මුල්ම සුපිරි තාරකාව - ෆ්ලොරිඩා ජයලත්

අප්‍රේල් 7, 2022

මිනර්වා නාට්‍ය කණ්ඩායම් ශිල්පිනියක වූ ජොසෆින් ජයලත් හමුවීමට ටී. සෝමසේකරන් ඇයගේ මාරවිල නිවෙසට ගියේ කේ.ගුණරත්නම් අලුතෙන් පිහිට වූ සිනමාස් සමාගමේ ප්‍රථම නිෂ්පාදනය වන ‘සුජාතා’චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාව සෙවීම වෙනුවෙනි. ඇය නොසිටි නිවෙසේ තිර රෙද්දකින් මතු වූයේ ඇගේ නැඟණිය වූ ෆ්ලොරීඩාය. දුටු මනතින්ම සුජාතා විය යුත්තේ ෆ්ලොරීඩා යැයි සෝමසේකරන් තීරණය කළේය. 1953 තිරගත වූ සුජාතා සමඟ ෆ්ලොරීඩා ජයලත් එක රැයකින් ජනපි‍්‍රය වූවාය.

ඒ වන විට අක්කා සමඟ මිනර්වා කණ්ඩායම් ද රංගනයේ යෙදුණු ෆ්ලොරීඩා බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ උමතු විශ්වාස චිත්‍රපටයේ නර්තන ශිල්පිනියක ලෙස සුළු චරිතයක් රඟපා තිබිණ.

පේ‍්‍රම් ජයන්ත් සමඟ සුජාතා චිත්‍රපටයේ රඟපෑ ෆ්ලොරීඩා ලාංකේය සිනමාවේ රිදී තරු සංකල්පය බිහි කිරීමට මුල් වූ නිළිය ලෙස ද වාර්තා ගත වූවාය.

භාරත ගීත කෝකිලාව වූ ලතා මංගේෂ්කර් මෙරට චිත්‍රපටයකට ගී ගැයූ එකම අවස්ථාව වන ‘ශ්‍රී ලංකා මා පි‍්‍රයාදර ජය භූමි’ ගීතයේ රංගනය සඳහා වාසනාව ලද නිළිය ද ෆ්ලොරීඩාය. එසේම මෙරට ප්‍රථම කාන්තා අධ්‍යක්ෂවරිය වීමේ වාර්තාව හිමි කර ගන්නේ ද ‘1965 දී තිරගත වූ ‘ස්වීප් ටිකට්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ෆ්ලොරීඩා ජයලත්ය.

ඇය රංගනයෙන් දායක වූ සේපාලි, සරදම්, වෙන ස්වර්ගයක් කුමට ද, පිරිමියෙක් නිසා, අවිශ්වාසය, දරුවා කාගේ ද, හෙට ප්‍රමාද වැඩියි දේව සුන්දරී වැනි චිත්‍රපට අතරින් සැඩ සුළං චිත්‍රපටයේ පෙම් කැකුළ පිපී සහ ජීවන මේ ගමන සංසාරේ වැනි ගී අදටත් අතිශයින්ම ජනපි‍්‍රය මට්ටමේ පවතී.

රුක්මණී දේවිය සමඟ රංගනයට පෙරුම් පුරමින් සිටි ඇයට ඒ සිහිනය සැබෑ කරගන්නට ලැබුණා පමණක් නොව 1956 මුල් වරට මෙරට පැවැත් වූ දිනමිණ රඟමඬල චිත්‍රපට තරගයේ ජනපි‍්‍රය නිළිය අංශයෙන් රුක්මණී දේවීට පමණක් දෙවැනි වූ ස්ථානය ලබා ගන්නට හැකි විය.

1966 වසරේ තිරගත වූ සුදු දුව චිත්‍රපටයෙන් පසු සිනමාවෙන් ඉවත් වූ ඇය විදෙස් ගත වුවාය. 1936 අපේ‍්‍රල් 15 වැනිදා මාරවිල කොස්වාඩියේ උපන් ෆ්ලෝරීඩා ජයලත් 2007 අපේ‍්‍රල් 06 වැනිදා දිවි රඟමඩලෙන් සමු ගත්තේ උපන් බිමට සැතපුම් දහස් ගණනක් ඈත එපිට පිහිටි ඔස්ට්‍රේලියාවේදීය.