ප්‍රවීණ කැමරා ශිල්පී චිත්‍රානන්ද සමුගනී

මාර්තු 10, 2022

රංගන ශිල්පියකු මෙන්ම හඬ කැවිම් ශිල්පියකු වූ සුනෙත් චිත්‍රානන්දගේ (චුටි මල්ලී) දයාබර පියාණන් වූ එස්.කේ. චිත්‍රානන්ද මහතා පසුගිය දින අභාවප්‍රාප්ත විය. චිත්‍රානන්ද මහතා ලේක්හවුස් ආයතනයේ ඡායාරූප කර්තෘ ලෙස කලක් සේවය කළේය. ඔහුගේ අවසන් කටයුතු පසුගිය 9 වැනි දින බොරැල්ල සුසාන භූමියේදී සිදුකරන ලදී.