ, තිර රචනය සහ කැමරාකරණය රෙහාන් රවින්ද්‍ර, නිෂ්පාදනය චන්දුල හදුන්ගොඩ අධ්‍යක්ෂණය චන්දන සමරසේකර ගෙනි.