වර්ෂ 2023 ක්වූ October 01 වැනිදා Sunday
ගමනක සටහන් කියවමු

‘මුල්වාරයේ ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිටි මා අසමත් වූයේය. සමත්ව තිබුණේ විෂයයන් හතරක් පමණි.... තාත්තා කීවේ ‘විභාග තිබෙන්නේ පාස් වෙන්න විතරක් නෙවෙයි. ඊළඟ වතාවේ පාස් වෙන්නකො‘ කියාය. අම්මා කීවේ ‘ඔන්න බලන්න ඊළඟ වතාවේ ඔහේ හොඳට පාස් වෙනවා‘ කියාය.
...අම්මා පැවසූ පරිද්දෙන් මම දෙවැනිවර විභාගයෙන් සමත්වීමි... මට අවශ්‍ය වූයේ රැුකියාවක් කරන්නටය. එය විශේෂ රැුකියාවක් සඳහා වූ ආසාවකි. කුඩා කල සිටම චිත්‍රපට නරඹන්නට මා තුළ වූයේ දැඩි ආසාවකි. ඉදින් කිසියම් ආකාරයකට සිනමා ශාලාවක ප්රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස රැුකියාවක් ලබාගත හොත් හැමදාම චිත්‍රපට බලන්නට හැකි වෙතැයි මට සිතිණි. මගේ අදහස පියාට දැන් වූ විට එතුමාත් අම්මාත් එයට දැඩි ලෙස විරුද්ධ වූහ. එහෙත් මම මගේ අදහස වෙනස් නොකළෙමි...
...තාත්තාගේ මිතුරකු මාර්ගයෙන් මට පුහුණුවන ප්රක්ෂේපණකරුවකුගේ තනතුරක් ලබාගත හැකි වූයේය. චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භව පැයක් පමණ වන විට ප්රක්ෂේපණ කුටිය රත්වන්නට පටන් ගනී. මට අයිති කාරිය වූයේ යන්ත්‍රයේ එක රීලයක් අවසානයේ ලකුණක් වැටෙන විට අනෙක් යන්ත්‍රය ක්‍රියා කරන්නට කටයුතු කිරීම මෙන්ම නොපිටට එතුණු චිත්‍රපට රීලය නිසි පිළිවෙළට එතීමය. මෙම කටයුතු අතර චිත්‍රපටය බලන්නට අවස්ථාවක් නොලැබේ. සතියකින්ම මට රැුකියාව එපා වූයේය. මම තාත්තාට කීවේ ආයෙත් පාසල් යන්නම් කියාය. තාත්තා සිනාසුණා මිස කිසිවක් නොකීවේය....”
මෙසේ සටහන් වන්නේ මහාචාර්යවරයකුගේ ජීවිත කතාවේ මුල් භාගයේ බව කීවොත් ඔබ මොහොතකට විශ්වාස නොකරනු ඇත. එහෙත් ගමනක සටහන් - ජීවිත ගමනේදී දැනුණු, ඇසුණු, දැකපු, සිතුණු දේ...පිළිබඳ ලියන මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සිය ස්වයං අපදානයේ දෛවය විසින් තමන් මෙහෙය වූ ආකාරය සහ එය දෛවයටම විසඳන්නට ඉඩ දී වැඩිහිටියන් ඉවසීමෙන් කටයුතු කළ අයුරු දක්වන්නේ එසේය. විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වීම මතු නොව සිසු සිසුවියන් දහස් ගණනකගේ ගෞරවාදරය දිනූ ගුරු පියකු වීමේ ඔහුගේ ගමන පටන් ගන්නේ ඒ අයුරිනි.
ගමනක සටහන් හුදු අපදානයක් පමණක් ලෙස හැඳින්වීම ඒ කෘතිය පිළිබඳ කරන මෙවන් හැඳින්වීමකදී සාධාරණ නොවන්නේ යැයි සිතමි. හේතුව ඇරඹුම, ඉසිඹුව සහ හමාරට පෙරාතුව ලෙස පමණක් බෙදා ඇති පිටු තුන්සිය විසිපහක පමණ නවකතාවක් බඳු මේ රසවත් සටහන් සුලබ අපදාන ලක්ෂණවලට වඩා වෙනස් වූ ආකෘතියකින් හැඩ ගන්වන්නට ලේඛකයා සමත් වී සිටීමයි. මෙය කතුවරයාම පවසන පරිදි කාලානුක්රමණිකව සිදුවීම් පෙළ ගැස් වූ දිනපොතක් වන් මතක සටහනක් නොවේ. එසේම ජීවන ගමනේ විශේෂ වූ සිදුවීම් අනුපිළිවෙළින් පෙළ ගැස් වූ සිද්ධි අනුක්‍රමණික මතකාවර්ජනයක් ද නොවේ. ඔහුට අවශ්‍ය ව ඇත්තේ ඉන්දීය ලේඛක ආර්. කේ. නාරායන් ගේ ‘දින නොමැති දින පොත‘ (ඵහ ෘ්එැකැිි ෘස්රහ- 1960) වැන්නකින් ජීවිත අත්දැකීම් ගොන්නක් සිය සහෘදයන් සමඟ බෙදා ගැනීමටය. එසේත් නැති නම් නොබෙල් සාම ත්‍යාග ලාභී චිලී රටේ මහාකවි පැබ්ලෝ නෙරුදා ලියූ සමන් වික්‍රමආරච්චි විසින් මෑතක ‘මට මතක මම‘ මැයෙන් සිංහලට නඟන ලද මෙමෝඅර් (ඵැපදසර -1974) වැනි කෘතියකින් තම මතක ලෝකයක් සිත් සේ හෙළි කරන්නටය. එසේත් නැතහොත් නෙරුදාගෙන් ලද ආභාසය ඇතිව ආචාර්ය තිස්ස අබේසේකර විසින් රචිත ‘අයාලේ ගිය සිතක සටහන්‘ වැනි සටහන් ඔස්සේ තම මතකය සහ මතවාදය සහෘදයා වෙත ළං කිරීමය.
ඔහු සමඟ සුහද කතාබහකදී මහැදුරු පල්ලියගුරුන් ඒ ආකෘතිය පිළිබඳ කීවේ මෙවන් අදහසකි. ”මම ආදර්ශයට ගත්තේ නාරායන්ගේ හිතට එන දේවල් දිනපොතක ලීව ක්‍රමය. කරදරයක් නැතිව හිතට එන දේවල් පැහැදිලි කරන්න මට ඉන් අවස්ථාව ලැබෙනවා. ”
එහෙත් ස්වයං අපදානයක් රචනයේදී පරෙස්සම් විය යුතු බව කතුවරයා කෘතියේ කලින්ම සඳහන් කරන්නේ මේ ග්‍රන්ථය රචනයේදී ඔහු බොහෝ පරෙස්සම් වූ බවට දක්වන සංඥාවක් සේය. එයට හේතුව ‘චන්ද්‍රසිරි පල්ලියගුරු‘ යන නාමරූපයෙන් අප හඳුනන මේ අපූර්ව ලේඛකයාගේ ආත්මීය ස්වභාවය ලෙස අපට සැලකිය හැකිය. තමන්ට සිදු වූ හානිය හෝ පාඩුව පසෙක ලා අන්‍යයන්ගේ සිත් රිදවීමෙන් හෝ වරදක් පුන පුනා හුවා දක්වමින් තෘප්තිමත් වීමේ නිර්දය ස්වභාවයක් නැති දයාර්ද හදවතක් ඇත්තකුට තම කෘතිය සම්පාදනයේදී පරෙස්සම් විය යුතු දේ බොහෝ තිබෙන්නට පුළුවන.
ලේඛකයකු නිර්මාණකරණයට පෙලඹෙන හේතු හතරක් ඔහු ගමනක සටහන් තුළ දක්වයි. ඒ, ආත්ම ප්රකාශනයට ඇති කැමැත්ත, පුද්ගලයන් හා ඔවුන්ගේ කටයුතු පිළිබඳ දැනගන්නට ඇති ආශාව, අප ජීවත් වන ලෝකයේ යථාර්ථ ස්වභාවය දැනගැනීමට ඇති කැමැත්ත හා නිර්මාණයේ සැලැස්මට ඇති කැමැත්තයි. ඒවාට පදනම් වන්නේ මතකය බවද අපමණ වූ සිදුවීම් අතරින් අපට මතක සිටින්නේ අප කැමැති දේ හා අතිශයින්ම කම්පාවට පත් දේ පමණක් බවද අතිශය අමිහිරි දේ අමතක කර දමන්නට මොළයට ඇති පුදුමාකාර හැකියාව පිළිබඳව ද ඔහු කතා කරයි.
1943 වසරේ උපන් ඔහු 2020 වසරේදී සිය ජීවන අත්දැකීම් ඇසුරින් මේ කෘතිය සංග්‍රහ කරන්නට පෙලඹෙන්නේ ඔහු තුළ ඒ පළමු කාරණය හෙවත් ආත්ම ප්රකාශනයට ඇති කැමැත්ත සහ සිවුවැනි කරුණ වන නිර්මාණයේ සැලැස්මට ඇති කැමැත්ත මෙන්ම තම අතීතය පිළිබඳව වියැකී නොගිය පුදුමාකාර මතකයක් සතු අයකු නිසා විය හැකිය. එහෙත් මේ කෘතිය ලිවීමේදී අනෙක් කරුණු වඩාත් අදාළ වන්නේ එය පරිශීලනය කරන්නන්ට බව කියවන්නාට ලැබෙන අත්දැකීම් සමඟ මොනවට පැහැදිලි වෙයි.
පල්ලියගුරුන් සිය කුඩා අවධියේ තමන්ගේ අවධානයට ලක් වූ ඇතැම් දේ පවසන්නට බොහෝ විට සිද්ධියක් පසුබිම් කර ගනියි.
”... නගරයේ කඩවල හිමිකරුවන් වූ බොහෝ දෙනක් මා කවුදැයි දැන සිටියහ. සමහර දෙනකු මා හැඳින්වූයේ තාත්තාගේ පුතා හැටියට නොව මුත්තාගේ මුනුපුරා ලෙසට, එනම් ‘ජෝන් බුවාගේ මුනුපුරා‘ හැටියටය....කුඩා කල මාත් මගේ මල්ලිත් සවස් කාලයේ වෙරළේ ඇවිදින්නට යද්දී අප දකින සමහර වැඩිහිටි අය අප අමතන්නේ ‘බුවා‘ කියාය. ඔවුන්ගේ ඒ ඇමතුමට මගේ කැමැත්තක් නොතිබූ නිසා එහි තේරුම කුමක්දැයි පියාගෙන් ඇසීමි. එතුමා පැවසූ හැටියට ඕලන්ද බාසාවෙන් ‘බුවා‘ යන්නෙහි තේරුම ‘මහත්තයා‘ යන්නය.”
කුඩා කල සිටම භාෂා අධ්‍යයනයට ඔහු දැක්වූ උනන්දුව මෙවැනි සිද්ධි ඔස්සේ පාඨක සිතට ස්පර්ශ කරවයි. එසේම සිනමාව කෙරෙහි ඔහු දැක්වූ උනන්දුව මේ ලිපියේ මුල උපුටනයෙන් තේරුම් ගැනීමට හැකි වනු ඇත. දරුවකුගේ අනාගත විෂයය ක්ෂේත්රය පිළිබඳ යම් ඉවක් ලබා ගැනීමට මෙවැනි කරුණු කෙරෙහි අවධානයෙන් සිටීම මවුපියන්ට වැදගත් නොවන්නේද?
එසේම ඒ ‘මහත්තයා‘ ඔහු එතැනින් අත් නොහරී. වැඩිහිටියකු ලෙස මහත්තයා යන පදය සමඟ බැෙ`දන වෙනස් මාවතක් ඔහු පසු අවස්ථාවක හීන් සීරුවේ ඉදිරිපත් කරන්නේ අද දවසේ ‘බුවා‘ හි අර්ථකථනයත් එදා තේරුමත් අතර කාලය සමඟ භාෂා භාවිතයේ ඇති වන වෙනස අප මතකයෙන් ඈත් වන්නට ඉඩ නොහරිමිනි. එමෙන්ම චීනය වැනි රටක මහත්මයා සහෝදරයා වූ අයුරුත් පසුව එය මුදලාලි වී නැවතත් මහත්තයා වී ඇති අයුරුත් ගෙනහැර පාමින් ඒ රටේ දේශපාලන ආර්ථික දිශානතිය දක්වන්නට තරම් සූක්ෂ්ම වෙමිනි.
තවත් වරෙක ඔහුගේ ගමනක සටහන් අතරට එක් වන්නේ සිතට දැනුණු ඇසුණු පාඨකයාටත් වැදගත් වචනයක් පිළිබඳ සිතුණු දෙයකි. ඒ වචනය ‘නායකයා‘ යි. එවැනි වචනයක් පිළිබඳ සටහන් කරන්නට ඔහුට බොහෝ දේ ඇත. එසේම වීරයා පිළිබඳව රූපය ඔහුගේ සිතේ මැවෙන්නේ ඉතිහාසය විසින් අඹන ලද පොදු ආකෘතිය මත නොවේ. මද්දුම බණ්ඩාරගේ ළමා වීරත්වය පිළිබඳවද සානුකම්පිත බැල්මක් හෙළන මහැදුරන් රදලයන්ගේ හා භික්ෂූන්ගේ බොරු අහංකාරත්වය යටපත් වන්නට නොදී දරුවා හුවා දැක් වූ බවද කුරිරු රජුට වාචික පරිභවයක් හෝ නොකොට කඩුවට ගෙල පෑම වීර ක්‍රියාවක් ලෙස තමන්ට නොදැනෙන බවද පැවසීමට පසුබට නොවන්නේ එබැවිනි. එසේම එය ඔහු සසඳන්නේ ඕලන්දයේ ඩයික් පවුරක සිදුරක් අතින් වසාගෙන රට බේරාගැනීමට දිවි පි¥ දරුවා සමඟය.
එමතුද නොව ඉතිහාසය පිළිබඳ නොතිත් ඇල්මක් මහාචාර්ය පල්ලියගුරු දක්වන බව ගමනක සටහන් යළි යළිත් පෙන්වා දෙන්නේ ඔහු විසින් රචිත මහ බිසෝ ලීලාවතී, රජ විරිතින් සුරින්¥ මහ විජයබා නිරින්¥, රෝහණ රාජිනි ආදි තවත් බොහෝ ඓතිහාසික නවකතාවලට අමතරවය. ඊට එක් නිදසුනක් ලෙස අග්නිදිග ආසියාවේ සිටි මුල්ම ගරිල්ලා සටන්කරුවා විජයබාහු මිස දුටුගැමුණු නොවේ යනුවෙන් ආන්දෝලනාත්මක කරුණු ඉදිරිපත් කිරීමට පල්ලියගුරුන් නොපැකිළීම දැක්විය හැකිය. විජයබාහු යටපත් කොටගෙන දුටුගැමුණු ඉස්මතු වූයේ සංඝයාවහන්සේලාගේ උපකාර හා උදවු නිසා බව පවසමින් එයට හේතු දක්වන ඔහු පනාකඩුව තඹ සන්නස පිළිබඳ වැඩි අවධානයක් යොමු කරයි.
”මාතර මිනිසුන්ගේ වීරයා වුණේ මහවිජයබාහු රජ. ඒ තරම් ජීවිතේ දුක්විඳලා නායකයෙක් වෙලා මුළු සිංහලයම තමන් අතට ගත් රජෙක් නෑ, ඒ වගේම ඔහු විඳි දුක් නිර්ලෝභීව පනාකඩුව තඹ සන්නසේ ඉදිරිපත් කරනවා. එහෙම රජෙක් මුළු ලෝක ඉතිහාසෙම දකින්න ලැබෙන්නේ නෑ. ඒක අපේ ගෞරවයට කාරණයක්.”
රටේ ඉතිහාසය මෙන්ම තම උපන් ගමේ ඉතිහාසය ද දැනගැනීම වැදගත් බව ඔහු පවසන්නේ පදනම් සහිතවය.
මාතර කැරැුල්ල, තාරකා කොටුව හා හත්බෝධිවත්ත ආශ්රිත ජනශ්රැති ඇසුරින් අප රටේ ඉතිහාසය ලියැවී ඇති ආකාරය පිළිබඳ විවේචනයක් ඔහු ඉදිරිපත් කරන්නේ ඒ අනුවය.
”හැම රටකම ඉතිහාසය කියැවෙන සම්ප්රදාය දෙකක් තිබෙනවා. එකක් ජනශ්රැති සම්ප්රදාය. අනෙක විදග්ධයන් විසින් ලියන කෘති. අපේ මහාවංශය හැරුණාම ඒ ඒ ප්‍රදේශවලට වෙන් වූ ඉතිහාස නෑ. චීනය, ජපානය, ඉන්දියාව වගේ රටවල ඒ ඒ ප්‍රදේශවල ඒ ඒ වංශවල දේවල් ලියැවී තිබෙනවා. අපේ ඒවා තිබෙන්නේ ජනශ්රැතියේ විතරයි. ජනශ්රැතියේ දේවල් මහාවංශයේ ඇතුළත් වෙලා නෑ. යම් ප්‍රදේශයක ස්වභාවය සහ මිනිසුගේ ජීවිත පිළිබඳ දැනගන්න ඕනෙ නම් ඒ ප්‍රදේශය පිළිබඳ අවබෝධයක් තිබෙන්න ඕනෙ.” ඉතිහාසයේ වැදගත්කම ඔහු අවධාරණය කරන්නේ එසේ පවසමිනි.
එසේම පල්ලියගුරුන් විසින් ඉතිහාස කතාවලට වැඩි ඉඩක් ලබා දී තිබෙනු ගමනක සටහන් තුළ දැකිය හැකිය. ඒ ඔහු කලින්ම පවසන පරිදි කැමැත්ත මත මතකය තුළ රැුඳෙන සිදුවීම්වල ස්වභාවය විය හැකිය. ඔහු මේ කරුණු දිගින් දිගට පවසන්නට හේතුව නූතන තරුණ මාතරයන්ට තම ප්‍රදේශයේ වැදගත්කම පිළිබඳ හැඟීමක් ඇති කිරීමට බවද ඔහු ඒ දිගු විස්තර සාධාරණීකරණය කරමින් සටහන් කරයි.
ජීවිත ගමනක වුව විනෝද ගමනක වුව පරිසර සටහන් අප සැම දෙනාට මෙන්ම මොහුටද විශේෂය. ”මම පරිසර වර්ණනා කරන්නේ ඇවිදින්න හරිම කැමැති නිසා. එංගලන්තේ අපිත් එක්ක ඉගෙන ගන්න ගිය බහුතරයක් එහි ඇවිදින්න ගියේ නෑ. එංගලන්තය දකින්න නම් අඩිපාරවල් දිගේ යන්න කියලා කතාවක් තිබෙනවා. ඉන්දියාවේ චීනයේත් ඒ වගේ. අවාසනාවකට අපේ ලංකාවේ එහෙම දේවල් නෑ. ඒක කනගාටුදායක තත්ත්වයක්. මම ගමන් කළ තැන් අතරින් ඉතාම සිත් ගත් තැනක් තමයි එංගලන්තයේ විල් දිස්ත්‍රික්කය. එහි කවීන්ගේ කවිරචනාවලට මම හරි කැමැතියි. විලියම් වර්ඞ්ස්වර්ත් වගේ කවියකුගේ කවි ලියැවුණේ ඒ දිස්ත්‍රික්කය ඇසුරු කරගෙන. චීනයේදි මම ගියා සිහින මාලිගය ලියූ ලේඛකයාගේ නිවෙස බලන්න. එය රජය විසින් හොඳින් ආරක්ෂා කරගෙන තිබෙනවා. අනෙක චීනයේ තිබෙනවා නූතන සාහිත්‍ය කෞතුකාගාරයක්. එහි විප්ලවයට පසු ලියැවුණු හැම පොතක්ම තිබෙනවා. කනගාටුවට කරුණ අපේ පියදාස සිරිසේනගේ, ඩබ්ලියු ඒ සිල්වාගේ පොත් ඒ විදිහට එක තැනක තිබෙනවාද? එවැනි කරුණු දැක්කාම මම හරියට සසල වුණා. ඒවා ගමනක සටහන් වුණා.”
මේ ඇවිදීමේ ආසාව ඔහු තුළ කුඩා අවිධියේ සිටම පැවතුණක් බව කෘතිය විමසන්නෙකුට මොනවට පැහැදිලි වෙයි. එය දැක්වෙන කොටස අයත් වන්නේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ සටහන් ඇති කොටසටයි.
හතරේ පන්තියේ සිටින විට හොඳින් ඉගෙන ගතහොත් පාපැදියක් අරන් දෙන බව තාත්තාගේ පොරොන්දුව විය. එහෙත් පස්වෙනි පන්තියට සමත් වූ විට එය ඉටු නොවූ බැවින් පොරොන්දු පත්‍රයක් අත්සන් කර ගැනීමට පොඩිකමට සිටි මොහුට අවශ්‍ය විය. තාත්තා විමසුවේ අත්සන් කර තිබියදීත් බයිසිකලයක් අරන් නොදුන්නොත් කුමක් කරන්නේද යන්නයි. එයට පිළිතුරක් කුඩා චන්ද්‍රසිරිට නොවූ බව ඔහු පිළිගනී. එහෙත් පියා දුන් පොරොන්දුව ඉටු කළේ සයවැනි පන්තියට සමත් වූ පුතා වෙනුවෙනි. ඒ බයිසිකලයේ නැඟී රටතොට ද අවට ගම් දනවුවලද සවාරි ගැසූ පුත්‍රයා දින දෙකක් පුරා අතුරුදන් විය. පොලිසියට ගොස් පැමිණිලි කර ටික වෙලාවකින් දැනගන්නට ලැබුණේ ඒ කතරගමටම ගොස් තිබූ නිසා බවය. මිතුරන් දෙදෙනකු ද පටවාගෙන එතරම් දුරක් පා පැදියෙන් ගිය ඔහු ගෙදර ආ පසු ලෙඩ වීම අහන්නත් දෙයක්ද? එහෙත් ඒ බයිසිකලයම ඔහුට සැතපුම් දෙකහමාරක් පමණ දුර තිබුණු පුස්තකාලයට යන්නට පහසුකමක් විය.
”පාසල් පුස්තකාලයේ අපට කියවීමට නොලැබෙන පොත් එහිදී මම කියෙව්වා. කතා කලාව පිළිබඳ තිබුණු උනන්දුව වැඩි වුණා. අපදාන කියවීමට මම හරි කැමැතියි. ගෝර්කි චරිතය මගේ ජීවිතයට හරි බලපෑමක් කළා. එය මගේ හිතට තදින් කා වැදුණා. ” ඔහු කීවේ දිරිය මිනිසකු වන්නට පොත පත අත දුන් ආකාරයයි.
පොත පත මෙන්ම තම ජීවිතය හැඩ ගැසීමේදී මවගෙන් සහ පියාගෙන් ලද පන්නරය ඔහු දක්වන්නේ අපූර්ව සිදුවීම් ඇසුරෙනි. එකක් නම් ඩයස් නැමැත්තෙකුට දෙකට කැඩෙන්නට තාත්තා නොගැසුවේ ඇයි දැයි විමසූ විට ‘ඔහෙලා ගැන හිතලා‘ යනුවෙන් දුන් පිළිතුරය. දෙවැන්න අම්මා මෙන් නිතර හොඳ නරක කියා දීම තාත්තාගේ පිළිවෙළ නොවුවත් හැමදාම පොත් කියන්නට යන දරුවන් සමඟ පන්සල් යන තාත්තාගේත් පුතාගේත් දෙබසයි.
‘තාත්තා පන්සලට ගියත් බුදුන් වඳින්නේ නැත්තේ ඇයි?
‘මං පව් කරන්නේ නැති නිසා හැමදාම බුදුන් වඳින්න ඕනෙ නෑ‘
මේ ආකල්ප වත්මන් මහාචාර්යවරයාගේ මනසේ හැඩරුව මට්ටම් කිරීමට සමත් වූ බව අරුමයක් නොවේ.
ඒ සියල්ල සමඟ තම දඩබ්බර ගති නොසඟවා දක්වන්නට අපදානයක ඇති ඉඩ කඩ කතුවරයා හොඳින් යොදා ගනී. පාසල් සමයේ ශිෂ්‍ය භට කණ්ඩායමට බැඳුණු මොහු කඳවුරු ලා සිටි දිනෙක හොර කුරුම්බා කඩන්නට ගොස් සරමත් අහිමිව දිවූ අයුරු රස කර පවසයි. එවන් කරදර මැද වුව ඔහු දිනූ පදක්කම් පහක් පැලඳ යන විට කෙල්ලන් බලද්දී භද්‍ර යෞවනයකුට ඇති වන හැඟීම ඒ සිදුවීමෙන් වසර හැටකට පමණ පසු පවා සජීවී අයුරින් චිත්රණය කරන්නට ඔහුට ඇති හැකියාව ඔහුගේ අමුතු තාලේ ආදර කතාවක් කියවූ අයට නම් විස්මයට කරුණක් නොවනු ඇත.
ඔහු විශ්වවිද්‍යාල දිවියට එලැඹෙන අයුරුද එහි අත්දැකීම් ද ලියන්නේ ඒවා මතකයට නැෙ`ගන පිළිවෙළට මිස එක පෙළට නොවේ.
‘...මා විද්‍යාලංකාර ප්‍රවේශ විභාගයෙන් සමත් වූයේ මාතර රෝහණ මහා විද්‍යාලයෙන් පළමුවරට විශ්වවිද්‍යාලයකට ඇතුළු වූ ශිෂ්‍යයා වශයෙනි. මෙය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූයේය.‘
සරසවියට පා තැබූ පළමු දිනයේ සිටම ඔහු ලැබූ අනන්ත අප්‍රමාණ අත්දැකීම් අතුරින් තෝරාගත් සිදුවීම් රැුසක් මෙහි සඳහන් වෙයි. ඉන් පළමු වැන්න වන්නේ සිවුරු හැරගිය හොත් උපාධිය අවලංගු කරන බවට ගන්නට යන තීරණයක් වෙනුවෙන් ශිෂ්‍ය භික්ෂු පිරිසක දැක්වූ විරෝධයයි.
ඉන් පසු පළමු වර්ෂයේ සිසුන් දේශන ශාලාවල අසුන්ගෙන අකුරු කරද්දී සිංහල, හින්දි සහ පාලි විෂයයන් තෝරාගත් මේ තරුණයාට මුහුණ දීමට වූ අකරතැබ්බයයි. ‘...විශ්වවිද්‍යාලවල සපත්තු ගලවා පැදුරුවල හිඳගෙන දේශනවලට සවන් දීමේ සිරිතක් ඇති බවක් මා අසා නොතිබිණි. විශ්වවිද්‍යාලයට පැමිණ පැදුරුවල වාඩිවී දේශනවලට සවන් දීමේ තේරුම කුමක්දැයි මම සිතීමි. එවැනි සිරිත් පැවතියේ පැරැුණි භාරතයේ ගුරුකුලවලය. හින්දි විෂයය අතහැර වෙනත් විෂයයක් තෝරාගත හොත් මැනැවැයි මට සිතිණි. එහෙත් හින්දි පිළිබඳව මා තුළ වූයේ බරපතළ ඇල්මකි. එය විස්තර කිරීම අතිශයින් දුෂ්කරය. සමහර විටෙක එය සංසාරික පුරුද්දක් වන්නටද බැරි නැත....‘
ඔහු වඩාත් ප්‍රිය කළ විෂයයන් කෘතිය පුරා වරින් වර මතු කරමින් ගෙත්තම් කරන්නේ සියුම් හුයකින් බඳනා ලද අයුරිනි.
සිය දුර්වලතා පිළිබඳ ලියන්නට පමණක් නොව ඒවා හඳුනාගත් බව පිළිගන්නට ස්වයං අපදාන රචකයකුට මනා නිහතමානීත්වයක් තිබිය යුතුය.
‘....එකල මම තදින් දුම් පානයට ඇබ්බැහි වී සිටියෙමි. එම නරක පුරුද්දෙන් මා බේරා ගැනීමට මහාචාර්ය කෝසල්යාන හිමියන් බොහෝ උත්සාහ කළහ. උන්වහන්සේ විසින් රචනා කරන ලද බහානේ බාජි කෘතියෙහි ‘මෛනේ ඒක් දින් සිගරට් පී ථී‘ (දිනක් මම සිගරට් බීවෙමි) යනුවෙන් ලිපියක් ඇතුළත් ව තිබිණි. එම ලිපිය මා ලවා සිංහලයට පරිවර්තනය කරවූයේ එම නරක පුරුද්දෙන් මා මුදවා ගනු පිණිසය. එහෙත් උන්වහන්සේට එය කළ නොහැකි වූයේය. අවසානයේ උන්වහන්සේ මගෙන් එක ඉල්ලීමක් කළහ. ”පන්තියට එනකොටවත් සිගරට් බොන්නේ නැතිව එන්න” ....මට දැන් දුකක් දැනෙන්නේ එතුමන් දිවමන්ව සිටියදී මට එම පුරුද්දෙන් මිදෙන්නට නොහැකි වීම ගැනය...‘
”කොහොම වුණත් එතුමා මට ඉගැන්නුවේ හින්දි පමණක් නෙවෙයි. ජීවිතයයි. ගුරුවරයකුගෙන් ලැබිය යුතු උපදෙස සහ ගුරුවරයකුගේ කාර්යය මම ඉගෙන ගත්තේ එතුමාගෙන්. ටිබෙට් සහ උර්දු භාෂාවත් මට උගන්වන්න එතුමාට අවශ්‍ය වුණා. අපේ තරුණ කමට ඒවායේ වැදගත් කමක් එදා දැනුණෙ නැහැ. ඒත් අද මම ඒ ගැන කනගාටුවෙනවා.” පල්ලියගුරු මහාචාර්යවරයකු ලෙස තමන්ට මඟහැරුණු අවස්ථාව සහ ගුරුවරුන්ගේ ස්වභාවය අපට පැවසුවේ එසේය.
ගමනක සටහන් මහාචාර්ය පල්ලියගුරු බෙහෙවින් ඍජු කාය විලාසයක් ගෙන ලියූ කෘතියක් ලෙස එහි ආන්දෝලනාත්මක කරුණු දෙස බලන විට පැහැදිලි වෙයි. එයට ඔහු පන්නරය ලබන්නේ මෑතක සිට නොවේ. එයට අනුබල දෙන සටහනක් වන එවක උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේ දේශපාලන ගුණ්ඩු පිළිබඳව ද ඔහු විවෘතව සඳහන් කරන්නේ උපහාසය මුසු කතාවක් ද සමඟිනි. දහසකට වැඩි පිරිසක් සහභාගී වූ මැලේ වීදියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්මුඛ පරීක්ෂණය සඳහා ටයි කෝට් ඇඳගත් මහත්වරුන්ගෙන් සැදුම්ලත් පරීක්ෂණ මණ්ඩලය ඉදිරියට යෑමේ වාරය මොහුට එලැඹිණ.
‘...එකිනෙකා සමඟ ඔවුන් ඉංග්‍රීසියෙන් කතා කළේ මට එම බස නොතේරෙන්නේ යැයි සිතාගෙන විය යුතුය.
”ඔබ පිරිවෙන් විශ්වවිද්‍යාල උපාධිධාරියෙක්? සිංහල ගෞරව උපාධියක්, අනු විෂය හින්දි?”
”එහෙමයි”
මම පිළිතුරු දුනිමි. එහි සිටි තවත් මහතෙක් ‘සසදාවත‘ කාව්‍යයෙන් පද්‍යයක් උපුටා දක්වමින් එහි තේරුම මගෙන් විමසුවේය. මම එයටද පිළිතුරු දුනිමි. මුලින්ම මගෙන් ප්‍රශ්න ඇසූ මහතා මගෙන් ඇසුවේ ”ටාජ් මහල් මන්දිරය තිබෙන්නේ කොයි රටේද?” කියාය. මම එය තිබෙන්නේ ප්‍රංශයේ යැයි පැවසුවෙමි. මහ හයියෙන් සිනාසුණු ඔහු ඉංග්‍රීසියෙන් කීවේ පිරිවෙන් විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ගේ දැනුම එහෙම තමයි කියාය. ඉන් පසුව ඔහු මගෙන් ප්‍රශ්න ඇසුවේ නැත. එහෙත් සම්මුඛ පරීක්ෂණ කාමරයෙන් පිට වන්නට පෙර මට ඔවුන්ට යමක් කිව යුතු බව කීවෙමි.
”හොඳයි කියන්නකෝ”
එක මහත්මයෙක් පැවසුවේය. මා ඔහුගෙන් විමසුවේ
”ටජ්මහල් මන්දිරය තිබෙන්නේ උතුරු ඉන්දියාවේ අග්‍රා නගරයේ යමුනා නදියේ වම් ඉවුරේ යැයි පැවසුව හොත් මට පත්වීමක් දෙන්නේද?” කියාය. ඔවුන්ට කට උත්තර නැති විය. අත තිබූ ෆයිල් කවරය මේසය මතට වීසි කොට මම එතැනින් පිට වූයෙමි.”
එවැනි දඩබ්බර ගති නිසාම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශක තනතුර ඔහුට හොඳින්ම ගැළපිණි. ඒ පිළිබඳ රස කතා රැුසක් මේ කෘතියෙහි අඩංගුය. ඊට පරිබාහිරව ඔහු අපට ඒ පිළිබඳ පැවසුවේ මෙවැනි අදහසකි. ”අපේ විශ්වවිද්‍යාලවල රැුග් එක අමානුෂිකයි. ඒ ගැන විරුද්ධව කටයුතු කරන්න ගිහින් මම දඬුවම් ලබලත් තිබෙනවා. එංගන්තේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විකට ඇඳුම් ඇඳගෙන සල්ලි එකතු කරනවා නවකයන්ට භෝජන සංග්‍රහයක් කරන්න. මාර්ගරට් තැචර්ට කොල්ලො හූ කියලා එතුමිය විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමක් නතර කරලා ගියා. ඒ තරම් දලදඬු අය ඉද්දි ඒ සරසවිවල බිත්ති විනාශ කළේ නෑ. අපේ විශ්වවිද්‍යාලවල බිත්ති හුණුපිරියම් කරන්නම වසරකට විශාල මුදලක් වැය වනවා. පසුගියදාක මම දැක්කා ඔය දියවු දියවු කියන අයට මොළේ දියවු කියලා ලියන්නේ නැත්තේ ඇයි කියලා පත්තරේක අහනවා. ඉස්සර විධික්‍රියාව බොහොම ශික්ෂණයකින් භාවිත කළේ. දැන් සිවුරු දාගත් අයත් එය භාවිත කරන්නේ වැරැුදියටනේ.”
කොරෝනා සමයේ බිහි වූ මේ ගමනක සටහන් ස්වයං අපදානය සුරස ප්රකාශනයකි. ඒ යුගයේ ඇති වූ ගමන් අපහසුතා හා සන්නිවේදන අපහසුතා ආදිය නිසා ඇතැම් විටෙක කෘතියේ සෝදුපත් දෝෂ අතළොස්සක් දක්නට ලැබුණද එය පාඨකයාගේ රසවින්දනයට බාධාවක් වන තරම් ප්රකටව මතු වී නැත. කෙසේ වෙතත් මෙය කියවන පාඨකයාට හැෙඟන ප්‍රබල කරුණක් වනුයේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු නම් වූ විද්වතාණන්ගේ අපදානය තුළ මේ සටහන් කළ පමණට වඩා තවත් බොහෝ දේ අඩංගුව තිබිය යුතු නොවේද යන්නය. බෞද්ධ දර්ශනය පිළිබඳ, නාට්‍ය, චිත්‍රපට, රූපවාහිනිය මෙන්ම ගුවන්විදුලිය ඈ ක්ෂේත්රවල එතුමන් කළ පුරෝගාමී සේවාවන් පිළිබඳ තමන් විසින්ම ලියා තැබීම නුසුදුසු යැයි සිතා කළ මඟහැරීමක් ලෙස එය තකන්නටද පුළුවන. ඇතැම් විට එසේ ලීවා නම් මේ පිටු සංඛ්‍යාව හය හත් ගුණයකින් වැඩි වන්නට පවා ඉඩ තිබුණා විය හැකිය.
එනිසාම සිනමාවේ ඔහුගේ ගමන් සගයා වූ ජ්‍යෙෂ්ඨ විචාරක ගාමිණි වේරගම සඳහන් කරන්නේ මෙතෙක් කිසිවකු විසින් නොකළ පරිදි ස්වයං අපදානයක දෙවැනි කොටසක් ලෙස හෝ මහාචාර්ය පල්ලියගුරුගේ ඉතිරි මතක සටහන් කර තැබීම අදාළ විෂය ක්ෂේත්‍ර අධ්‍යයනය කරන්නන්ට පවා වටිනා බවයි. එසේම මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර පවසන ආකාරයට මේ ලියා ඇති සීමිත ගමනක සටහන් පෙළ වුවද සූර හෙවත් කුදුමහත් කටයුතු කිරීමේ හැකියාව, වීර හෙවත් නිර්භීතකම, ධීර හෙවත් ප්‍රඥාවන්තකම යන ලක්ෂණවලින් පිරිපුන් අපදානයකි.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සිය පනස් එක් වැනි කෘතිය ලෙස සහෘද පාඨකයන්ට දායාද කළ ජීවිත ගමනේදී දැනුණු, ඇසුණු, දැකපු, සිතුණු දේ...රැුගත් ගමනක සටහන් ආරම්භ කරන්නේ සිය අධ්‍යාත්මය නොසඟවා දක්වමිනි.
‘...අප යෙදී සිටින්නේ අධිගමයක් ලබන තෙක් භවයෙන් භවයට යන නොනිමි ගමනකය. මෙම ගමනේදී අප නවාතැන් ගත් තැන්, මුහුණ දුන් සිද්ධි, හමු වූ අය හා අවස්ථා මෙන්ම ඇති කොටගත් සම්බන්ධතා ආදියෙහි ද කෙළවරක් නොමැත්තේය. එක් භවයකින් තවත් භවයකට මාරුවෙද්දී පෙර භවයේ අත්දැකීම් සමුදායෙන් ඇබිත්තක්වත් මේ භවයට ගෙනෙන බවට ද සැකයක් නැත. එබැවිනි මෙම භවයේදී අප සිතන කරන කියන දේවල් මේ භවයේදීම අලූතින් පටන් ගත් දේවල් නොවන්නේ. ඒවා පෙර භවය සමඟ ද සම්බන්ධ වන්නේය. මේ භවය අප යන දිග ගමනේ එක් නවාතැන් පොළක් පමණකි. ඊළඟ භවයේදී මේ භවයේදී ලැබූ අත්දැකීම් ඇබිත්තක් වත් වැදගත් වන බවටද සැකයක් නැත...‘
ගමනක සටහන් එලෙස නම් කෙරෙන්නේ ඒ නොනිමි ගමනේ අපමණ වූ අත්දැකීම් සමුදායෙන් මේ සුන්දර නවාතැනේදී ලද කැමැතිම මතකයන් වෙනුවෙන් නොවේද?