අහස සයුරෙහි වෙන් නොවන සේ ජීවිතේ පිරි මහසයුරයි

කොන්සි පෙරේරා
මාර්තු 31, 2022

 

 

කොන්සි පෙරේරා ගායන දිවියට ගුරුහරුකම් දෙමින් ඇය ගායනයට පුරුදු පුහුණු කළේ සංගීත විශාරද ජගත් වික්‍රමසිංහ

 

සංගීතය, ගීතය මිනිස් ජීවිතය සෞන්දර්ය කරා ගෙන යන විශ්ව භාෂාවකි. ගීතයකට බෙහෙවින් පාදක වන්නේ පේ‍්‍රමය යි. පේ‍්‍රමයේ සුන්දරත්වය, විරහව සංකේතවත් කරමින් නිර්මාණය වන ගීත අතිශයින් ජනපි‍්‍රය බව සැබෑවකි. විරහව හෝ වේවා පේ‍්‍රමයේ සුන්දරත්වය සදාතනිකව මිනිස් හදවතට බද්ධ වී තිබීම නිසා ඒ ආස්වාදය සැමටම පොදු ය. බහුතරයක් ගීත පේ‍්‍රමය ආදරය සංකේතවත් කළ ද අද අප ඔබට හඳුන්වා දීමට යන ගායිකාව ප්‍රේමයෙන් බැහැරව විවිධ වූ තේමාවන් ඔස්සේ ගීත ගණනාවක් ගායනා කළ ගායිකාවකි.

වසරේ මාස 12 අරුත් ගන්වමින් විවිධ වූ තේමාවන් ඔස්සේ යෙදෙන විශේෂිත වූ දිනයන් පාදක කර ගැයු ගීත සමුච්චය ගීත 13කි. මේ වන විටත් ඇගේ කධභ ඊභඡඥ චැනලය ඔස්සේ විවිධ තේමාවන් ඔස්සේ ගැයූ ගීත ජනගත කර හමාරය.

ඇය නමින් ආචාර්ය කොන්සි පෙරේරාය.

සමාජ සත්කාරක සේවාවක් වූ ජීව පදනම නිර්මාතෘවරිය ඇයයි. අඩසිය වසරක් පුරා සමාජ සත්කාරක සේවාවන් රාශියක නිරත වෙමින් අනාගත දරු පරපුර වෙනුවෙන් සහ කාන්තා පරපුරේ අභිවෘද්ධිය පිණිස සමාජ මෙහෙවර ගණනාවක නියැළුණු ඇය සිය ශ්‍රම දායකත්වය කාලය මිල මුදල් ආදිය නොපැකිළව සමාජ මෙහෙවර වෙනුවෙන් වැය කරමින් දුගී දුප්පත් දරුවන්ගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් ද යුද හමුදාව වෙනුවෙන් ද ඉටු කළ මෙහෙවර උදෙසා සම්මාන කිහිපයකට ද පාත්‍ර වූවාය. ඒ අරභයා ඇයට රුසියාවෙන් ආචාර්ය පදවියක් ද පිරි නැමිණි.

කොන්සි පෙරේරා මෙතෙක් ඉටු කළ සමාජ සත්කාරක සේවාවෙන් ඔබ්බට ගොස් ඇය සිය හඬින් සමාජයට ආමන්ත්‍රණය කිරීම ඇරඹීයේ අර්ථාන්විත ගීත සමුච්චයක් සමාජයට තිළිණ කරමිනි. වසරේ දොළොස් මස පුරා ලෝ වාසී ජනතාව සමරන ලෝක මවුවරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, කාන්තා දිනය, ලෝක ළමා දිනය, නිදහස් උත්සවය, පෙම්වතුන්ගේ දිනය, සිංහල අවුරුදු, වෙසක් උත්සවය, පාස්කු උත්සවය, නත්තල් උත්සවය ආදී විශේෂ දිනයන් සමරමින් විශේෂිත ගීත ගායනා කළාය.

මේ විශේෂිත වූ ගීත සමුච්චය අන්තර්ගතය ඇයගේ අදහස් අනුව නිර්මාණය වූවකි. කොන්සි පෙරේරා ගායන දිවියට ගුරුහරුකම් දෙමින් ඇය ගායනයට පුරුදු පුහුණු කළේ සංගීත විශාරද ජගත් වික්‍රමසිංහයන් ය. එපමණක් නොව ඇය ගායනා කළ සියලුම ගීත වලට තනු නිර්මාණය කරමින් සංගීතය සැපයුවේ ද, ජගත්ය. ඔහුගේ මඟ පෙන්වීම යටතේ කොන්සි පෙරේරා සිය ගායන කෞශල්‍යය වැඩිදියුණු කර ගනිමින් සැඟවුණ කුසලතා ඔප් නංවා ගැනීමට ජගත් වික්‍රමසිංහ ගෙන් ලද සහාය අපමණය. කොන්සි ගැයු සියලුම ගීත වල ගේය පද රචනා ආරියසේන පෙරේරා ගෙනි.

හිරු සඳු දිදුලන අහස සිසාරා

රණ ගී හඬ දසතම පතුරා

දේශපේ‍්‍රමයෙන් අභි වික්‍රම් පෑ

ජය නැංවූ ජය සතර කොනේ

හෙළ විරු රණවිරු අභිමානෙන්

පෙබරවාරි මස 4 වෙනි දින නිදහස් දිනය නිමින්තෙන් ඇය රණවිරුවන්ට උපහාර ලෙස ගැයූ මේ ගීතය දේශාභිමානී සලකුණ මතු කෙරෙන ගීයකි.

ලෝක කාන්තා දිනය නිමිත්තෙන් ඇය සමස්ත කාන්තා පරපුර වෙනුවෙන් ගැයූ ගීයේ අන්තර්ගතය සෑම ගැහැනියක්ම රැජිනකි. ගැහැනිය යනු ලෝ තලේ කිරුළු නොපලන් රැජිනි යයි. යන්න අරුත් ගන්වමින් කාන්තාවන්ගේ වටිනාකම වඩාත් සාක්ෂාත් කරමින් ලියැවුණු ගේ පද අරුත් බරය.

මව් පදවි ලැබ තොටිලි නළවන

දයාබර හද ලොවට පුද දී

ලොවක් අසුරන ලොවම නළවන

ගැහැනියයි සිහසුන දරන්නේ

ඔබත් රැජිනකි ලොව

ලෝක ළමා දිනේ වෙනුවෙන් මව් සෙනෙහසේ උදාර සංකල්පනාව මෙලෙස ගීයට නැගුණේ මවුපියන්ට දරුවන්ට සම්පතක් බව පවසමිනි.

පෙර පතා ආ පිනේ මහිමෙන්

පුදා මට මව් පදවියක්

ලේ කඳුළු ළය කිරට හැරුණේ

මගේ දූපුතුන් සෙනෙහසින්

මහ සයුරේ රැලි බිඳී

වෙරළ සිඹින පෙන පිඬු

විලස හිනැහුණු

මගේ දරුවෝ

මට මගේ ලොව උදා කෙරුවා

පෙබරවාරි 14 වෙනි දිනට යෙදෙන වැලන්ටයින් දිනය නිමිත්තෙන් ඇගේ උපන්දිනය සංකේතවත් කරමින් ඇය සංගීත විශාරද ජගත් වික්‍රමසිංහයන් සමඟ ගැයූ යුග ගීතය

ඔබ මගේ කියා මා ඔබේ කියා

සිටියෝතින් සිත

අපි ගතින් ඈතයි දුරයි නේදෝ

ඇයි ද මා මිහිරේ සැමදා මා ගාව මයි ඔබ ගතින් සිත වෙන් නොවේ කිසිදා

කොන්සි සිය මෑණියන් වෙනුවෙන් ගැයූ ගීතය අතිශය හැඟීම්බර එකකි විය. එය සමස්ත මව්වරුන් උදෙසා ගැයූ ගීයකි.

අහස සයුරෙහි වෙන් නොවන සේ

ජීවිතේ පිරිමහ සයුරයි මට මගේ අම්මා

හිමිදිරිය අඳුරින් මුදා ලූ අහස වගේ අම්මා සෙනෙහසේ රැලි නංව නංවා ගලා ඇදුනා රුදුරු කතරේ ඔබේ සුවඳයි ගලා ආවේ මහපොළොව අම්මා.

පතිකුලය සුනුවිසුණු ගිය පතිනියකගේ ශෝකාලාපය ගීයට නැඟුණේ මේ අයුරින්

ජීවිතේ වසන්තය මැකී ගිය ද නිමා වී පතිකුලය සුනුවිසුණු වී පැමිණි කඳුළ

මගේ එක තැනක නැවතිලා

සෙනෙහසක් දයාවක් සුසුම් මැද පතාගෙන කා දකින්න ද කොහේ යන්නද

සසරම නොදැනම ලොව අනාථව ගිලිහුණු

මෙම ගීතවල ඇති විශේෂත්වය වනුයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙකෙන්ම ගීත නිර්මාණය වී තිබීමයි. කොන්සි පෙරේරා සිනමා නිළියකි ඇය උදයකාන්ත වර්ණසුරියගේ ආසයි මං පියාඹන්න චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇත.

ආචාර්ය කොන්සි පෙරේරා විසින් ඇගේ සමාජ සත්කාර සේවා පිළිබඳ වාර්තා වැඩසටහන් ද ඇගේ මෙම කධභ ඊභඡඥ චැනලය ඔස්සේ ඔබට දැක බලා ගත හැක.

විශාරද ජගත් වික්‍රමසිංහයන් සැඟවුණු ඇගේ කුසලතා ඔප් නංවමින් ඇයව ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ කිරීම පිළිබඳව හෘදයාංගම ස්තූතිය විශාරද ජගත් වික්‍රමසිංහයන්ට පුද කරමින් ඇය පිළිසඳර නිමා කළා.