වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
සුමනා අමරසිංහ ආදරණීය සමරු සටහන්

දෙණිපිටිය විතානගේ සුමනා අමරසිංහ 1948-02-21 මහනුවර, කටුගස්තොට රණවන දී උපත ලබා ගල්කිස්ස බෞද්ධ බාලිකා, කළුබෝවිල බුද්ධඝෝෂ යන විදුහල් වලින් සිය මූලික අධ්‍යාපනය හැදෑරුවාය.
දෙණිපිටිය විතානගේ සුමනා අමරසිංහ 1948-02-21 මහනුවර, කටුගස්තොට රණවන දී උපත ලබා ගල්කිස්ස බෞද්ධ බාලිකා, කළුබෝවිල බුද්ධඝෝෂ යන විදුහල් වලින් සිය මූලික අධ්‍යාපනය හැදෑරුවාය.
ඒ අනුව, 1967 දී පිපෙන කුමුදු චිත්‍රපටයෙන් මැල් මහත්මියගේ අධ්‍යක්ෂණය හරහා සිනමාවට පිවිස චිත්‍රපට 90 කට ආසන්න ප්‍රමාණයක 2002 ලව් 2002 දක්වා රඟ පෑවාය.1969 එල්.එම්.පෙරේරාගේ හතර පෙරළිය ඇගේ ගමනේ ජීවිතයේ විශාල පෙරළියක් වූවා කිව්වොත් නිවැරදි ය.ඒ ලාංකික සිනමාවේ බොක්ස් ඔෆීස් රජු එනම්, රෝයි ද සිල්වා එහි දී මුණ ගැසීමය. ඔවුන් දෙදෙනා හෙළ නළු නිළි හවුලේ පතාක යෝධයන් ලෙස කටයුතු කල ඩොමී,ඇල්ෆ්‍රඩ්,ස්ටැන්ලි,එල්.එම්., වැන්නවුන් හා උරෙනුර ගැටී 1969 දී හෙළ නළු නිළි හවුළ පිහිටුවා 1970 මහ මැතිවරණයේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට සිනමා කර්මාන්තය වෙනුවෙන් රාජ්‍ය සංස්ථාවක් ඇති කිරීම වෙනුවෙන් සටන් කල කීප දෙනාගෙන් දැනට ජීවතුන් අතර සිටි අවසාන දෙදෙනාගෙන් කෙනෙකි.
1970 සිනමාවේ ස්වර්ණමය දශකයේ රෝයි සුමනා ගැන නොලියා ඉන්න කිසිදු ලේඛකයකුට නොහැක.ඒ මන්ද යත් රෝයි සුමනා සුසංයෝගයෙන් රඟපෑ බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා ලැබූ සුනේත්‍රා,ඔබයි මමයි,සූකිරි කෙල්ල ඊට නිදසුන් ය.සූකිරි කෙල්ල චිත්‍රපටයේ ද්විත්ව චරිතයක් නිරූපණය කල සුමනා එම චිත්‍රපටයේ දී ම 1974 දී රෝයි හා විවාහ විය.පසු කලක දී දුෂ්ඨ චරිත,විකට චරිත හා වැඩිහිටි චරිත රඟ පෑ සුමනා ගෙදර බුදුන් අම්මා,සුදුපිරුවට,පෙති ගෝමර,මධු සිහින,චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ කැප්ටන් ඉන් සමහරකි. එසේ ම, 1983 ජූලි කලබල වලින් පසු බොහෝ නිෂ්පාදකවරු සිනමාවෙන් ඈත් වන විට චිත්‍රපට නිෂ්පාදනයට අත තැබූ සුමනා ටොම් පචයා,තණ ගිරවි,සුදු පිරුවට ජොන්සන් හා ගොන්සන් ආදී චිත්‍රපට නිෂ්පාදනයෙන් දායක විය.ඊට අමතර ව, නිශ්පාදන විධායිකා,රේඛීය නිෂ්පාදිකා,ස්ථානීය සම්බන්ධීකාරිකා,ගායනයෙන්, සංස්කරණ සහායෙන්,කේෂාලංකරණ හා රංග වස්ත්‍ර නිර්මාණශිල්පය ආදී සිනමාවට ඇවැසි විවිධ ඉසව් ඇගේ 55 වසරක කලා දිවිය තුල ප්‍රගුණ කළ ඇය සංස්ථාව පිහිටුවීමේ පුරෝගාමිත්වය දැරූවන් අතර එක් පුරුකකි.සැලෝන් සුමනා ආයතනයේ අධිපතිනිය වූ ඇය හෙළ සිනමාවේ සූකිරි කෙල්ල වනු නොඅනුමානය.ඇයට නිවන් පුර රුවන් දොර ඇරේවා !!!
සුමනා අමරසිංහ රඟපෑ චිත්‍රපට
1967-පිපෙන කුමුදු,රෑණ ගිරව්
1968-දහසක් සිතුවිලි
1969-හතර පෙරළිය,බිනරමලී
1970-සුමුදු භාර්‍යා,දැන් මතක ද
1971-සමනළ කුමරියෝ
1972-සිංගප්පූර් චාලි,හතර වටේ,ලොකුම හිනාව,මේ දෑස කුමට ද
1973-සුහද පැතුම,සිනාවයි ඉනාවයි,සුනේත්‍රා
1974-දුලීකා,ශීලා
1975-ඔබයි මමයි,සූකිරි කෙල්ල,මගෙ නංගි ශ්‍යාමා,රන් වන් රේඛා,සධානා,හදවතක වසන්තය
1976-මංගලා,රන් තිලකා
1977-නීලා,සුදු පරෙවියෝ,හොඳ හිත,ටොම් පචයා,නිවෙන ගින්න
1978-සිතක සුවඳ,මගෙ රන් පුතා,දීපාංජලී
1979-සමන්මලී,අනුෂා,නුවන් රේණු
1980-ජෝඩු වළළු,සිල්වා
1981-බඹා කෙටූ හැටි,අජාසත්ත,හොඳම නළුවා
1982-තණ ගිරවි,පෙති ගෝමර,රහසක් නැති රහසක්,මිහිදුම් සිහින,කඩවුණු පොරොන්දුව (නව)
1983-සුමිතුරෝ
1984-හිත හොඳ කොල්ලෙක්,හදවතක වේදනා,බිරිඳ
1985-ඇය වැරදිද ඔබ කියන්න,සුදු මාමා
1987-තාත්ති මං ආදරෙයි,අහිංසා
1988-ගෙදර බුදුන් අම්මා,අංගුලිමාල
1989-ඔක්කොම රජවරු
1990-මධු සිහින,ක්‍රිස්තු චරිතය,හිත හොඳ පුතෙක්
1991-චෙරියෝ ඩොක්ටර්
1992-ඔක්කොම කණපිට,රූමතියයි නීතියයි,සත්‍යා
1993-සසර සැරි සරණ තෙක් ඔබ මගේ
1993-මැවිලා පෙනේවි රූපේ හදේ
1994-නොහඬන් කුමරියේ,සුදු පිරුවට,ලව් 94
1995-චෙරියෝ කැප්ටන්
1996-චෙරියෝ ඩාලිං
1997-රඹා සහ මධු
1998-රෑ ඩැනියෙල් දවල් මිගෙල්
2000-රෑ ඩැනියෙල් දවල් මිගෙල් (02)
2001-ජොන්සන් ඇන්ඩ් ගොන්සන්
ස්තුතිය - අනුර රත්නායක