වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන ඔබ හමු වී නව කෙනෙක් වුණා

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සසඳෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමු වී නව කෙනෙක් වුණා
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටියා මඟ දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කළා..
ජීවිතයක සෙනෙහස බැඳිලා
ආදරයක සෙවණැලි අතුරා
මා හදවත විසිතුරු කරලා
ඇඳි සිතුවම් නොම යයි මැකිලා
කලක් ඇවෑමෙන් පෙරුම්පුරා
ආදර දෙවොලේ සීනු හඬින්
මා සිත ඔබ වෙත කැඳවනවා
සීතල මීදුම් සේල ඉරා
ගත දවටාගෙන මා එනවා
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා...
ගී පද - ධර්මසිරි ගමගේ
ගී නද - ක්ලැරන්ස් විජේවර්ධන
ගී හඬ - ඇන්ජලීන් ගුණතිලක /
මිල්ටන් මල්ලවාරච්චි
චිත්‍රපටය - අපේක්ෂා
මැද මාවතේ සිනමාකරුවකු ලෙස සිය සිනමා භාවිතය සනිටුහන් කළ සම්මානීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, එච්.ඩී. පේ‍්‍රමරත්නයන් විසින් සිනමාවට දායාද කරන ලද ‘අපේක්ෂා’ චිත්‍රපටය 1978 වසරේ තිරගත විය. එය ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණයයි.
සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයක බිහි වූ තවත් ජනපි‍්‍රය සිනමාපටයක් වූ මෙම චිත්‍රපටය ජනපි‍්‍රය සිනමාවේ එක් සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙහි කතා තේමාව එකල බොහෝ පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් හිමිකර ගැනීමට සමත් විය. කතා තේමාව මෙන්ම, රංගනයෙන් දායක වූ නළු නිළියන් මෙන්ම චිත්‍රපටයේ ඇතුළත් වූ ගීත 06ට ඉතාම ජනපි‍්‍රය විය. විශේෂයෙන්ම, චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ, එවක යොවුන් සංගීතඥයකු වූ ක්ලැරන්ස් විජේවර්ධනගේ බටහිර ආරට මුසු වූ සංගීත සංයීජනය, මෙම ගීත ජනපි‍්‍රය වීමට වඩාත් හේතු විය.
එසේම සිංහල සිනමාවේ එතෙක් රඟ පෑ පේ‍්‍රමවන්තයා ගේ චරිතයට පේ‍්‍රක්ෂකයින් කිසිසේත් අපේක්ෂා නොකළ රූපයක් සහිත සාමාන්‍ය සරල පෙම්වතෙක් සිනමාවට හඳුන්වාදීමේ ගෞරවය ද චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට හිමි වේ.
කඩවසම්, උස මහත, සිරුරක් වෙනුවට හීන්දෑරී, කොණ්ඩය කිසි පිළිවෙළක් නැති, ඉතාම සරල සාමාන්‍ය පෙනුමක් සහිත සැබෑ තරුණයකු, පෙම්වතකු ලෙස සිනමාවට හඳුන්වා දීම ඒ අනුව සිදුවිය.
හෙළ සිනමාවේ සුරූපී නිළියක වූ මාලිනි ෆොන්සේකා ගේ පෙම්වතා වීමට ඒ හීන්දෑරී කෙසඟ තරුණයාට අවස්ථාව ලබාදීමම අධ්‍යක්ෂකවරයාගේ සිනමා භාවිතයේ නවමු මාවතක් පෙන්නුම් කරයි.
එසේම ඒ පේ‍්‍රමකතාවට බාධාවක් වු දුෂ්ටයා ඉතා කඩවසම් තරුණයෙකි. එවක සිංහල සිනමාවට අලුතින් හඳුන්වා දුන් රංජන් මෙන්ඩිස් නම් තරුණයා හොලිවුඩ් නළුවකුගේ රූපකායට හිමිකම් කියුවෙකි.
රන්ජන් අවුරුදු 27 දී අකාලයේ මිය නොයන්නට, ඔහුගෙන් සිංහල සිනමාවට ගත හැකිව තිබු සේවය ඉමහත්ය. අපේක්ෂා සිනමාපටයට රංගනයෙන් දායක වූ ඔහුට ඉන්පසු එක දිගටම චිත්‍රපට 05ක රංගන දායකත්වය ලබාදීමට අවස්ථාව උදාවිය. එසේ වුවත් අවාසනාවට එම චිත්‍රපට ප්‍රදර්ශනයට ප්‍රථම අවුරුදු 27ක කඩවසම් තරුණයකු වූ ඔහුට සිය ජීවන රඟම¾ඩලින් හදසියේම සමුගන්නට සිදු වුයේ කිසිවකුත් අපේක්ෂා නොකළ ලෙසිනි.
මාලිනි ෆොන්සේකා, අමරසිරි කලංසුරිය ප්‍රමුඛව රොබින් ප්‍රනාන්දු, ගීතා කුමාරසිංහ, රංජන් මෙන්ඩිස් ඇතුළු පිරිසක් රංගන දායකත්වය සැපයූ මෙම චිත්‍රපටය ආදායම් වාර්තා තබමින් සාර්ථක ලෙස තිරගත වූ චිත්‍රපටයකි.
ආදරයට සීමාවක්, උස් පහත් බවක්, දුප්පත් පොහොසත්, මේ කිසිවක් අදාළ නොවේ. හිත ගිය කෙනාට සැබෑ ආදරයක් ඇති වුණි නම්, ඔහුගේ තරාතිරම, පෙනුම, දැන උගත් බව කුමක් වුවත්, ඒ හිත ළඟ නතර වීම ආදරයේ ස්වභාවයයි.
මෙහි පේ‍්‍රම කතාවක් එවැන්නකි. ගොඩාක් ලස්සන, උගත්,ධනවත් තරුණියක වූ නිරංජලාගේ ආදරය හිමිවන්නේ, ඇයට හිමි කිසිවක් නැති සාමාන්‍ය තරුණයෙකුටයි. ඔහු තමයි නිමල්. හීන්දෑරී කෙසඟ සිරුරක් හිමි, හරි හමන් රැකියාවක් නැති ඔහුට නිරංජලා දැඩි සේ ප්‍රේම කරයි. ඔවුන්ගේ පේ‍්‍රමයට විවිධ බාධකවලට මුහුණ පෑමට සිදුවේ. හමුවීම මෙන්ම වෙන්වීමත් නැවත හමුවීමක් සිදුවේ.
දෙදෙනෙකු පැතුම් පොදි බැඳගෙන ආදරය කරන්නේ කවදා හෝ ඔවුන් එක්ව ජීවිත්විය අරමුණින්ය. ඒ අරමුණ කරා යෑමේදී බොහෝ විට පවුල තුළින්, සමාජයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් විවිධ බාධා ඇතිවිය හැකියි. ඒ සියලු බාධාවන් ඉවසා දරාගෙන, තමන්ගේ අරමුණ කරා යෑම තමයි සැබෑ ආදරය හිමිකර ගැනීම වන්නේ.
මෙම චිත්‍රපටයේ මෙම ගීතමය අවස්ථාව එවැනි තත්ත්වයකට මුහුණ පෑ ආදරවන්තයින් නැවත හමුවීමේ සතුට විඳින ආකාරයයි. ගීතය පුරාම ඒ සතුට විඳිමින් ගයන අයුරු කදිමය. එය සිතට හොඳින් දනවයි.
කාලයක් පුරා පෙරුම් පුරාගෙන ‘මඟ බලාගෙන සිටි ඒ ආදරය අද ඔවුනට හිමි වී තිබේ. ඔවුන් ඒ සතුට නිදහසේ විඳගනිමින් සිටී. විඳපු සියලු දුක් සංකා මකා දමමින් ජීවිතයම මිහිරෙන් පුරාවාලමින් ඔවුනොවුන් හමුවීමේ සතුට විඳගනියි.
ආදරයක් ලස්සන වන්නට නම්, ඒ ආදරණීය බැඳීම අවංක, පිවිතුරු එකක් විය යුතුයි. ඔහු හෝ ඈ කෙරෙහි බැඳුණු පේ‍්‍රමය කුමන හේතුවක් මත හෝ නොවෙනස්ව තබා ගැනීම පිවිතුරු පේ‍්‍රමයක මුලිකම කාරණයයි. එවැනි පේ‍්‍රමයක් සිත්වල දරාගෙන, හැම බාධකයක්ම, අභියෝගයක්ම දරාගෙන ඒවාට සාර්ථකව මුහුණ දී තමන්ගේ පේ‍්‍රමය හිමි වුණු විට විඳින සතුට තරම් සතුටක් තවත් තිබේද?
යුග ගීතයක් ලෙස ගයන මේ ගීතය පුරාම ඔවුන්ගේ නොවෙනස් වූ ආදරයත්, එකිනෙකා කෙරෙහි තිබු විශ්වාසය රැකගෙන බලා සිටි අයුරුත්, අවසන ඔවුන්ගේ පේ‍්‍රමය ජයගත් අපුරුව අලංකාර ලෙස ගායක යුවළ ගායනා කරති.
මෙම ගීතය රචනා කළ ධර්මසිරි ගමගේ ශූරීන්ගේ සරල, අලංකාර, පදවැල ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත සංයෝජනයක්, රිදී තිරයේ රීදි සීනුව වූ ඇන්ජලීන් ගුණතිලකගේ මියුරු හඬ මා මුසුවුණු මිල්ටන් මල්ලවාරච්චිගේ ප්‍රේමණීය හැඟුම්බර හඬ හේතුවෙන් මෙම ගීතය අදටත් දැනෙන විඳින නොමියෙන ගීතයක් බවට පත් වී තිබේ.ලා මුතුතන්ත්‍රි