අධිතාත්විකවාදී සිනමාවේ නිර්මාතෘ ස්පාඤ්ඤ ජාතික ලුවිස් බුඤුඑල්

(LUIS BUNUEL (1900 - 1983)
මාර්තු 24, 2022

 

ස්පාඤ්ඤ ජාතික ලුවිස් බුඤුඑල් (LUIS BUNUEL) විශ්ව සිනමා ඉතිහාසයේ බිහි වූ පුරෝගාමී සිනමා අධ්‍යක්ෂවරුන් අතර හොඳම සිනමා අධ්‍යක්ෂ වශයෙන් ද අධිතාත්විකවාදී සිනමාවේ නිර්මාතෘවරයා වශයෙන් ද විශ්ව සම්භාවතාවට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨ සිනමා වේදියෙකි. දිගු කාලීන ස්පාඤ්ඤ සිනමා ඉතිහාසයේ මුලින්ම විශ්වීය සිනමා නිෂ්පාදන බිහි කරන ලද්දේ බුඤුඑල් විසිනි.

ඔහු 1920 පටන්ම අධිතාක්විකවාදී පර්යේෂණ ලෙසින් පශ්චාත් නූතනවාදී සිනමා නිර්මාණ විශාල ප්‍රමාණයක් මව්රටේ මතු නොව ප්‍රංශය, ඇමෙරිකාව, මැක්සිකෝව, ජර්මනිය, ආදී රටවල දී සිනමාවට දායාද කළේය. ඒවා අතරින් සිනමා නිෂ්පාදන බොහොමයක් ගෝලඩන් ලයන්, යුනෙස්කෝ, ඔස්කාර්, ගොල්ඩන් ෆාම් ආදී සම්මානවලින් පිදුම් ලැබීය.

ලුවිස් බුඤුඑල් කුලුඳුල් චිත්‍රපටය වූයේ උද Chien Andalov - 1929 (අන්දලුසියානු බල්ලෙක්) නම් වූ වෛකල්පිත අධිතාත්විකවාදී කෙටි චිත්‍රපටයයි. එහි තිරරචනය සල්වදෝර් ඩාලිගේය.

දෙවැනි වරට අධ්‍යක්ෂණය කරන ලද La Edad de Oro  - 1930 (ස්වර්ණ යුගය) කමැති ප්‍රංශ චිත්‍රපටය කතෝලික වාදයට එරෙහිව නිමැවුණු ස්වභාවය හේතුවෙන් තහනමකට පවා ලක්විණි.

ඊට පසු ඔහු අධ්‍යක්ෂණය කළ Belle de Jour  (1967) නම් චිත්‍රපටය වැනිස් (Venice) චිත්‍රපට උළෙලේ දී ‘ගෝල්ඩන් ලයන්’ සම්මානයට (Golden Lion) පාත්‍ර විය. The Discreet Charm of the Bourgeoisie -  1972 චිත්‍රපටය සඳහා විදෙස් භාෂාවකින් තිර රචනය කළ හොඳම චිත්‍රපටය ලෙස ඔස්කාර් (Oscar) සම්මානය ද හිමිවිය. ට්‍රිස්ටානා (tristana) Mily way ඔහුගේ තවත් නිර්මාණ වේ.

බුඤුඑල් අධ්‍යක්ෂණය කළ මැක්සිකෝ - ස්පාඤ්ඤ චිත්‍රපටයක් වූ Viridana - 1950 (විිරිදියානා) චිත්‍රපටය සඳහා කාන්ස් (Canns) චිත්‍රපටය උළෙලේ දී ‘ගෝල්ඩන් පාම් (Golden Palm) සම්මානය හිමිවිය. 1970 තිරගත වූ නසරින් Nazarin)  චිත්‍රපටය ‘කාන්ස් චිත්‍රපට උලෙළේ දී ජත්‍යන්තර සම්මානයට ලක්විය.

මැක්සිකෝවේ දී තිර ගත වූ ‘Los Olvidados’  (අමතක කරන ලද්දෝ -1950 චිත්‍රපටය වෙනුවෙන් කාන්ස් චිත්‍රපට උලෙළේ දී ‘ස්පාඤ්ඤ බස මැනවින් හැසිරවීමේ දක්ෂ හොඳම අධ්‍යක්ෂවරයා’ ලෙස බුඤුඑල් ගෞරව සම්මානයට ලක් විය. මෙම චිත්‍රපටය මෑතකදී ලෝක සංස්කෘතික උරුමයක් සේ යුනෙස්කෝ (unesco) ආයතනයේ අගැයිමට ලක්විය.

බුඤුඑල්ගේ අධ්‍යක්ෂණය ලොවම පිළිගන්නා පරිදි විශිෂ්ටය. සති කිහිපයකින් චිත්‍රපටයක කටයුතු කිරීමට ඔහුට පුළුවන. මුල් පිටපතින් ඉවත නොපැන සරල ලෙස අධ්‍යක්ෂණ කටයුතු වල යෙදෙන හෙතෙම පටිගත කිරීම් අතරතුර කිසිවිටෙක නළුනිළියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොගියේය.

ලුවිස් බුඤුඑල් පොර්තලේස් (Luis Bunuel Portales  උපත ලබා ඇත්තේ 1900 පෙබරවාරි 22 වැනි දා ස්පාඤ්ඤයේ ‘අරගොන්’(Aragon)  දේශයේ පිහිටි ‘කලන්ඩා’ (Calanda)  නම් නගරයේ දීය.

ළමා වියේ දී ලුවිස් විවිධ ඇඳුම් ඇඟලා ලියාගත් දෙබස් කියවමින් නාට්‍ය රඟ දැක්වීමට පටන් ගත්තේය. ඒ අතර ඇතැම් අවස්ථාවල අමුතු අමුතු දේ කිරීමට පෙළඹුණේය. ඉහළම ලකුණු ලබා ගනිමින් ඉගෙනීමේ කටයුතු වල යෙදන්න ද පාසැලේ තද නීති රීති ගැන කලකිරුණු පියා විසින් තම පුතු එතැනින් අස් කරවාගෙන නිවසේ දීම අධ්‍යාපනය ලබා දෙන ලදී.

ඉන්පසු උසස් අධ්‍යාපනය සඳහා මැඩ්රිඩ් නගරයේ පිහිටි ‘කොම්ප්ලුටෙන්සේ’ (ඛ්ධථනතභබඥදඵඥ) විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ලුවිස් ඉංජිනේරු විද්‍යාව, ස්වභාව අධ්‍යයනය, දර්ශන විද්‍යාව ආදී විෂයයන් හැදැරීය.

එහිදී ඔහුට චිත්‍ර කර්මය හදාරමින් සිටි සල්වදෝර් ඩාලිත් නීතිය හා දර්ශන විද්‍යාව හදාරමින් සිටි ගර්සියා ලොර්කාත් වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි ජෝසේ පෙපින් බෙයියෝත් හඳුනාගැනීමට ලැබිණි.

ගර්සියා ලොර්කා මහා කවියකු, ගායකයකු, සංගීතඥයකු, ග්‍රන්ථකතුවරයකු, පියානෝ හා ගිටාර වාදකයකු, නළුවකු හා ප්‍රතිභාපුර්ණ නාට්‍යවේදියකු වශයෙන් ලොව කීර්තිමත් විය. සල්වදෝර් ඩාලි නාට්‍ය හා සිනමා තිර රචකයකු මෙන්ම ‘අයියථාර්ථවාදී චිත්‍ර ශිල්පයේ පියා’ ලෙසින් ලෝක ප්‍රසිද්ධ විය. පෙපින් බෙයියෝ ඡන්මයෙන්ම හාස්‍යීත්පාදකයෙකු විය. තවද විසිවැනි සියවසේ සමකාලීනයන් පිළිබඳ මතකය (මියෙන තුරුම) හද රුවාගෙන ලොවට කියා පෑ සම්මානීය සැබෑ සහෘදයෙකු විය.

1934 ලුවිස් බුඤුඑල් විවාහ වී සැපවත් ජීවිතයක් ගත කරමින් සිටියේය. එහෙත් එම සතුටු බර ජීවිතය 1936 වන විට දුක පැත්තට බර වුයේ ස්පාඤ්ඤා සිවිල් යුදමය වාතාවරණය හේතුවෙනි.

ලුවිස් බුඤුඑල් වහා පැරිසියට පැන දිවි බේරා ගත්තේය.

ඉතිරි කාලය ඇමෙරිකාවේ ද මැක්සිකෝවේද ගත කරමින් චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කළේය. එසේ මුළු ජීවිත කාලයම සිනමාව වෙනුවෙන්ම කැප කළ ලුවිස් බුඤුඑල් නම් මහා සිනමාවේදියා 1983 ජුලි 29 වැනිදා මැක්සිකෝවේදී සදහටම නෙන් පියා ගත්තේය.

පෙපින් සමඟ හෝරාවක්

ලුවිස් බුඤුඑල්ගේ සිනමා ජීවිතයට වැඩිපුරම බලපා ඇත්තේ පෙපින් බෙයියෝ ගේ ආභාසයයි.

ජෝසේ පෙපින් බෙයියෝ  (Jose Pepin Bello )1904 - 2007) ගැන විශ්ව කලා ඉතිහාසයේ ලියැවී ඇත්තේ විසි වැනි සියවසේ සජීවි මතකය ජීවිතය පුරාම හදරුවා සිටිමේ සමත් බුද්ධිමත් සහෘදයකු ලෙසිනි.

1904 උපත ලද පෙපින් වසර 103 ක් ආයු වළදා 2007 ජනවාරි මස එකොළොස් වැනි දා ජීවිතයෙන් සදහටම සමුගෙන ගියේය.

මිය යාමට මාස කීපයකට පෙර එනම් 2006 ජුලි මස 29 වැනිදා පෙපින්ගේ නිවසේ දීම එතුමන් සමඟ සතුටු සාමිචියේ යෙදීමට මට භාග්‍යය උදාවිණි.

එදා ඔහු හා කතාබහේදී ලුවිස් බුඤුඑල් ගැන ඔහුගේ මුවින් ගිලිහුණු සජීවි සංවාදය මෙතැන් සිට දක්වන්නේ නිහතමානී ආඩම්බරයකිනි.

ප්‍රශ්නය - මිත්‍ර චත්‍රරස්‍රයෙන් මුලින්ම ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුªළත් වූයේ කවුද?

පෙපින් - මුලින්ම ආවේ මම යි. ඊළඟ ලුවිස්. ඔහු මගේ පළාතෙම අයෙක් නිසා කැමැත්තෙන්ම හඳුනාගත්තා. පෙදෙරිකෝ එන්නේ 1919 වසරේ. ඩාලි ආවේ 1921 වසරේදී

ප්‍රශ්නය - සති අන්තයේ කළේ මොනවද?

පෙපින් - අපට එතරම් මුදලක් තිබුණේ නෑ. ඒත් අපි සති අන්තයේ තොලෙඩෝ (Toledo )නගරයට ගියා.

ප්‍රශ්නය - ඇයි තොලෙඩෝ නගරයට ගියේ?

පෙපින් - තොලෙඩෝවල ඉපැරැණි නගරයක සිරියාව තිබෙනවා. අභිරහස්, නිහඬ පෙදෙසක්. උදේට සොහොන් කොත් බලන්න යනවා. එතැනි තමයි පස්සේ කාලෙ ලුවිස් ට්‍රිස්ටානා, ඹ්ච ර්‍ණපඤඥද ඤඥ බධත චිත්‍රපටවලට ගත්තේ.

ප්‍රශ්නය - විමෝදාත්මක සිද්ධි එහෙම නැද්ද?

පෙපින් - දවසක් කොලෙඩෝවලදී ලුවිස් අපෙන් මුදල් ඉල්ලුවා. පස්සේ දෙන්නම් කියලා අපේ අතේ තිබුණු මුදල් ඔක්කොම එකතු කරගත්තා. ටිකකින් බලනවිට ඔහු රහසේම මැඩ්රිඩ් ගිහින්. අපේ අතේ සතයක්වත් නෑ. අපි හෝටලේ සේවයකුගෙන් මුදලක් ඉල්ලාගෙන මැඩ්රිඩ් නගරයට ආවා. ලුවිස් හිනාවෙනවා. එතරම් බලගතුයි ඔහුගේ විහිළු.

ප්‍රශ්නය - තවත් ඒ වගේ විිහිළුවක්?

පෙපින් - ලුවිස් හරිම බියගුල්ලෙක්. මකුළුවාටත් බයයි. මට මතකයි දවසක් රාත්‍රියේ අපි ක්ලබ් එකක නැවැතුණා. ඒ රාත්‍රියේ වේලාසන අවදිවෙලා ලුවිස් බිත්තියට ගහ ගහ කෑ ගසමින් අපට අඬඟැසුවා.

“බලපියව් බලපියව් අනේ කරුණාකරලා...! මට බයයි. මාවවුලෙක් වැහුවා. අරෙහෙට දිව්වා.”

ලුවිස් හොඳටම බයවෙලා. බලනවිට කාමරේ බිත්තයේ තඩි මකුළුවෙක්. මං පුටුවකට නැගල ඌ අල්ලා ඉවත දැම්මා.

ප්‍රශ්නය - මිතුරන්ගේ කලාවේ මුල්ම සොයාගැනීම් කළ තැනැත්තා ඔබයි?

පෙපින් - අපි ඇවිද්දා කෑවා. සිගරට් බීවා. කෙල්ලො ගැන කතා කළා. අපටම වෙන් වූ කලා ලෝකයක් තිබුණා. ඒ ලෝකයේ අප නිදහසේ විහිළු කළා. අමුතු, අසාමාන්‍ය විකාර චිත්‍ර ඇන්දා. එකවගේ ශබ්දවන වදන් එකට කරල විකාර කවි හදල අපි හතර දෙනාම එකට ගායනා කළා. ඒවා තමයි ඩාලිත් ලුවිසුත් පසුකාලයේ අධියථාර්වාදී චිත්‍ර හා සිනමාවට අරන් තිබුණේ. ඒවා සාහිත්‍ය රසය පිරුණු කවි. එදා අපේ පාරාදීසයේ සෞන්දර්යවත් මතකයන් ඩාලිත් ලුවිසුත් නව ලෝකයකට ගෙන ගියා.

ප්‍රශ්නය - බුඤුඑල්ගේ චරිතය ඔබ දුටුවේ කොයි වගේ ද?

පෙපින් - ලුවිස් චාරිත්‍ර අගය කළ ශිෂ්ට මිනිසෙක්. හුඟාක් කියෙව්වා. අප කලාවට බර හැමදේටම සහභාගි වුණා. මඩම් ගානේ, මුඩුක්කු ගානේ, නගර විථි මුහුදු වෙරළදිගේ ඇතිවනතුරු ඇවිද්දා. නියම මිත්‍රත්වයෙන් සොයුරු පෙමින් ගත කළා. පසු කාලයේ දී ලුවිස් මගේ ‘අදහස්’, ප්‍රතිරූප ප්‍රයෝජනයට ගත්තා. Un chien Andalou, la edad de Oro  වැනි චිත්‍රපටවල සම්පුර්ණයෙන් පරාවර්තනය වී ඇත්තේ ‘අප සිව්දෙනා ගේ ගැටවර වියේ අත් දුටු සිහින හා අසාමන්‍ය මායාකාරී දර්ශනයි. තාරුණ්‍යයේ මිත්‍රත්වයේ සුවඳයි.

ප්‍රශ්නය - ඔබතුමා බුඤුඑල්ගේ චිත්‍රපට කීයක් නරඹා තිබේ ද?

පෙපින් - Un Perro Anadaluz, Viridiana, Tristana  ආදිය ලුවිසුන් මාත් උපන් ‘අරගොන්’ දේශයේ අපුරු මිනිහෙක් හිටියා රමොන් (ramon Acin)  කියා. ලුවිස්ගේ සිනමාවේ වැඩි චිත්‍රපට ප්‍රමාණයක රඟපෑවේ ඔහුයි. අපි ජර්මන් ජාතික වැග්නර් (Wagner)  ව්‍යාපාරයට කැමැති අය ‘වැග්නර්’ අපේ ආයතනයට පැමිණි වේලාවක අප ඔහුව හඳුනාගත්තා. ලුවිස් La Muerte de isolda  (ඉසොල්ඩාගේ මරණය) Un Perro Andalus  (අන්දලුසියානු බල්ලෙක්) වැනි චිත්‍රපටවලට යොදා ගත්තේ වැග්නර්ගේ සංගීතය ය. ඒකී ශත වර්ෂය පුරාම හොඳම දක්ෂයා බීතෝවන් (Beethoven) 

ප්‍රශ්නය - ඔබලා සිව් දෙනාම අධියථාර්වාදය ඉගෙන ගත්තේ කොහොමද?

පෙපින් - අධියථාර්වාදය අපි විහිළුවකට ගත්තා. එය ව්‍යාපාරයක්. එහි කවටකම් අංශයටයි අපි බරවුණේ. අන්දෝ බ්‍රොතොන් (Andre Breton) අධියථාර්වාදී ව්‍යාපාරයේ නායකයා දේශන සඳහා අපේ ආයතනයට ආවා. මට නම් එය දෝතටම වැටුණා. එය හඬක් නඟන යම් දෙයක්. කිසියම් දීප්තියකුත් තියෙනවා. නමුත් එහි ඇතුළත ගම්භීර දේවලුත් නැතිවා නොවෙයි.

ප්‍රශ්නය - 1927 පරම්පරාවේ’ කලාකරුවෝ කියනවා ඔබ මිතුරන්ගේ සම්බන්ධීකරණ නිලධරයා කියා?

පෙනින් - ඔව්. මං හැමටම ආදරෙයි. හැමදෙනාම මට ආදරෙයි. මං ඒ අයට හුඟාක් සමීප වුණා. ඩාලියි ලුවිසුයි අහසෙන් දේවල් ඇහිලුවා. සිවිල් යුද්ධයට පස්සේ ලුවිස් ප්‍රංශයට හා ඇමෙරිකාවට ගියා. කලාතුරකින් තමයි අප හමුවුණේ. අධ්‍යක්ෂකයින්, මාධ්‍යවේදීන් ඔහු පසුපස ගියා.

යුද්ධයට පෙර සම්පුර්ණ සතුටෙන් හිටියා. ඔහු මුදල් ගෙව්වා. කදිම ගෙයක් අරගෙන බිරිය සමඟ සතුටින් ගත කළා.

මට මතකයි  filmofono  ආයතනයේ මැනේජර් රිකර්ඩෝ (Ricardo urgoiti)  හා එකතු වී දෙන්නා සතුටෙන් චිත්‍රපට කළා.

ඔහු කිව්වා.

‘ලුවිස් මහා ඥානවන්තයෙක්. දක්ෂයින් අතරේ ඉන්නට දන්නවා. යුද්ධය නොතිබුණා නම් ස්පාඤ්ඤයේම දියුණු වන්නට තිබුණා කියා.’

ප්‍රශ්නය - බුඤුඑල්ගේ පවුල ඔබ හඳුනනවාද?

පෙපින් - නැතුව. මගේ නිජ බිම නේ ‘අරගොන්’ කියන්නේ. ලුවිස්ගේ මව සුන්දර කාන්තාවක්. පවුලේ සම්පුර්ණ පාලනය ඇය අතේ. මා ලුවිස්ගේ ගෙදර ගියාම ඔක්කෝම වට වී වාඩිවෙනවා. ලුවිස් ගේ පියා ලෙමනර්ඩෝ (Leonarda) ගේ පුරුද්දක් තිබුණා ලුවිස් වඩාගන්න එක. වැඩිමාල්ලා නිසා ආදරෙයි. වඩාගෙන රන්, රිදී, මිල මුදල් තබන ලොකු ලී පෙට්ටගම මත තබනවා. අනෙක් දරුවන් බලාගෙන ඉඳිද්දි ලුවිස්ට කෑම කවනවා. ලුවිස් තිරිසනෙක් වගේ බිම බලාගෙන කනවා. ඉදිරියට නෙරපු ඇස් දෙකෙන් මට ඔරවමින්.

ප්‍රශ්නය - ලුවිස් විටින් විටවත් මුණ ගැහුණා ද?

පෙපින් - ලුවිස් අප බලන්නට කලාතුරකින් හෝ ස්පාඤ්ඤයට එනවා. මගේ සොයුරෙක් වගේ. ලුවිස්ට මං ආදරෙයි... (පෙපින් ගේ දෑස් කඳුළින් තෙත් වෙයි)

මං තමයි ඔහු ගැන හුඟාක්ම සතුටු වන කෙනා. ලුවිස් සිනමාකරුවෙක් විදියට අරමුණු කිසිදාක කඩකරගත්තේ නැහැ. ඔහුගේ ජීවිතය ආලෝකවත් කළා. අතීතයෙන් මවාගැනීම් අරගෙන සිනමා ලොව දීප්තිමත් කළා.

සහජ හැකියාවක් ඉස්මතු කිරීමේදී අන්‍යොනය සබඳතා ඉතාමත් ප්‍රයෝජනවත් වන අයුරු කියාපාන මිත්‍ර චතුරස්‍රය (ලොර්කා - ලුවිස් - ඩාලි - පෙපින්) හා එකමුතුව ලුවිස් බුඤුඑල් නම් වූ ශ්‍රේෂ්ඨ සිනමා වේදියා ආදර්ශවත් නිර්මාණකරුවකු බව පෙබරවාරි විසි දෙවැනි (22) දාට යෙදෙන ඔහුගේ ගුණ සමරුව සමරන මේ අවස්ථාවේ ප්‍රකාශ කිරිමට කැමැත්තෙමි.

මෙම ලිපිය ඒ මහා සිනමා නිර්මාණකරුවාට උපහාරයක් ම වේවා !

 

ඉන්ද්‍රානි රත්නසේකර

ස්ථානය මැඩ්රිඩ්, පෙපින් නිවස