ධර්මේන්ද්‍ර - මීනා - හේමා තුන් ඈදුතු තහනම් පේ‍්‍රමාවලියක්

අගෝස්තු 18, 2022


 
 සුන්දරත්වය, කඩවසම් බව, යෞවනය, ජනප‍්‍රිය භාවය, ධනය ජීවිතයට හිමිකරන දේ මෙන් ම අහිමි කරන දේද බොහෝ ය. ධරම් සිං ඩියොල් සිනමාවට පිවිසෙන්නේ ආදරණීය සැමියකු පියකු වශයෙනි. වයස අවුරුදු 19 ක් තරම් ළාබාල වයසේදී ඔහු ප‍්‍රකාෂ් කෞව්ර සමඟ විවාහ වූයේ. කුඩා කාලයේ සිට ම සිනමා උමතුව තිබූ නිසා මව ඔහුට ෆිල්ම් ෆෙයාර් සඟරාව මඟින් ජාතිකව සංවිධානය කළ නවක කුසලතා සම්මාන තරගය සඳහා අයැදුම් පතක් යොමු කරන ලෙස පැවසුවාය. එයට ඉදිරිපත් වූ ඔහු ජයග‍්‍රාහකයා බවට පත්විය. ජයග‍්‍රාහකයාට සිනමා පටයක රඟන්න අවස්ථාව ලැබෙන නිසා ධරම් පන්ජාබ් ප‍්‍රාන්තයෙන් මූම්බායි පුරවරයට පැමිණියේ නළු සිහිනය දකිමිනි. ෆිල්ම්ෆෙයාර් සංවිධායකයන් සිනමා පටයක රඟපෑමට අවස්ථාව ලබා දෙන බව පැවසුව ද ඒ සිනමා පටය කිසිදා නිර්මාණය වන්නක් නොවීය. ධරම්, ධර්මේන්ද්‍ර වෙමින් 1960 තිරගතවූ දිල් භී තෙරේ හම් භී තෙරේ සිනමා පටයෙන් රංගනයට අවතීර්ණ විය. ඔහුට කුලූඳුල් රංගනයට ලැබුණේ ඉන්දියානු රුපියල් 51 කි. පළමු සිනමා අත්දැකීම එතරම් සුබ දායක නො වූවත් ඔහු උත්සාහය අත් හැරියේ නැත.
 
 මීනා - ධර්මේන්ද්‍ර පරිච්ෙඡ්දය
 
 1960 - 1967 කාලයේ සිනමා පට ගණනාවක ම සහාය නළුවා වෙමින් සිනමා රංගන උමතුව යම් තරමකට තෘප්තිමත් කර ගත්තේය. එහෙත් ඔහු එක් රැුයකින් භාරතයේ ආදරණීය පෙම්වතා කිරීමට ජීවිතය කැප කළේ භාරත සිනමාවේ කඳුළු බිඳුව ය. වයස්ගත විවාහක සැමියා කමල් අම්රෝහිගේ පේ‍්‍රම වධකාගාරයෙන් මිදීමට මඟක් සොයමින් සිටි මීනාට නවක නළු ධර්මේන්ද්‍ර මුණ ගැසිණි. මෙයින් භී ලඞ්කි හූන් :1964) රැු ඵ්සබ ඊයස ඛ්ානස ්‍යදදබ :1964) මීනා, ධර්මේන්ද්‍ර ප‍්‍රථම සිනමා පේ‍්‍රම වෘත්තාන්තය වූවා සේම සැබෑ ජීවිතයේ ද මීනා සෙවූ පරම රමණීය පේ‍්‍රමය ධර්මේන්ද්‍රගෙන් වි`දින්නට ලැබිණි. මීනා ධර්මේන්ද්‍රට වඩා වසර දෙකක් වැඩිමල් විය. නැඟී එන නළුවාට මීනා කෙතරම් ආදරණීය ශක්තියක් වූවාද කිවහොත් නිෂ්පාදකයන්ට ඇය තිරයේ පෙම්වතා ලෙසින් ධර්මේන්ද්‍ර යොදා ගන්නා ලෙසට බල කළා ය. ධර්මේන්ද්‍ර එක් රැුයකින් සිනමාවේ ජනප‍්‍රියම පෙම්වතා වූයේ, සිනමා ගමනේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වූයේ මීනා එසේ ඔහුට ලබා දුන් චරිතයක් නිසාය. පූල් ඕර් පත්තර් :1966) රැු ඡුයදදක ්මර ඡු්එඑය්ර :1966) ඒ සිනමා පටයයි. 1966 වසරේ වැඩිම ආදායමක් ලද සිනමා පටය වූයේ එයයි. එය ධර්මේන්ද්‍ර ගේ පළමු ක‍්‍රියාදාම සිනමා පටය විය. ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළකදී පළමුවරට ධර්මේන්ද්‍ර හොඳම නළුවා ලෙසින් නිර්දේශ වූයේ එහි රංගනයට ය. සහාය නළුවකු වෙමින් සිනමා නගරයේ අතරමං වී සිටි ඔහු මීනා ගේ පිහිටෙන් ”‍ඒ”‍ කාණ්ඩයේ නළුවකු විය. මීනා ගේ සමකාලීන නිළි යෙහෙළියක වූ නාර්ගිස්, මීනා කිසිවකුට හෝ ආදරය කළා නම් ඒ ධර්මේන්ද්‍රයි. මීනා කිසිවකු වෙනුවෙන් ආදරයෙන් උමතු වූවා නම් ඒ ධර්මේන්ද්‍ර වෙනුවෙන් ම පමණයි. ”‍භාරතයේ කඳුළු බිඳුව ජීවිතය මත්වතුරේ දියකර අවසන් කළ පසු පවසා තිබිණි. ධර්මේන්ද්‍ර විවාහක පියකු බව මීනා දැන සිටියාය. ඔහුට දරුපවුල සමඟ ඇති බැඳීම ඇයට වැටහිණි. එහෙත් අහිමි ආදරයක් හිමිකර ගැනීම ම ජීවිතය කරගත් මීනා අහිමි පෙමක් හිමි පෙමක් කරගෙන එහි කිරුළු දැරුවා ය. කාජල්, මජ්ලි දිදී, චන්දන් කා පල්නා, බහාරොන් කි මන්සිල්, පූල් ඕර් පත්තර් මීනා ගේ ආදරය වෙනුවෙන් ධර්මේන්ද්‍රට ලැබුණු සිනමා රංගන තිළිණයන් ය. තමන් හැර ගිය ද කමල් අම්රෝහි මීනා, ධර්මේන්ද්‍ර පෙම්වතුන් ලෙස දැකීමට අකැමැති විය. ඒ හේතුවෙන් මීනා ගේ සිනමා රංගනයේ කූටප‍්‍රාප්තිය සහ අවසන් රංගනය ඇතුළත්වූ පාකීසා සිනමා පටයට ධර්මේන්ද්‍ර වෙනුවට රාජ් කුමාර් තෝරා ගැනිණි. ධර්මේන්ද්‍ර සාර්ථක, ජනප‍්‍රිය නළුවකු වූ පසු මීනා ගේ ඇසුරින් ඈත් විය. ඉන්පසු ඇය පේ‍්‍රමය කරගත්තේ මී විත ය. ධර්මේන්ද්‍ර නිසා මීනා ජීවිතය මධු විතට දියකර හැරියා විය යුතුය. එහෙත් ඇය ධර්මේන්ද්‍ර සමඟ පෙමින් බැඳී සිටින තුරු ධර්මේන්ද්‍ර, මීනාට මත්පැන් පානය තහනම්කර තිබිණි. එනිසා ඔහු සමඟ සිටින තුරු මීනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූවාය. මීනා ධර්මේන්ද්‍රට කෙතරම් උමතු ලෙස පෙම් කළා ද කිවහොත් සෙනෙහස වැඩිකමට ඇය ඔහුට නිතර පහර දී ඇත.මේ බව පවසන්නේ අන් කවරකු හෝ නොව මීනාගේ ම සොයුරියයි. ”‍ ධර්මේන්ද්‍ර මීනා කුමාරි මුණ ගැසෙන්න කාටර් මාවතේ මීනා ගේ නිවෙසට ආවා. එහෙම එන හැම දවසකම එයා එළියට අවේ ඇස්වල කඳුළු පුරවා ගෙන. ඇයි ඇහුවම මට එයාගෙ මත්පැන් පානය නතර කරන්න උදව් වෙන්න විදියක් නැහැ කියනවා. ”‍ මීනා ගේ සොයුරිය පවසා තිබිණි. වසර ගණනාවකට පසු මාධ්‍යවේදියෙක් මීනා කුමාරි ඔබ ගේ ප‍්‍රථම පේ‍්‍රමයද ? කියා ධර්මේන්ද්‍රගෙන් විමසූ විට ඔහු ලබාදී ඇත්තේ ”‍ ආදරයක් නැහැ. මං එයාගෙ රසිකයෙක්. ”‍ යන පිළිතුර ය.
 
 මීනා ආදරය ජීවිතය කර ගත්තාය. ධර්මේන්ද්‍ර ජීවිතයට ආදරය කළේය. ධර්මේන්ද්‍ර කිසි දිනක ප‍්‍රසිද්ධියේ හෙළි නො කළ ද දෙදෙනො කාලයක් පෙමින් සිටි බව ලොව ම දන්නා රහසකි.
 
 ඔහු ගේ කෘතවේදී බව හෝ අකෘතඥකම ගැන දන්නේ ඔහුගේ ම හෘද සාක්ෂිය පමණයි.
 
 1971 වසරේ අවසන් දිනයත් මීනා ගතකළේ ධර්මේන්ද්‍ර සමඟ බව එක් වාර්තාවක සඳහන්ව ඇත. මීනා උදාවන නව වසරේ මාස කිහිපයකින් දිවි ගමන නිමවන බව ඉවෙන්වත් දැන නො සිටියාය. 1972 වන විට ජනප‍්‍රිය පේ‍්‍රමවන්තයා වී සිටි ධර්මේන්ද්‍රට සිනමාවේ අලූ‍ත්ම පෙම්වතිය හේමා මාලිනී සමඟ රඟපෑමට මුලපුරා තිබිණි.
 
 සිරෝසිස් වැලඳී පීඩා විඳි මීනා 1972 මාර්තු 31 දා අවසන් හුස්ම හෙළුවා ය. අහස උසට ඉහළ ගොස් තිබුණු ඇය ගේ රෝහල් ගාස්තුව ගෙවීමට කමල් අම්රෝහිවත් ධර්මේන්ද්‍රවත් ඉදිරිපත් වූයේ නැත. අවසන් කටයුතු සිදු කළේ නාගීස් හා සුනිල් දත් ගේ ප‍්‍රධානත්වයෙනි.
 
 හේමා - ධර්මේන්ද්‍ර පරිච්ෙඡ්දය
 
 කෙතරම් සුරූපී තාරකාවන් ධර්මේන්ද්‍ර‍ ගේ තිරයේ පෙම්වතිය වුව ද යුගයක් උදා කිරීමට ඒ තිර පෙම්වතියන්ට නො හැකි විය. එහෙත් හේමා - ධර්මේන්ද්‍ර සුසංයෝගය යුගයක් බිහි කළේය. රාජා ජානි, සීතා ඕර් ගීතා, ෂරෆත්, නයා සමානා, පත්තර් ඕර් පායල්, තුම් හසීන් මෙයින් ජවාන්, ජුග්නු, දෝස්ත්, මා වැනි සිනමා පට ඒ සුසංයෝගයෙන් රසිකයන්ට තිළිණ වූ සිනමා පට ය. ධර්මේන්ද්‍ර ට හේමා මුලින් මුණ ගැසෙන්නේ කේ. ඒ. අබ්බාස් ගේ ආස්මාන් මහල් සිනමා පටයේ පූර්ව දර්ශන වාරයේදී ය. හේමා සිනමාවට කැන්දාගෙන ආ බී ආනන්ද්ස්වාමි හේමා ගේ මවට සිනමා පටවල පූර්ව දර්ශනවලට සහභාගී වීම නවක නිළියකට වැදගත් බව පැවසුවේය. එවැනි තැන්වලදී බොහෝ දෙනා හඳුනා ගැනීමට ලැබෙන අතර ක‍්‍රමක‍්‍රමයෙන් සිනමාවේ ජනප‍්‍රිය චරිතයක් වීමට ද එවැනි සහභාගී වීම් හේතු වෙයි. ඒ වන විට හේමා රඟපා තිබුණේ එක ම සිනමා පටයක පමණි. හේමා ගේ මව කන්ජිවරම් සාරියකින් හේමා සරසා ගෙන පූර්ව දර්ශනයට දියණියත් සමඟ සහභාගී වූහ. ඒ වන විට හේමා රාජ් කපූර් සමඟ රඟපෑ මුල්ම සිනමා පටය තිරගතවී නො තිබිණි. පූර්ව දර්ශනය අවසානයේ කලාකරුවන් වේදිකාවට කැඳවා ප‍්‍රතිචාර විමසන අතර හේමා ද වේදිකාවට කැඳවන ලදී. ශෂී කපූර් සමඟ වේදිකාවේ සිටි ධර්මේන්ද්‍ර හේමා එන විට ”‍ අර ගෑනු ළමයා හරි ලස්සනයි ”‍ පවසා තිබෙයි. එය හේමාට ඇසුණත් නො ඇසුණාක් මෙන් ඇය සිටියාය. 1970 දී තුම් හසීන් මෙයින් ජවාන් සිනමා පටයේ ප‍්‍රධාන චරිත රඟපෑමට හේමාටත් ධර්මේන්ද්‍රටත් අවස්ථාව ලැබිණි. සිනමා පටය ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත විය. එක දිගට සිනමා පට ගණනාවක රඟ පාන විට හේමාට සිතුණේ ධර්මේන්ද්‍ර වාගේ කෙනකු සැමියා වන්නේ නම් කෙතරම් හොඳද කියාය. එහෙත් ධරර්මේන්ද්‍ර ගේ සිතේ මෝදු වෙමින් පැවතුණේ සෙනෙහසකි. ඒ වන විට ඔහු සිව්දරු පියෙකි. සනී, බොබී පුතුන් හා විජේතා, අජිතා දියණියන් ඒ ¥දරුවන් සිව්දෙනාය.
 
 ධර්මේන්ද්‍ර දියණිය ගැන වැඩි උනන්දුවක් දක්වන බව තේරුණු පසු මාපියෝ හේමා මාලිනීට දැඩි රැුකවල් යෙ¥හ. ඇය රූගත කිරීම්වලට සහභාගී වූයේ මව හෝ නැන්දණිය සමඟයි. එහෙත් එක් ගීතයක් රූගත කිරීමේදී පියා ඇය සමඟ පැමිණියේය. වාහනයේ හේමා ළඟින් ධර්මේන්ද්‍ර වාඩිවීම වළක්වා ලීමට පියා අසලින් වාඩි වූයේය. එහෙත් ධර්මේන්ද්‍ර ද ආසන්න අසුනේ වාඩිවී තමන් ද පරාජය නො වන බව පෙන්වීය.
 
 ෂෝලේ රූගත කරන විට හේමා වැලඳ ගැනීමට ධර්මේන්ද්‍ර එකල රුපියල් 2000 ක් වැය කළ බව ක්ෂේත‍්‍රයේ වැඩි දෙනකුට රහසක් නො වෙයි. එහි ධර්මේන්ද්‍ර හේමාට වෙඩි තැබීමට උගන්වන දර්ශනයක් රූ ගත කිරීමට තිබිණි. එහිදී ධර්මේන්ද්‍ර ආලෝකය සපයන පිරිමි ළමයින්ට වරකට රුපියල් විස්ස බැගින් දී දර්ශනය කිහිප වරක් රූගත කිරීමට අවස්ථාව ලබා ගන්නා ලදී. ඔහු එසේ කරන ලද්දේ හේමාව තුරුලූ‍ කරගැනීමට ලැබෙන වාර ගණන වැඩිකර ගැනීමට ය. මුලදී ධර්මේන්ද්‍ර ගේ චරිතයට තෝරා ගෙන තිබුණේ සංජීව් කුමාර්ය. එහෙත් හේමාට සංජීව් කුමාර් විවාහ යෝජනාවක් ගෙන ආ බැවින් ඇය ඔහුට අකැමැති වූවාය. හේමා සංජීව්ට අකැමැති වූයේ ඔහු සාම්ප‍්‍රදායික අදහස් තිබූ පිරිමියකු බැවිනි. ඔහුට අවශ්‍ය වී තිබුණේ මව රැුක බලා ගන්නා ජීවිතයේ සියල්ලම විවාහයට කැප කරන බිරියකි. හේමා සාම්ප‍්‍රදායික බිරියක වීමට අකැමැති වූවා ය. චරිතය සඳහා ධර්මේන්ද්‍ර ගේ නම යෝජනා කරන ලද්දේ ද හේමාමාලිනී විසින්ම ය.
 
 හේමා මාලිනී ගේ මාපියන් ධර්මේන්ද්‍රගෙන් දියණිය වෙන් කිරීමට නො ගත් උත්සාහයක් නැත. වරක් ඇය ගේ මාපියන් දියණියට ගැළපෙන සහකරු ලෙස ජිතේන්ද්‍ර තෝරා ගත්තේ ය. ජිතේන්ද්‍ර ද ඊට එකඟ විය. මදුරාසියේ තරු පහේ හෝටලයක මංගල්‍යය පැවැත් වීමට නියමිත විය. මංගල දිනය උදාවිය. ධර්මේන්ද්‍රට මේ ගැන ආරංචි විය. ඔහු වහාම මදුරාසිය බලා පිටත් විය.
 
 ජිතේන්ද්‍ර ද හේමා හා විවාහ වීමට එකඟ වී සිටියේ පෙම්වතියක සිටියදී ය. ධර්මේන්ද්‍ර මංගල්‍යයට පැමිණියේ තනිවම නො වෙයි. ජිතේන්ද්‍ර ගේ පෙම්වතිය සෝභා සිප්පි සමඟයි. හේමා ගේ පියා දුව ගේ ජීවිතෙන් ඉවත් වන ලෙස ඉල්ලා ධර්මේන්දු තල්ලූ‍ කළ ද ඉවතට ගියේ ධර්මේන්ද්‍ර නො වෙයි. පෞද්ගලිකව හේමා සමඟ කතා කිරීමට අවස්ථාවක් ඉල්ලූ ධර්මේන්ද්‍ර කතා කර සෙනඟ ඉදිරියට පැමිණියේය. ඔහු මඳක් බීමත්ව සිටියේය. හේමා හොඳින් ම හැඬූ බවට ඇය ගේ ඉදිමුණු ඇස් සාක්ෂියක් විය. අවසන ජිතේන්ද්‍ර - හේමා විවාහය සිදු නො විණි. ඔහු 1974 ඔක්තෝබර් 18 වැනිදා සෝභා සමඟ විවාහ වූ අතර එක්තා කපූර් හා තුෂාර් කපූර් ඔවුන් ගේ දරුවන් දෙදෙනාය. හේමා හා ධර්මේන්ද්‍ර 1979 අගෝස්තු 21 වැනිදා විවාහ විය. ඊශා හා අහානා ඔවුන ගේ ¥වරුන් දෙදෙනා ය.
 
 බොලිවුඩයේ සිහින කුමරිය බිරිය කර ගන්නා ආරංචිය රසිකයන් මෙන් ම මාධ්‍යය ද තදින් හෙළා දැක්කේය. එහෙත් ධර්මේන්ද්‍ර ගේ ආත්ම ගෞරවය බේරාදී අවමානය අවම කළේ ඔහු ගේ පළමු බිරිය ප‍්‍රකාශ් කෞර් ය. ඇය ”‍ ධරම් මගේ ප‍්‍රථම පේ‍්‍රමයයි. ඒ වාගේම මගේ ජීවිතේට ආව අවසාන පිරිමියාත් ඔහුමයි. දරුවන් හතර දෙනා ගේ පියාත් ඔහුයි. ඔහුට මා ගොඩක් ගරු කරනවා. ආදරය කරනවා. විය යුතු දේ සිදු වෙනවා. ඔහුට බණිනව ද මගේ ඉරණමට චෝදනා කරනවද තේරෙන්නේ නැහැ. මට ඔහු අවශ්‍යයි. ඔහු ගැන ඇති වීශ්වාසය මං නැති කරගෙන නැහැ.
 
 සිනමාවේ ඔහොම දෙයක් කළ එකම පිරිමියා ඔහු නෙවෙයිනෙ. තවත් ඕනෑ තරම් අය ඉන්නවා.
 
 මට හේමාව තේරෙනවා. ඒත් මං හේමා වුණා නම් ඔය දේ කරන්නේ නැහැ. ”‍ පැවසුවාට පසු බොහෝ දෙනෙක් නිහඬ වූහ.
 
 ධර්මේන්ද්‍ර සිහින කුමරිය සමඟ විවාහ වූයේ හින්දු ආගම ද කැපකරමිනි. හේමා මාලිනි ද එසේම ය. දෙදෙනා ම මුස්ලිම් ආගමට බැඳුණේ ප‍්‍රකාශ් කෞර් දික්කසාදය දීමට එකඟ නො වීම නිසා ය.
 
 ධර්මේන්ද්‍ර හා විවාහ වීමෙන් කාගේවත් සිත රිදුණේ නැති බව හේමා මාලිනී පැවසුව ද ප‍්‍රකාශ් දික්කසාදය නො දීමෙන් ම ඇය ගේ සිත් වේදනාවේ තරම තේරුම්ගත හැකි ය. ධර්මේන්ද්‍ර ගේ මහ ගෙදර දොර අද‍ටත් හේමා වෙනුවෙන් විවෘත වන්නේ නැත.