වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
ඈ හා අතීතේ ගැයූ ගීත රාවේ මුසු වී ඇසේවා සුළඟේ පවා

කෝ මා පැතූ ඔබේ ආදරේ
කෝ මා පැතූ ඔබේ ආදරේ
කෝ මා පැතූ
ආවේ එදා මා තනි වී ලොවේ හි
නැති වී ගියා ඒ හැඟුමන් මෙහි..//
යළි මා අනාථයි
උතුරා ගලා යයි සංවේදනා....
කෝ මා පැතූ ඔබේ ආදරේ
කෝ මා පැතූ ඔබේ ආදරේ
කෝ මා පැතූ
ඇ හා අතීතේ ගැයූ ගීත රාවේ
මුසු වී ඇසේවා සුළඟේ පවා...//
කෙවිලි කැදැල්ලේ කොවුලා ඉඟිල්ලේ
දැන් ඈ දමා
කෝ මා පැතූ ඔබේ ආදරේ
කෝ මා පැතූ ඔබේ ආදරේ
කෝ මා පැතූ
පායා පහන් වූ රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා..//
කවදා ද ආයේ පායා දිලෙන්නේ රන් තාරකා
කෝ මා පැතූ ඔබේ ආදරේ
කෝ මා පැතූ ඔබේ ආදරේ
කෝ මා පැතූ...
ගී පද - රංජිත් වීරසිංහ
ගී නද - ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස
ගී හඬ - ටී.එම්. ජයරත්න
චිත්‍රපටය - ජනක හා මංජු (1978)
ආදරයක අවසානය හිමි වීමක් නොවුණත්, සැබෑ ආදරයක් කිසි දා සිතින් ඈත් නොවේ. හිමිකර ගත නොහැකි වුණත් එවන් පේ‍්‍රමයේ කිසිදා සිතින් අත් නොහරියි. ඈත දුරක සිට හෝ බලා සැනහෙන්නට එවන් ආදරණීය හදවත්වලට හැකියාව තිබේ.
ජීවිතේ තනි වුණු කෙනෙක්ට, දැනෙන ප්‍රේමයක් හිමි වුණොත්, ඔහුට මුළු ජීවිතයම වන්නේ ඒ පේ‍්‍රමයයි. ඒ ප්‍රේමය නිසා ඔහු යළි ජීවත්වන බවක් හැඟෙයි.
බලාපොරොත්තුවක්, නැතුව ගෙවුණු ජීවිතය බලාපොරොත්තු හා අරමුණු වලින් පිරී යයි. ලස්සන සිහිනයක් සේ ජීවිතය සුන්දර බව හැගෙයි. නැවුම් සිතිවිලි, නව බලාපොරොත්තු ජීවත් වෙන්න පාර කියයි.
ඒ වගේ නැවුම් බලාපොරොත්තු වලින් විකසිත වුණු ජීවිතයකට නොසිතූ ලෙස ආයෙත් ආදරය අහිමි වුණොත් කුමක් වේවිද?
මේ ගීතයෙන් කියැවෙන්නේ එවැනි ආදර කතාවක් පිළිබඳවයි. තනිකමින්, පාළුවෙන් ගෙවුණු ඔහුගේ ජීවිතයට වසන්තය ගෙනා ඈ ඔහුට අහිමි ජීවිතේ නැගෙන ශෝකය ඔහු දරාගැනිමට වෙර දරයි.
යළිත් ඔහු තනිවීමෙන් ඇති වූ කම්පනය, ඈ යළි හමුවේ යැයි යන ප්‍රාර්ථනයෙන් දරාගැනීමට උත්සාහ කරයි. ඈ හා ගෙවූ අතීත සොඳුරු සැමරුම් සි්හි වී හද පරවයි. ඈ තනිකර දමා ඈත්ව යන්නට ඔහුට සිදු වී තිබේ.
ජීවිතයට එළිය ගෙනා සියලු පැතුම් සුන් වී ගියත්, නැවත කවදා හෝ ඈ යළිත් හමුවේවී යයි ඔහුගේ සිත කියයි. ඒ පුංචි බලාපොරොත්තුව ඔහුට ජීවත් වීමට ශක්තියක් වේ.
ඉතාම මිහිරි තනුවකට, හැඟුම්බර, ළයාන්විත, සුපැහැදිලි හඬ මුසුවට ගී පද එක්කර ගයන එම ගායනය ඉතාම අලංකාරවත්ය.
1978 වසරේ ජනවාරි මස 27 වන දින රීදි තිරයේ දිගහැරුණු 374 වන සිංහල චිත්‍රපටය වන්නේ ජනක හා මංජුය. එදා සිනමා පේ්රක්ෂකයින් විසින් ඉමහත් ජනපි‍්‍රයත්වයක් හිමිකර දුන් මෙම චිත්‍රපටය සංගීතමය කාව්‍යයක් වැනිය. මෙහි අන්තර්ගත වූ මෙම ගීතය සේම, ‘ලෝකේ ජීවත් වෙන්නට ලස්සන ඕනෑ වේ’ යන ගීතයත්, ‘සුවඳක් දැනේවී හඳේ හී ආදර ලෝකේ හා.. හා...’ , සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්’, මේ ගී එදා ඇගේ හඬින් මා ඇසූ රාවයයි...’ වැනි ගීත හේතුවෙන් මෙම චිත්‍රපට ඉතාම ජනපි‍්‍රය විය.
මෙහි ඇතුළත් සියලුම ගීතවලට ඉහළ පේ්රක්ෂක ආකර්ෂණයක් හිමි වූ අතර, අදටත් මෙම ගීත නොනැසී පවතී.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන ජනක හා මංජු ලෙස ජයන්ත දාස් හා ගෝතමී පතිරාජ රංගනයෙන් දායක වූ අතර සෝනියා දිසා, උපාලි අත්තනායක, තලතා ගුණසේකර, ඩී.ආර්, නානායක්කාර, දෙනවක හාමිනේ, හර්බට් අමරවික්‍රම, සම්පත් ශ්‍රී නන්දලෝචන සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වූහ.
1979 වසරේ දී මෙරට පැවත් වූ ප්‍රථම ජනාධිපති සම්මාන උළෙලේ දී මේ චිත්‍රපටයේ ‘කෝ මා පැතූ’ ගීතය ගායනා කළ ටී.එම්. ජයරත්න එම වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය ලබාගත් අතර, උපාලි අත්තනායකගේ රංගනය උදෙසා කුසලතා සහතිකයක් හිමිවිය.
සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය කලාවේ නොමැකෙන නාමයක් සටහන් කළ ආදරණීය කෘතහස්ත සිනමා හා ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු වූ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ නිර්මාණයක් වූ මෙම සිනමාපටය ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයකි.
අහිමි වූ මව්පිය සෙනෙහස සොයන යෞවනයකු හා ඔහුට හදිසියේ හිමිව අහිමිවවන පේ‍්‍රමයත්, මව්පිය සෙනෙහස මෙන්ම අහිම වූ පේ‍්‍රමය නැවත හිිමිවීම ගැන කියැවෙන කතාවක් චිත්‍රපටයට පාදක වී තිබේ. මෙරට සිනමාවේ ප්රගමනය උදෙසා මෙවැනි චිත්‍රපටවලින් ලැබුණු දායකත්වය ද අගය කළ යුතු වේ.