වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
මලයාලම් සිනමාවේ කිරුළු පලන් කුමරා

ලොවම ජයගත් සමස්ත ඉන්දියානු සිනමාවේ දියුණුවට අතහිත දෙන මලයාලම් සිනමාවේ “Prince of Mollywood” ඩල්කා සල්මාන්. ඔහු සැබෑවටම කුමාරයෙකි. මලයාලම් සිනමා අහස් තලයේ දිදුලන විශිෂ්ට වූ සිනමා තාරකාවකි. චරිතාංග රංගන ශිල්පියෙකි. මලයාලම් සිනමාවේ රජෙක් ලෙස සැලකෙන “මාමුට්ටි” නම් අතිවිශිෂ්ට රංගවේදියාගේ බාල පුත් කුමරුය. එනිසාම මලයාලම් සිනමාවේ කුමරු ලෙස ඔහුව හැදින්වීම කිසිසේත් අසාධාරණ නැත.
ඔහුගේ නම ඩල්කා සල්මාන් උවත් සිනමාවේ දී ඔහුගේ ආදර නාමය DQ ය. නැතහොත් DQ සල්මාන් ය.
1986 ජූලි 28 වැනි දින ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයේ කෝචි හී උපත ලද DQ, 36 වැනි වියේ පසුවන්නියකි. ඉගෙනීමට දස්කම් දැක්වූ ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකි. රඟපෑමට පිවිසීමට පෙර DQ ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාර කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇත.
ගෘහ නිර්මාණ ශිල්පිනියක වන Amal Sufiya සමඟ යුගදිවිය ගෙනයන ඩල්කා සල්මාන් සුරතල් දියණියකගේ ආදරබර පියෙකි.
DQ ඉන්දියාව පුරා සමාජ සේවා කටයුතුවල නිරත වන පුද්ගලයෙක් බව සඳහන් වන අතර, සමාජ සේවා කටයුතු ප්‍රවර්ධනය උදෙසා ඉමහත් දායකත්වයක් ලබාදෙන මනුසත් බවින් පිරිපුන් රංගන ශිල්පියෙක් ලෙස ප්‍රකටය.
කඩවසම් DQ මෝස්තර නිරූපණයෙහිලා විශේෂ සලකුණක් ලෙස තරුණ පරපුර අතර ප්‍රසිද්ධියට පත් වී ඇත. ඔහු නිතරම ජැන්ඩියට හැදපැලදීමට රුසියෙකි.
මේ සියලුම කාර්යයන් අතර ඔහු ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ රංගනයටය. රඟපෑමට ලේ උරුමයක් තිබුණ ද DQ සල්මාන් සිනමාවට අත්පොත් තබන්නේ රංගනය පිළිබඳව මනා හැදෑරීමකින් පසුවය.
ඉන්දියාවේ මුම්බායි හි පිහිටි Barry John Acting Studios” » වෙතින් ඔහු රංගනය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා ඇත. DQ ගේ සිනමා සම්ප්‍රාප්තිය සිදුවන්නේ 2012 වසරේ දීය. 2012 වසරේ පෙබරවාරි මාසයේ, වත්මන් මොලිවුඩ් කුමරු පළමු වරට සිනමා තිරය මත දැකගැනීමට හැකිවිය. ඒ ප්‍රවීණ මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂ ශ්‍රීනාත් රාජේන්ද්‍රන්ගේ අධ්‍යක්ෂණක් වන second show චිත්‍රපටයෙනි. එය DQ ගේ මංගල රංගනය වුවත්, එහි DQ ගේ රංගනය මනාව කැපී පෙනුණු බව විචාරවල සඳහන්.
හරිලාල් හෙවත් ලලූ නැමැති රියදුරෙක් ලෙස කටයුතු කරමින් සිටින අතර තුර මැරවර නායකයකු සමඟ එකතු වීමෙන් තම ජීවන රටාව කෙමෙන් වෙනස් කර ගන්නා ආකාරය මනාව රංගනයෙන් ඉදිරිපත් කර ඇති බව ඔහුට ලැබී තිබූ ප්‍රතිචාරවල සඳහන්. එම රංගනයෙන් පසුව, තමන්ගේ සිනමා ගමන ස්ථාවර කරගැනීමට DQ සල්මාන් ට හැකිවිය .
එය එසේ වන්නේ 2013 වසරේ SIIMA සම්මාන උලෙළේදී කුලුඳුල් රංගනය උදෙසා පිරිනැමෙන “Best Debutant Actor” සම්මානය DQ විසින් දිනාගැනීමට සමත් වීමයි. එපමණක් නොව “Ananda Vicktam Cinema” සම්මාන උලෙළේදී ප්‍රථම රංගනය උදෙසා පිදෙන සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් සල්මාන් වාසනාවන්ත විය.
ඉන්පසුව ඔහුට සිනමාපට සදහා ලැබුණු ආරාධනාවලින් නම් අඩුවක් නොවීය. 2012 වසරේදී තිරගත වූ Second show සිනමාපටයෙන් පසුව Bangalore Davas, Vickramadithyan , Manglish, Koothara, Salala Mobiles, Nijaan නම් චිත්‍රපට හයක්ම 2014 වසරේ දී තිරගත වීම DQ ගේ සිනමා ගමන් මඟ යහපත් බවට ලැබුණු සහතිකයක් වැනිය.
ඉන්පසු Charlie, Smugglar, 100 days of love, Kali, Solo, Mahanati, Praana ඔහු චරිත මැවූ තවත් චිත්‍රපටි කිහිපයකි.
ඉහත දැක්වූ චිත්‍රපට කිහිපය අතරින් “ඛ්ඩචපතඪඥ” චිත්‍රපටය අතිශයින්ම සුන්දර වූ සිනමා සිත්තමක් වූ බවට මලයාලම් සිනමාපටවලට පෙම් බඳින බොහෝ අයගේ ප්‍රතිචාරවලින් පෙනී ගොස් ඇත.
නිදහසේ, නිහඬව තමාට රිසිසේ ජීවත් වෙමින් කළ රංගනය උදෙසා, 2015 වසරේ දී “Kerala State Film” සම්මාන උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානය DQ විසින් හිමිකර ගන්නා ලදි. ඒ ඛ්ඩචපතඪඥ චිත්‍රපටය වෙනුවෙනි. එම වසරේදී ම “Asianet film Awards පිරිනමන ලද “Gold en Star Of the year” සම්මානයට හිමිකම් කීමට මොලිවුඩ් කුමරුට හැකිවිය.
2012 වසරේ දී සිනමාවට පා තබා මලයාලම් සිනමාවේ අණසක පැතිර වූ DQ මෙතෙක් රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව පනහකට අධිකය. 2020 සිට 2023 දක්වා තිරගත වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 10ට අධිකය. එම චිත්‍රපට අතරින් Kanmani, Bangalore Davas, Solo, Karwaan, Mahanati, Charlie, Kali ආදායම් ඉපයීම අතින් සාර්ථක වූ චිත්‍රපට බව සඳහන්.
DQ රඟපෑVickramadithyan චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතය ගතහොත් විටෙක ප්‍රේමනීය බව, විටෙක රළු බව, විටෙක අසරණ බව, තවත් විටෙක ගරු ගම්භීර බව මනාව මුහුණින් පිලිබිඹු වන අයුරින් චරිතයට ආරූඪ වී රංගනයේ යෙදෙන බව ඔහු ගැන ලියැවී ඇති විචාරවල සඳහන්. ඔහු රංගනයේ යෙදෙන්නේ පමණට වඩා ශරීරය චලනය කරමින් නොව මුහුණෙන් පිලිබිඹු වන ඉරියව්වලින් බව සිනමා රංගනය පිළිබඳව මනා දැනුමෙන් හෙබි බොහෝ දෙනාට වටහා ගත හැකිය.
ඩල්කා සල්මාන් ට මෙම 2023 වසර අතිශයින්ම විශේෂ වූ වසරක් බව කිව යුතුයි. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අභිලාශ් ජෝශිගේ " King of Kotha” මලයාලම් සිනමාපටය මෙම වසරේ අගෝස්තු 24 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතයි. DQ ට මෙම සිනමාපටය වැදගත් වන්නේ ඔහු මෙම දැවැන්ත නිර්මාණයේ ප්‍රධාන චරිතයද රඟපාමින් එහි නිෂ්පාදනය වෙනුවෙන් ද දායක වී තිබීමයි. “King of Kotha චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම් ලෙස සඳහන් වන්නේ ඉන්දියාවේ Way farer Films සමාගම ආරම්භ කිරීමට පුරෝගාමියා වී ඇත්තේ ඩල්කා සල්මාන් ය. සුන්දර සිනමා නිළියක් වන ආශ්වර්යා ලක්ශ්මී මෙහි ඩල්කා සමඟින් ප්‍රධාන නිළි චරිතයට පණ පොවයි.
රඟපෑම මෙන්ම නිෂ්පාදනය අතින් ද සාර්ථක වූ පුද්ගලයෙක් ලෙස DQ ප්‍රකටය. 2022 දී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක Roshan Andreews විසින් අධ්‍යක්ෂණය කළ ඉචතභබඥ සිනමාපටය නිෂ්පාදනය කළේද ඩල්කා සල්මාන්ය. ඔහු එහි ප්‍රධාන රංගන ශිල්පියායි.
“King of Kotha” චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලදී මෙම චිත්‍රපටය රූගත කිරීම් අතරතුර, ඔබ කොපමණ වතාවක් අනතුරුවලට ලක්වූවාදැයි මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් DQ “King of Kotha” චිත්‍රපටය මට ලොකු අභියෝගයක් බව මුලින්ම වැටහී ගියා. ඒ නිසා මම බොහෝ කාලයක සිට කායික වශයෙන් එයට සූදානම් වුණා.” ඔහු වෙනත් භාෂාවලින් තැනෙන ඕනෑම විශිෂ්ට සිනමා පටයකට දායක වීමට කැමැත්තෙන් සිටින බවද එහිදී පවසා ඇත.
ඔහුට මලයාලම් භාෂාව හැරුණු කොට දෙමළ, හින්දි භාෂා මනා ලෙස හැසිරවීමට හැකියාව ඇති බව කියැවේ.
DQ චිත්‍රපට පසුබිම් ගායනයටද හපනෙකි. පියාගේ ආභාසයෙන් මලයාලම් සිනමාවට උරුමකම් කියන මොලිවුඩ් කුමරුට ඉන්දියාවේ ප්‍රධානම සිනමා සම්මාන උලෙළ වන South Indian Film Fare සම්මාන උලෙළේදී කීපවතාවක්ම හොඳම නළුවා වීමට හැකිවිය.
ඔහු මලයාලම් සිනමා නළුවන් අතර සිටින ධනවත්ම පුද්ගලයෙකි. එමෙන්ම තමන් දායක වන චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අයකරන රංගන ශිල්පියෙක් ද වේ.
නිතරම අහිංසක සිනහවක් මුවග රඳවාගෙන සිටින මේ අපූරු මොලිවුඩ් කුමරුගේ විශිෂ්ට නිර්මාණ බොහෝමයක් අපිට ඉදිරියේ දී දැකගත හැකිවේවි.