මීනා කුමාරි වෙන්ව ගොස් අදට පනස් වසරයි

මාර්තු 31, 2022

 

නීල වර්ණ මුදු ගැසුණු කෙස් වැටිය

වරලේ සැඟවුණු පුෂ්ප මාලාවන්

සළුපටේ දැවටුණු සුගන්ධය

මධු විතකි සිතට

මීනා කුමාරි නම් වූ ඇය හා රංගනයේ යෙදෙන අශෝක් කුමාර්, දිලිප් කුමාර්, දේව් ආනන්ද් ඇතුළු මහා නළුවන් ඒ දොඩමළු දෑස් ඉදිරියේ අසරණ විය. ඇය රැඟූ රජු, රැජන හා වහලා යන අරුත රැගත් Sahib Bibi Aur Ghulam සිනමා පටය මීනා කුමාරි නම් වූ ඒ අසහාය අසම සම භාරත තාරකාව ගේ ජීවන කතාවට සමාන යැයි බොහෝ විචාරකයෝ පවසති. එහෙත් පහන් දැල්ලේ මුල අඳුරුය. රිදී තිරයට දීපශිකාවකවූ ඇය පුද්ගලික දිවිය ගනඳුරේ ගිලුණාය. ඒ උපන්දා සිටමය.

1933 අගෝස්තු 1 වැනිදා අලි බක්ස් - ඉක්බාල් බෙගම් නම් දිළිඳු නාට්‍ය ශිල්පී යුවළට දියණියක උපන්නාය. එය කොහෙත් ම ඔවුන‍ ගේ සතුටට හේතු නොවිණි. භාරතීය සමාජයේ දුප්පත් පවුලට සවියක් විය හැක්කේ පුතකුට බවට දැඩි විශ්වාසයක් පවතියි. දියණියට මජාබීන්  ( Mahjabeen ) නම තබන ලදී. මජාබීන් ( අපේ කතා නායිකාව ගේ උප්පැන්නයේ නම ) මීනා බක්ස් - ඉක්බාල් පවුලේ දෙවැනි දියණියයි. දියණිය ගේ ප්‍රසූත ගාස්තු ගෙවීමට නො හැකි වීම නිසා පියා ළමා නිවාසයක සිඟිත්තිය දමා ගියේ සිතකින් නො වෙයි. පැය කිහිපයකට පසු නැවත පැමිණ දියණිය දෙස බැලූ ඔහුට කුහුඹුවන් විසින් සිඟිත්තිය ගේ සිරුර වසා ගෙන සිටිනු දැක්කේය. පවුල් බර ගැන නො සිතා දියණිය වඩා ගත් පියා නිවෙසට ඇය රැගෙන ගියේය. පියාට අවශ්‍ය වූයේ දියණිය තාරකාවක කර මුදල් ඉපයීමට වුව ද දියණියට අවශ්‍ය වූයේ ඉගෙන ගැනීමටයි. එහෙත් ඇය ගේ දෛවය ලියවී තිබුණේ තමන් ගේ නොව අනුන් ගේ කැමැත්ත ඉටු කරන්නියක ලෙසිනි. විජේ භාත් ගේ Leatherface ( 1939 )  සිනමා පටයෙන් මජ්බීන් ළමා නිළියක ලෙස දොරට වැඩියාය. ඇය ගේ තිරයේ ඇයට රුපියල් 25 ක ආදායමක් ලැබිණි. වයස අවුරුදු හතරේ සිට මාපියන්ගේත් සොයුරියන් දෙදෙනොගේත් ජීවන බර කරට ගත් බව මීනා පසු කාලයේ පවසා තිබිණි. සාමාන්‍ය දැරියක ලෙසින් පාසල් යාමට ලැබුණත් ඒ කෙටි කලකට ය. ළමා නිළියක ලෙස ඇය ලද සාර්ථකත්වය ඇ‍ය ගේ පාසල් ගමනට බාධාවක් විණි. ඉඩ ඇති පරිදි ඇය පෞද්ගලිකව අකුරු උගත්තාය. රූ ගත කිරීම් අතර තුර ලැබෙන විවේකයේදී ඇය කළේ පොත් කියවීම ය. මේ නිසාම “කියවන මජාබීන්“ නම ඇයට ලැබිණි.

විජේ බාත් මජාබීන් ගේ රිදී තිරයේ නාමය “ බේබි මීනා “ බවට පත් කළේ 1940 දී Ek Hi Bhool  රූගත කරන අතර වාරයේදීය. Adhuri Kahani, Pooja, Ek Hi Bhool,
, Nai Roshni (1941), Kasauti (1941), Vijay (1942), Garib (1942), Pratiggya (1943), Lal Haveli (1944), Bahen ( 1941 )  බේබි මීනා රැඟූ සිනමා පටය.

කුඩා මීනා ගේ තිරයේ වීරයා වූයේ අශෝක් කුමාර්ය. අශෝක් කුමාර් රඟන සිනමා පටයක් තිරගත වූ විට පියා සමඟ සිනමා ශාලාවට යාමට මීනා පුරුදුවී සිටියාය. අන්ජාන් ( 1941) සිනමා පටයේ මීනා ගේ සොයුරිය මධුරීට අශෝක් සමඟ රඟපෑමට අවස්ථාව ලැබිණි. ඒ ගැන දැනගත් මීනා සොයුරිය සමඟ දර්ශන තලයට යාමට පියාට ‍ඇවිටිලි කළාය. පියා ද ඇය දරුශන තලයට රැගෙන ගියේය. අශෝක් බේබි මීනාට මෙසේ පැවසුවාය. “ දරුවා ඔයත් චිත්‍රපටිවල රඟපානවා නේද ? අපිත් එක්ක වැඩ කරන්න ඉක්මනට ලොකු වෙන්න. “

බේබි මීනා නව යොවුන් මීනා කුමාරි ලෙසින් මුලින් ම රඟන්නේ Bachchon Ka Khel (1946)  සිනමා පටයේය. මීනා කුමාරි Bachchon Ka Khel (1946)  වැනි සිනමා පට ගණනාවක රඟපෑව ද ඇය එක් රැයකින් ජනප්‍රිය තාරකාවක වූයේ විජේ භාත් ගේ , Baiju Bawra (1952) සිනමා රංගනයත් සමඟ ය. මීනා නැඟී එන තාරකාවක බවට පත් වූවාය.

පනහ දශකයේදී මීනා ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය ගණනාවකට මුල පිරුණි. ඇයට වඩා වසර දහ අටකින් වැඩිමල් කමල් අම්රෝහි නම් විවාහක තිදරු පියා, සිනමා අධ්‍යක්ෂවරයා හමු වූයේ ඇය ගේ ප්‍රියත ම නළු අශෝක් කුමාර් ගේ හඳුන්වා දීම නිසාය. ඉදිරියේදී සෑදීමට නියමිත අනර්කලී සිනමා පටයේ ප්‍රධාන තාරකාව වශයෙන් ඇය තෝරා ගෙන ගිවිසුම ද අත්සන් කෙරිණි. ගිවිසුමට අත්සන් කර මාස දෙකකින් මීනා දරුණු රිය අනතුරකට මුහුණ පෑවාය. ඇව පූනේ රෝහලට ඇතුළත් කෙරිණි. අනතුරින් ඇය ගේ වම් අතේ ඇඟිලි දෙකකම ඇට බිඳී ගොස් තිබිණි. ජීවිත කාලය පුරාම මීනා වම් අත ලෝකයාට හොර රහසේ සාරි පොටකින් සළුවකින් සඟවා ගත්තාය. මීනා මේ සිදු වීමෙන් මහත් කනස්සල්ලට පත්වූ අතර දිනපතා ම වාගේ කමල් ඇය මුණ ගැසීමට පැමිණියේය. මුණ නො ගැසුණු ‍දිනවල දෙදෙනා ලියුම් හුවමාරු කරගත්හ. රෝහලේ ගත කළ මාස හතරේදී ‍මීනා හා කමල් අතර සෙනෙහස දළුලන්නට විය. ඇය රෝහලින් පිටවී නිවෙසට ගිය පසුව ද දෙදෙනාගේ ආදර දුරකථන සංවාදවල නිමක් නොවිණි. 1952 පෙබරවාරි 14 වැනිදා දහ අට හැවිරිදි මීනා තිස් හතර හැවිරිදි කමල් සමඟ රහසේ විවාහ වූවාය. විවාහ වී දෙදෙනා දෙපොළේ සිටිය ද පියාට මේ ගැන ආරංචි වීමට වැඩි කලක් ගත නො විණි. 1953 දී රූගත කිරීම ඇරැඹූ කමල් ගේ ච්චචඥපච සිනමා පටයේ රංගනයට යාමට මීනා පියාගෙන් අවසර පැතුව ද එසේ යනවා නම් නිවෙසේ දොර දියණිය වෙනුවෙන් නැවත කිසි දිනක විවෘත නො වන බව පියා පැවසීය. දඩබ්බර මීනා පියා ගේ අණ නො තකා ච්චචඥපච රූගත කිරීම් සඳහා ගිය අතර ඇය පැමිණෙන විට පියා පැවසූ අයුරින් ම නිවෙසේ දොර වසා තිබිණි. කමල් ගේ නිවෙසට යාම හැර මීනාට වෙනත් විකල්පයක් නො තිබිණි.

කමල් සිය නව යොවුන් බිරියට දිගින් දිගට ම රඟපෑමට අවසර ලබා දුනි. එහෙත් ඇයට දහසක් සීමා තහංචිවලට යටත් වීමට සිදු විය. එක් නීතියක් වූයේ සවස 6:30 වන විට කමල් මිලදී ගෙන දුන් වාහනයෙන් ම නිවෙසට පැමිණෙන ලෙසට පැනවූ අණයි. කාලයා ගේ ඇවෑමෙන් මීනා විසින් මේ නීති බිඳ දමන ලදී. ඇය ගැන සෙවීමට කමල් ඔහුගේ දකුණු අත බඳු බකාර් අලි යොදවා තිබිණි. මීනා හා කමල් නිතර

දබර විය. මේ සියලු හැලහැප්පීම් මැද මීනා 1954: Chandni Chowk, 1953: Parineeta, 1956: Mem Sahib, 1957: Sharada , 1959: Chirag Kahan Roshni Kahan, 1960: Dil Apna Aur Preet Parai, 1961: Bhabhi Ki Chudiyan වැනි සිනමා පට රංගනයෙන් රිදී තිරයේ කඳුළු බිඳුව, කාන්තා ගුරු දත්, චීන බෝනික්කිය, විශිෂ්ට ම තාරකාව ලෙසින් ජනාදරයට පත්විය. මීනා රැඟූ සිනමා පට ගණනාවක් ම මෙරට ප්‍රේක්ෂකයන් අතර ද විශාල වශයෙන් ජනප්‍රිය විය. සිංහල දෙබස් කවා පෙන්නූ සිනමා පට කිහිපයක් ද මේ අතර තිබෙයි. සිව් වරක් ම හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූවාය. නාස් යන නමින් කවි ලියා ඇය හුදෙකලාව දුරුකර ගත් වාර අනන්තය. ප්‍රථම ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය වූයේ ඇය ය. ඒ ඇයට ජනප්‍රියත්වය රැගෙන ආ ඕචඪණභ ඕචඹපච සිනමා පටයට ය. Parineeta, Sahib Bibi Aur Ghulam.Kaajal  ඇයට හොඳම නිළිය ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මාන රැගෙන ආ අනෙක් සිනමා පටය. ඉචඩඪඡ ඕඪඡඪ ඒභප ට්ඩභතචථ සිනමා පටයේ රඟද්දී කමල් හා මීනා අතර ආරාවුල නැවත සාමාදාන කළ නො හැකි අයුරින් දුරදිග ගොස් තිබිණි.

1972 මාර්තු 31 වැනි දින මීනා මිය විට ඇය ගේ හොඳම මිතුරියකවූ නිළි නාගීස් මීනා ගේ මරණයට සුබ පතා උර්දු බසින් ලිපියක් ලියා තිබිණි. මීනාට කමල් පමණක් නොව ඔහුගේ ලේකම් ද අත ඔසවන්නට විය. මීනා සැමියා ගේ නිවෙස හැර ගියේ ඉන් පසුවය. නාගීස්ට මරණ මංචකයේ සිට මීනා එසේ පවසා තිබෙයි. මීනා විඳී හංසනය නිසා මිතුරිය ගේ මරණයට නාගිස් එසේ සුබ පැතුවේ මේ ලොවට ඇය වැන්නියක නො ගැළපෙන නිසා නැවත නො එන ලෙස දන්වමිනි.

මීනා, විශ්ව කොකිලාව වූ ලතා මංගේෂ්කාර් ගේ ප්‍රියතම නිළිය ය. මීනාට ගී ගැයීමට හැකියාවක් තිබුණු අතර ඇය ගේ විශිෂ්ට රංගනය මෙන් ම වචන උච්චාරණය ද අදටත් එදා මෙන්ම අගැයුමට ලක්වෙයි.

කමල් හා බැඳී පෙම බිඳුණු පසු මීනා සතුටක් ලැබුවේ නවක නළු ධර්මේන්ද්‍රට ආදරය කිරීමට ගත් පසුවය. ඇය පිරිමියකුට ආදරයෙන් උමතු වූවා නම් ඒ ධර්මේන්ද්‍රට ම පමණි. ඇය මේ නවක නළුවාට සිනමා පට ගණනාවක ම රඟන්නට අවස්ථාව ලබා දුන්නේ ඔහුට අවස්ථාවක් ලබා නොදෙන්නනේ නම් තමන් ද රඟ නො පාන බව පවසමිනි. එහෙත් වැරැදි වැටහීම් නිසා ඒ සබඳතාව ද බිඳ වැටිණි. එයින් මීනා ගේ මානසික පීඩාව තවත් වැඩි විය.

මීනා මත් වතුර පානයට මුල පිරුවේ ඇයට විෂාදයට දෙන ඔසු සමඟ වෛද්‍යවරයා නින්ද නො යනවාට බ්‍රැන්ඩි ස්වල්පයක් ගන්නා ලෙසට දෙන ලද උපදෙසට අනුවය. මානසික පීඩාව උග්‍ර වන විට මීනා නින්දට වෛද්‍යවරයා දුන් විසඳුම දුකට ඔසුව ලෙසින් භාවිත කළේය. අවසානයේ විශිෂ්ට තාරකාවක වයස 38 ක් තරමුවූ අඩු වයසකදී දිවි සිනමාවෙන් සමු ගත්තාය.

සාජහාන් රජු මුම්ටාස් දේවියට ටජ් මහල ගොඩ නැඟුවාසේ කෙසේ වුවද කමල් අම්රෝහි ගේ සිතේ මීනාට ආදරයක් නො තිබුණා ද නො වෙයි. මේ ආදරවන්තයා සිය ආදරවන්තිය මීනාට පාකීසා (Pakeezah) තිළිණ කළේය. සිනමා පටයට මුල පිරුණේ 1958 ජනවාරි 18 වැනිදාය. දෙදෙනාගේ නො හොඳ නෝක්කාඩු මැද අවසන එය රූගත කර පෙන්වීමට හැකිවූයේ 1972 පෙබරවාරි 4 වැනි දිනටය. සැබැවින් ම පාකීසා කමල් විසින් තාරකා බිරියට අධ්‍යක්ෂවරයකු ලෙසින් ලබා දුන් විශිෂ්ට ම තිළිණය ය. ප්‍රිතාන්‍ය සිනමා ආයතනය විසින් 2007 දී ඉන්දියානු සිනමාවේ විශිෂ්ට ම සිනමා නිර්මාණයක් ලෙසින් එය නම් කර තිබෙයි.

 

අන්තර්ජාලයෙනි