සොඳුර මට සමුදෙන්න සමුදෙන්න

සමන් චන්ද්‍රනාත් වීරසිංහ
පෙබරවාරි 17, 2022

ඔහු හදවතින් වියපත් නොවන ආදරවන්තයෙකි

***************************************

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ගීත රචක, සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා අද (17 බ්‍රහස්පතින්දා) පෙරවරු 10.00 සිට සවස 4.00 දක්වා බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් මල්ශාලාවේ තැන්පත් කර තැබෙන අතර, බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ.
 
***************************************

මේ ලිපිය ලියන්නට සිදු වීම මගේ මාධ්‍ය ජීවිතයේ වාවාගත නොහැකි දෛවෝපගත අත්දැකීමක් බව නොකියා බැරිය. දිනෙක මෙවැනි ලිපියක් මට ලියන්නට සිදුවන බවට මීට වසර ගණනාවකට පෙර සිට කීප වරක් අනාවැකි පළ කළ අපගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ගීපද රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ වචනය සත්‍ය කරමින් අඟහරුවාදා (15) උදෑසන අපේ කර්තෘ අරුණ ගුණරත්න සොහොයුරා ඒ වගකීම මට පැවරීම ඊට හේතුවයි. බොහෝ ජ්‍යෙෂ්ඨයන්ට 'සමන් අයියා' ද අප වැනි දුහුනන්ට 'සමන් මහත්තයා' ද වූ ඔහු ඒ සැමට එක සේ ආදරය කළ, උපකාර කළ මිනිසත් ගුණ වගා කළ අයකු බව ඔහු සමඟ ඇසුරු කළ හැම කෙනකුම නිසැකයෙන් පිළිගන්නවා ඇත. එහෙත් අදින් පසු ඒ මහා වනස්පතියේ සෙවණ ගීපද රචනා කලාවට හෝ පුවත්පත් කලාවට මතු නොව වයස් භේදයකින් තොරව ඔහු වටා රොද බැඳුණු නෑ සිය මිතුරන්ට, කලාකරුවන්ට මෙන්ම ප්‍රිය බිරිඳ දයාලතා වීරසිංහ ඇතුළු ටිකිරි, චාමිකර සහ නදී දරුවන්ටත් ගඟු සහ දිනෙත් ඇතුළු මුනුපුරු මිනිබිරියන්ටත් නොලැබෙනු ඇත. ඒ ඔහු සොබා දහමේ නීතියට කල් නෑර අවනත වූ බැවිනි.

දෙදාහා මැද භාගයේ විශේෂාංග කර්තෘවරයකු සහ සම කර්තෘවරයකු ලෙස සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කළ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා යටතේ මාධ්‍යවේදිනියක ලෙස වෘත්තීයමය වශයෙන් කටයුතු කරන්නට බොහෝ කලකට පෙර සිට ඔහු මගේ මවුපියන්ගේ හිතවතෙකු ලෙස හඳුනාගෙන සිටියෙමි. මොරටුව පානදුර පරණ පාරේ සරික්කාලිමුල්ල පෙදෙසේ විසූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විමල් වීරසිංහයන්ගේ නම ගෙන ගිය දරුවන් අතරින් වඩාත් කීර්තියක් අත් කරගත් පුතුන් දෙදෙනා වන්නේ සමන් චන්ද්‍රනාත් සහ භාරතී වීරසිංහ යැයි කීම මුසාවක් නොවේ. වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවකු වන තරුණ සමන් චන්ද්‍රනාත්ගේ නිර්මාණ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ ඔහු ලියූ කරවිල වැලේ කතාවය. කරවිල වැල වේළුණු පසු ගොවියා දිවි නහගන්නා බව ලියූ සමන් පුතාට පුවත්පත් කතුවරයකු වූ තාත්තා දුන් ඔවදන වූයේ නිර්මාණයකින් මිනිසුන්ට මියැදෙන්නට නොව සියලු බාධක ගැහැට මැද වුව ජීවත් වන්නට කියා දිය යුතු බවය. එය ඔහුගේ නිර්මාණ දිවියට පමණක් නොව පෞද්ගලික ජීවිතයටද ලද හොඳම අවවාදය යැයි ඔහු පැවසුවේ සිය ගීපද රචනා කලාවට දශක හතරක් පිරීම නිමිත්තෙන් 201----- වසරේ පැවැත් වූ 'සඳමඬලේ සිට' ප්‍රසංගයේ තිර පිටපත ලිවීමට මා විසින් අතීත තොරතුරු හාරාවුස්සන ලද අවස්ථාවේදීය. කරවිල වැලේ කතාවෙන් මතු ඔහු කිසි දිනෙක ඍණාත්මක නිර්මාණයක යෙදී නැත. එමෙන්ම ජීවිත කාලය පුරා අත්විඳීන්නට වූ අනේක අප්‍රමාණ දුක් ගැහැට ඉදිරියේ අර ගොවියා මෙන් දිවි නහගත්තේද නැත. ඔහුගේ දිවියේ අග භාගය වන විට ඇදගෙන ගියේ පොඩි පහේ ජීවන බරක් නොවන බව රහසක් නොවේ. එහෙත් කිසි විටෙකත් ඔහු දුක විකුණාගෙන කෑවේද නැත. සිය හදවතේ කඳුළු ගංගාව දෙගොඩතලා යමින් තිබියදී පවා කවුරුන් හෝ ඔහු අමතන සැම මොහොතකම කුමක් හෝ විහළු තහළුවක් කර අනෙකාගේ සිත සතුටෙන් ප්‍රබෝධයෙන් තබන්නට සමන් මහත්තයා උත්සාහ කළේය.

ආධුනික මාධ්‍යවේදියකු ලෙස ටයිම්ස් ආයතනයට බැඳෙන ඔහු විඳී දුක් ගැහැට ඔහු යටතේ පුහුණුවන කිසිදු ආධුනිකයකු විඳීනවාට ඔහු කැමැති වූයේ නැත. එසේම ජ්‍යෙෂ්ඨම ගායිකාව වන අපේ ගීත කෝකිලාව ලතා වල්පොල සහ ජනකාන්ත ගායක එච්.ආර්.ජෝතිපාලයන්ගේ සිට රූපවාහිනී නාලිකාවලින් බිහිවූ නවක ගායන තරු දක්වා පරම්පරා රැසකට ගීපද ලියා දෙන්නට තරම් ප්‍රවීණත්වයක් මෙන්ම තාරුණ්‍යයක් ඔහු සතු විය.

ඔහු ජාතිවාදියකු නොව ජාතිවාත්සල්‍යයෙන් යුතු දේශාභිමානියකු බව ඔහුගේ ගී නිර්මාණවලින් ප්‍රකට කරයි.

සඳ මඬලේ සිට

තරු මඬලේ සිට

දිවැස් හෙළන පුතුනේ

බලාගන්න පුත

බලාගන්න පුත

ලස්සන ලක් දෙරණේ

ගීය ඇසෙන වාරයක් පසා ඒ බව මොනවට පැහැදිලි වෙයි. එසේම ඔහු වැඩකරන ජනතාවට හදවතින්ම ගරු කෙරූවෙකි. විශාරද ගුණදාස කපුගේ ගයන 'නාඹර ගොයමට රහස් කියාලා' ගීතයේ 'කම්හල මැද වෙහෙසෙන විට ගත සිත ඔබ ගැන මතකය මඳ පවනයි' යනුවෙන් ඔහු ගුවන් විදුලියට ලියූවේ මේ රට ගොඩනඟන්නට දායක වන කම්කරුවා වෙනුවෙනි. 'වාදකයාණෙනි ඔබේ සිතාරය සත්සර නංවන සුමිහිරි රාවය කෙතක ගොයම් නෙළනා ළඳුන්ගේ දෙතොලේ ගීයට මුසු කළ මැනැවී' යනුවෙන් සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් ගැයෙන්නේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් ගොවි ජනතාවගේ සේවයට එක් කළ අනුප්‍රාණයයි.

එසේම ඔහු හදවතින් වියපත් නොවන ආදරවන්තයෙකි. ප්‍රේමයේ විවිධ පැතිකඩ අතර ගණිත පාඩමක් සහිත එකම තුන්කොන් ප්‍රේම ගීය වන සමකෝණී ත්‍රිකෝණයකි ලීවේ ඔහුය. කවිකාරියේ, රිදී සීනු සිනාවේ, සෙව්වන්දියකට පෙම් බැන්දා, සඳුනී සඳුනී ආදී වශයෙන් ආදරයේ විවිධ පැතිකඩ ඔහුගේ පන්හිඳට පදවැල් ගෙනාවේය. පෙම්වතුන්ගේ සංස්කෘතික සදාචාර සීමාව ඔහු ගේයකාව්‍යයකට නැඟුවේ 'ලතා මඬුල්ලක් කතා කරනවා' වැනි ගීවලිනි. ඔහු ඔහුගේ ආදරයට පැමිණි බාධක දිනාගත්තේද ගීතයකිනි. ඒ 'කියයි මිහිරි කතා නිතර රසට ගොතා' ගීතයයි. තමාන්ට බාල සහෝදර සහෝදරියන් සයදෙනකු වෙනුවෙන් වූ ඔහුගේ සහෝදර කැක්කුම උතුරා ගියේ 'රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ' ගීතයෙනි.

සමකාලීන ගීපද රචකයන් අතරින් කලින් තැනූ තනුවකට පදවැල් නිර්මාණයේ නිපුණයන් ලෙස බොහෝ දෙනා පිළිගන්නේ ආචාර්ය අජන්තා රණසිංහයන් සහ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් බව ප්‍රකට කරුණකි. සරත් දසනායක ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයා තනුවක් නිර්මාණය කර එහි පදවැල් රූපත් තරුණියකගේ රිදී තෝඩුවකට නියපිටින් ගැසූ විට එන නාදය තරම් මිහිරි විය යුතු යැයි කියූ විට සමන් මහත්තයාගේ පන්හිඳෙන් ඒ අදහස අකුරු බවට පත් වූයේ 'හිම රේණු වැටෙනා සීතලේ' යනුවෙනි. රූකාන්ත චන්ද්‍රලේඛා යුවළගේ මංගල තෑග්ග වශයෙන් ස්ටැන්ලි පීරිස් සංගීතඥයා තනුවක් තනා පදරචනා දායකත්වය දෙන්නැයි කී විට 'සඳලේඛා' ගීපද ඔහු තෑගි කළේය. මේ සියල්ලට ඔහුගේ සාහිත්‍ය දැනුම සහ බෞද්ධ දර්ශනය පිළිබඳ තිබූ තියුණු අවබෝධය පාදක විය.

සමන් මහත්තයා පාඩුවේ ගීපද රචනා කරගෙන සිටි චරිතයක් නොවේ. ඔහු සංගීතඥයන්ගේ සහ ගීපද රචකයන්ගේ අයිතිය වෙනුවෙන් දැඩි සටනක ප්‍රසිද්ධියේ නිරත වූවෙකි. ගීත රචකයන්ගේ සංගමයේ මෙන්ම වී ඩිඩ් ඉට් ග්ලෝබල් ආයතනයේ උපදේශකවරයකු ලෙස අවසන් මොහොත දක්වා ඔහු පොදුවේ සියලු දෙනා වෙනුවෙන් සටන් කළේය. එයට හේතුව ගීතය සාහිත්‍යයක් පමණක් නොව එයට සංගීතයද එක් කොට රසවිඳීය යුතු කලාවක් ලෙස ඔහු දැඩිව විශ්වාස කළ බැවිනි. අපේ කාලේ සරස්වතී ඔහුගේ ගීත එකතුවක් රැගත් කෘතියයි. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අසාධාරණයට හිස නමාගෙන සිටින බහුතරයක් අතර සමන් චන්ද්‍රනාත් වීරසිංහ යනු නිරන්තර කඩුව සුරතින් ගෙන සටනට වැදි විප්ලවකාර මාධ්‍යවේදියෙකි. ජේ.ආර්.ජයවර්ධන සමයේ ජනාධිපති උතුමාණන් යන්නට 'ජනාධිපතිවරයා' ලෙස ලියූ ඔහුගේ වැඩ තහනම් විය. එහෙත් ඔහු සමාව නොගෙන තර්ක කළේ බුදුවරයා කීම හොඳ නම් ජනාධිපතිවරයා කීමේ වරද කුමක්ද? කියාය. අවසන ඔහුට එරෙහි චෝදනා පත්‍රයේ වරදක් කර නැති බව සඳහන් විය. ඒ ඍජුබව නිසාම ඔහුට අහිමි වූ දේ බොහෝය. එහෙත් ඒ කිසිදු භෞතික වරප්‍රසාදයක් වෙනුවෙන් ඔහු සිය සටන අතහැරියේ නැත.

සමන් මහත්තයා අධිකතර දාරක ස්නේහයකින් යුතු පියෙකු බව නොකීවොත් වරදකි. ඔහුට සැමවිටම දරුවන් තම කැදැල්ලේ රැඳෙනු දකින්නට ආසා කෙරූවෙකි. තමන්ගේ දරුවන්ට පමණක් නොව සමස්ත තරුණ පරපුරටම ඔහු නිර්ලෝභීව අත දුන්නේ පීතෘස්නේහය මුදුන් කරගෙනය. ඔහු මා ඇමතුවේ පොඩි දුව නමිනි. ඔහුගේ ලොකු දුව ටිකිරි වීරසිංහ අක්කාට හෝ ලේක්හවුස් ආයතනයේ ඩේලි නිවුස් පුවත්පතේ මාධ්‍යවේදී චාමිකර වීරසිංහට හෝ නදී වීරසිංහට එය උරණ වන්නට හේතුවක් නොවූයේ ඔවුන් සිය පියාගේ මිනිසත්කම, පියවත්බව මැනවින් හඳුනා සිටි බැවිනි. ඒ සෙනෙහස සිහිවන විට දෑසට කඳුළක් නැඟෙන්නේ මගේ විවාහ උත්සව දිනය සිහිපත් වෙමිනි. ස්වාභාවික පරිසරයක කැලෑමලින් සරසා එය පවත්වන්නට අපට ඕනෑ විය. උත්සවයදා උදෑසනම හෝටල් ගේට්ටුව අසල මහා ගාලගෝට්ටියකි. සමන් මහත්තයා මහා කැලෑවක් සහ කැලෑ මල් තොගයක් වාහනයක පටවා ගෙනවිත් එය තමන්ගේ 'පොඩිදුවගේ' පෝරුව සරසන තැනට ගෙන යන්නට උත්සාහ කරයි. ආරක්ෂක නිලධාරීන්ගේ තැත එය වළක්වන්නට යි. එවන් අත්දැකීම් මට පමණක් නොව සමන් චන්ද්‍රනාත් වීරසිංහ නම් වූ ආදරණීය පීතෘවරයා, සොහොයුරා, ජ්‍යෙෂ්ඨ පුරවැසියා, කලාකරුවා, රසවතා, ප්‍රවීණ ගීපද රචකයා, නිර්භය මාධ්‍යවේදියා ඇසුරු කළ සැමදෙනාටම තිබෙන්නට ඇතිවාට සැක නැත. එහෙත් අදින් මතු යළි අප කිසිවකුට ඒ මිනිසත්කම යළි පියවි ඇසින් දැකගත නොහැකි වනු ඇත. එය කලින් දැනුණු නිසා දෝ ඔහු සිය ආදර බිරියට මෙසේ කියා තිබුණි. 'දයෝ දැන් ඔයගොලන්ට මාව බලාගන්න අමාරුයි. මට යන්න දෙන්න.' ඇය ඊට එකඟවී නැත. එහෙත් ආදරවන්තයන්ගේ දිනයට පසුදා පාන්දර වන‌තෙක් 74 වසරක් පුරා දරා සිටි ඔහුගේ කයින් වෙන් වූ ඔහුගේ විඥානය අනන්ත වූ අහසේ වලාකුළු සමඟ පාවී නිදහසේ ගමන් කරන්නට විය. එහෙත් අඩසියවසකට අධික කාලයක් පුරා දෙදහසකට අධික පදවැල් නමැති හුය යොදා ඔහු වියූ ගී මිහිර චිරාත් කාලයක් රසික සන්තානය සුවපත් කරමින් රැව්පිළිරැව් දෙනු ඇත.

සේයාරූ - නිශ්ශංක විජේරත්න