රුක්මණීගේ තැටිගත නොවූ ගීතයක්

එදා ගී පිළිබඳ නොලියැවුණු කතා පෙළක්
මැයි 13, 2021
රුක්මණී දේවී

 

 

මෙම ලිපි සංග්‍රහයෙහි පෙර සඳහන් ලිපිවල දැක්වූ පරිද්දෙන් වර්ෂ 1939 ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසයේ කඩඉම් වසරකි. ගායක -ගායිකාවන්, ගීත රචකයන් සහ සංගීත අධ්‍යක්ෂකවරුන් පස් අවුරුදු ගිවිසුම් එවකට ජනප්‍රියම ගීත තැටි සමාගම් දෙක වූ ඩ්ර්ඍ සහ ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ සමාගම් වෙත බැඳුණේ මේ වසරේදී ය. එවකට සුප්‍රකට ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ සමාගමේ නිත්‍ය සංගීත අධ්‍යක්ෂවරයා වූයේ මොහොමඩ් ගවුස් මාස්ටර් ය. එම සමාගමේ නිත්‍ය ගීත රචකයා සහ සම්පාදකවරයා වූයේ යූ. ඩී. පෙරේරා මාස්ටර් ය. මෙම දෙදෙනාගේ සුසංයෝගයෙන් ගීත ලොවට නව ගායක ගායිකාවන් රාශියක් හඳුන්වා දෙන ලදී. ඒ අතුරින්, සිසිලියානා ඩයස්, වයලට් වීරකෝන්, පීටර් සිරිවර්ධන, කරුණා දේවී, ග්‍රේටා ජැනට් ද සිල්වා, වසන්තා සන්දනායක, ඉන්තම් ආමත්, ඒ.ආර්.එම්. ඉබ්‍රාහීම්, කේ.කේ. රාජ ලක්ෂ්මී, මොහිදීන් බෙග්, අසෝකා දේවී, ටයිටස් සමරවීර, පීරිස් සොහොයුරියෝ (චාලට්, චන්ද්‍රා, ජස්මින් සහ කරුණාවතී), අහමඩ් මොහිදීන්, හිල්ඩා පෙරේරා, හෙන්රි ෆොන්සේකා, මේබල් ප්‍රන්නන්දු, සිරිමතී වෙත්තසිංහ, ජී. එස්.බී.රාණි, ඇම්.ඩී. ජෝවර්ෂා, ඇල්බට් පෙරේරා (අමරදේව), ඩබ්ලිව්. මධුරාවති, හරූන් ලන්ත්‍රා, ජුවීටා ලන්ත්‍රා ආදීහු ප්‍රධාන වෙත්. මේ කාලයේ එවකට ටවර්හෝල් වේදිකාවේ සහ අනෙකුත් නෘත්‍ය සභා මගින් නිෂ්පාදනය කළ ඇතැම් නාට්‍යවලද සංගීතය ද ගවුස් මාස්ටර් විසින් සපයන ලදී.

 

වර්ෂ 1937-38 පමණ කාලයේ බැංගලෝරයේ සිට මෙරටට පැමිණි නාට්‍ය කණ්ඩායමක සාමාජිකාවක වූ නාටිකා “පාලී කුමාරී” ගේ මුල් නම අප්‍රකට ය. එවකට ටවර්හෝල් සහ අනෙකුත් නාට්‍ය සභාවන්හි නැටුම් සහ නාට්‍ය ජවනිකා පෙන්වා ජනප්‍රියව සිටි නළඟනක වූ ඇයගේ ස්වරයෙහි වූ සුමිහිරි භාවය නිසාම මොහොමඩ් ගවුස් මාස්ටර් විසින් ඇයට සිංහල ගීත තැටිගත කිරීමක් සඳහා ඇරයුම් කරන්නේ ය. එවකට ජනප්‍රිය ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ගීත තැටි ලේබලයේ ගායිකාවක ලෙස ලියාපදිංචි වන ඇය විසින් 1939-40 වකවානුවේ ගීත හතරක් එනම් ග්‍රැමොෆෝන් ගීත තැටි දෙකක් සඳහා තැටිගත කරන්නී ය. ඇයගේ මුල් නම වෙනස්කොට “පාලී කුමාරී“ නමින් යෝජනා කරන්නේ ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ගීත තැටි සමාගමේ එවකට නිත්‍ය ගීත රචකයෙකු සහ සහාය සංගීත අධ්‍යක්ෂකවරයෙකුව සිටි යූ .ඩී. පෙරේරා මාස්ටර් විසිනි. ඇයට සිංහල වචන උච්චාරණය සහ ගීත පුහුණුව සිදුකරනු ලැබුවේ ද, යූ .ඩී පෙරේරා මාස්ටර් විසිනි. ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ගීත තැටි ට්ඡ් 15022 අංකය යටතේ “භවේ හීන ගුණේ දුටු දා” සහ “පාරමී පිරූ ම’ස්වාමි” ගීත යුගලයත් ට්ඡ් 15023 අංකය යටතේ “නැව් ගිලීලා අන්ධකාරේ” සහ “සාදන ගුණ කරුණාකරා” යන ගීත යුගලයත් පාලී කුමාරී ගේ නමින් තැටිගත කරන ලදී. වර්ෂ 1940 දී ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ග්‍රැමොෆෝන් තැටි බෙදා හරින ඒජන්තවරුන් වූ ඇන්. පොරෝලිස් ප්‍රනාන්දු සමාගම විසින් නිකුත් කරන ලද ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ගීත කැටලොග් පොතෙහි පාලී කුමාරිගේ සේයාරුවක් සමගින් “භවේ හීන ගුණේ දුටු දා” ගීතය හදුන්වා දීමෙදී මෙවැනි සටහනක් යෙදුණි. “කොළොම්බියා තැටි වලට සිංහලෙන් ගී ගායනා කරන ප්‍රථම ඉන්දියානු කාන්තාවක වූ පාලි කුමාරිය ගී කීම සම්බන්ධයෙන් ලංකාවේ සෑම ජාතීනගේ ම සිත් දිනාගත් කාන්තාවකි...” යනුවෙන් දක්වන ලද සටහනෙහි ඇය එවකට ජනප්‍රිය ගායිකාවක සිටි බව පැහැදිළි වෙයි. පාලි කුමාරි විසින් ගායනා කරන්නට යෙදුණු , යූ .ඩී. පෙරේරා මහතා විසින් රචනා කළ , මොහොමඩ් ගවුස් මාස්ටර් විසින් සංගීතවත් කළ “භවේ හීන ගුණේ දුටු දා” ගීතය එවකට ජනයා අතර අතිශයින් ම ජනප්‍රිය ගීතයක් විය. මෙම ලිපියෙන් අද ඉදිරිපත් කරන්නේ එම ගීත ය සහ එම ගීතයේ මුල් තනුව හා සබැඳී රසවත් ඉතිහාසයකි.

 

 

භවේ හීන ගුණේ දුටු දා //

මගේ ශාක්‍ය හිමී ලෝනාථ භාවෙහී //

ශාක්‍ය හිමි ලෝනා ....

 

පියකරු සුන්දර සුගුණ සුධීරා

දේවී යසෝදරා රූ සිරි සාරා //

සමගින රාහුල පුතු පින්සාරා -

අතහැර මහධීරා //

 

සෞම්‍ය ශීත සඳුගේ රැස් ධාරා

පැතිරී ඇසළ පොහොදා මනහාරා //

අසු නැඟිලා නේරංජන තීරා //

 

සාදරෙනී පැමිණි මගේ ස්වාමී -

මහණවී ප්‍රේමේ පා //

භවේ හීන ගුණේ දුටු දා //

 

අප සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් භව දුක අවබෝධ කොට, ඇසළ පුන් පොහෝ දින යශෝධරා දේවිය සහ රාහුල පුතුන් හැරදා අභිනිෂ්ක්‍රමණය කොට, නේරංජනා ගඟින් එතෙර වී, මහණ වූ ආකාරය කියවෙන මෙම ගීතය එවකට ඉතා ජනප්‍රිය වූ අතර, මෙම ගීතයේ ප්‍රතිනිකුතු කිහිපයක් වෙළෙඳපොළට පැමිණියේ එම ගීත තැටියට වූ ඉල්ලුම නිසාවෙනි.

 

“භවේ හීන ගුණේ දුටු දා“ ගීතය හින්දුස්ථානි රාගධාරී සංගීතයේ ඛමාජ් ථාඨයේ ජෛජයවන්ති රාගය ඇසුරින් නිර්මාණය කර ඇත. මෙහි මධ්‍යමය ෂඩ්ජය ලෙස පිහිටුවා ඇති අතර කෙහෙර්වා තාලය මත ගැයෙයි. (එසේම ගීතයට ශිවරංජනී මෙන්ම මිශ්‍ර ශිවරංජනී රාගයේ ද සේයාවන් යන්තමින් මතු කර ඇත). රැයේ ද්විතීය ප්‍රහාරයේ ගැයීමට සුදුසු රාගයක් වන මෙම ජෛජයවන්ති රාගය ඇසුරින් නිෂ්පන්න වූ මෙම ගීතයට ඊට උචිතවන අයුරින් ගේයපද රචනාවක් කර තිබීම ඉතා අපූරු ය. ගීතය කෙහෙර්වා තාලයෙන් නිර්මිතය. වයලීනය, හර්මොනියම්, පියෑනෝ සහ ක්ලැරිනට් භාවිත කර ගවුස් මාස්ටර් විසින් නිර්මාණය කරන ලද සංගීත සංයෝජනය ද ඉතා අපූරු ය. එසේම, මෙම ගීතයට පාදක කරගත් මුල් හින්දි ගීතය ද, කුමාරී ජුතිකා රෝයි නම් සුප්‍රසිද්ධ වංග ගී ගායිකාව විසින් ගැයූ“ප්‍රභූ ලීජෝ මෙරා ප්‍රණාම්” නම් ඩ්ර්ඍ ග්‍රැමොෆෝන් තැටි ව් 16127 අංකයෙන් වර්ෂ 1939 දී නිකුත් වූ භජන් ගීතයකි. එහි ආරම්භක කොටසේ ඇසෙන දිල්රුබා වාදනය වෙනුවට ගවුස් මාස්ටර් විසින් මනහර වයලීන වාද්‍ය ඛණ්ඩයක් යොදා තිබීම විශේෂත්වයකි. එසේම, මෙම මුල් හින්දි ගීතයේ තනුව නිර්මාණය කර සංගීතවත් කළේ මාස්ටර් කමල් දාස් ගුප්තා විසිනි.

මෙම ගීතය එවකට බොහෝ බජවු සාජ්ජ වලදී, සුප්‍රකට හාර්මෝනියම් මාස්ටර්ලා අතින් වැයුණු -ගැයුණු ජනප්‍රිය ගීයක් වූ බව වරෙක කේ. හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් එවකට 1980 දශකයේ රුපවාහිනියේ පටිගත කළ ටෝනි රණසිංහ මහතා මෙහෙයවූ “මට මතකයි“ නම් වැඩසටහනින් ආවර්ජනය කළේ ඔහුගේ සර්පිනාව වාදනය කරමිනි. වර්ෂ 1943 දී එවකට ජනප්‍රිය මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න මහතා විසින් නිෂ්පාදනය කළ “වැරැදුණු කුරුමාණම“ නාට්‍යය සඳහා (වර්ෂ 1948 දී මෙය චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය කෙරුණි) මෙම ගීතයේ තනුව භාවිත කර ඇත. නමුත් පසුකාලීනව ජනමාන්න මහතා මෙම නාටක චිත්‍රපටවලට නැගීමේ දී එම මුල් නාටකවල තිබුණු බොහෝ ගීත ඉවත් කර නව ගීත චිත්‍රපට සඳහා භාවිත කිරීම නිසා මෙම මුල් මිනර්වා නාටකවලට ඇතුළත් වූ බොහෝ ගීත ග්‍රැමොෆෝන් තැටිවලට නිකුත් වූයේ නැත. එසේම මිනර්වා නාටක ජයමාන්න මහතා අතින් රචනා වූවත්, එකී නාටකවල ගීත රචනා සඳහා ඔහු තෝරාගත්තේ හියුගෝ ප්‍රනාන්දු සහ පී.එල්.ජේ න්දනකීර්ති ය. ජයමාන්නගේ නාටක සඳහා ඇතුළත් වූ ගීත සහ එම ගීත තනු පිළිබඳව දැනට ඉතිරිව ඇති එකම මූලාශ්‍ර වන්නේ එවකට නිකුත් වූ එම නාටකවල ගීත ඇතුළත් කොට මුද්‍රණය වූ ගීත පොත් ය. වර්ෂ 1943 දී “රුක්මණී“ නමින් නිකුත් වූ එක්තරා ගීත පොතක මෙම “වැරදුණු කුරුමාණම” නාටකයට ඇතුළත් වූ “භවේ හීන ගුණේ දුටු දා” ගීතයේ අනුනාදයට ගැයුණු “සුමිහිරි පෙම් ගී රසිනී” යන ගීතය පිළිබඳව තොරතුරු සඳහන් වේ. මෙම ගීතය ගායනා කර ඇත්තේ රුක්මණී දේවිය සහ සහාය ගායකයා විසිනි. එය සංගීතවත් කර ඇත්තේ කේ. හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් විසිනි. ගීතය රචනා කර ඇත්තේ පී. එල් .ජේ නන්දනකීර්ති විසිනි (“වැරැදුණු කුරුමාණම” චිත්‍රපටය වෙනුවෙන් ද ගීත රචනා කළේ මොහු ය). මෙම ගීතය ග්‍රැමොෆෝන් තැටියකට නිකුත් වූයේ නැත. එබැවින් රුක්මණී දේවියගේ මෙම ගායනය ඇසීමට අපට අවකාශයක් නොමැත.

 

පි : සුමිහිරි පෙම් ගී රසිනී// -

පෙම් රාජ වෙමු ඉතිනී

ගැ : මගේ ස්වාමි රජා ඔබ වේ සැමදා//

පි : දුක සැප රථ සක සේ පෙරළෙනවා

නියමයි -

අපටත් ඒ හිමි වෙනවා

ගැ: දුක සැප දෙකටම අපි සැසඳේනවා-

ඉන් අප ප්‍රේමේ දිනේ

පි : ඔබ සිත ප්‍රීතිය වඩනට නිතිනී -

ඉන්නට ගොස් වස්තුව ගෙන පුදමී

ගැ : අපමණ වස්තුව ලැබුණත් මතු දා -

ඔබ ප්‍රේමය පමණක් මතු පතමී

පි/ ගැ: ප්‍රේමය අපේ දිනේවා ආ ...ආ ....

 

මෙම ගීත තනුවම වර්ෂ 1940 දී දකුණු ඉන්දියාවේ ටී.ආර්. සුන්දරම් විසින් මොඩර්න් තියටර්ස් සමාගම වෙනුවන් නිෂ්පාදනය කළ, එම්. ආර්. රාධා සහ කේ. එල්. වී. වසන්තා ප්‍රධාන චරිත නිරූපණය කළ “සත්‍යාවානි“ නම් දමිළ චිත්‍රපටයට යූ. ආර් ජීවාරත්නම් නම් නිළි - ගායිකාව විසින් ගැයූ “ආඩවනේ මුරුගා“ නම් භක්ති ගීතය සඳහා යොදා ගැනුණි. ර්‍ණච්ඡ්ර්‍ණව් ග්‍රැමොෆෝන් තැටි ලේබලයෙන් ගීත තැටි අංක ඛ්ඒ 1250 අංකය යටතේ මෙම ගීතය නිකුත් කෙරුණි.

 

සිංහල ගීතය ගැයූ පාලී කුමාරී ඉන්දීය නාට්‍ය කණ්ඩායමක් සමගින් මෙරටට පැමිණි බව සඳහන් වන අතර, ඇය එවකට සිරිසේන විමලවීරයන්ගේ නාට්‍ය කීපයක ද චරිත නිරූපණය කොට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා සිටි බවක් පැවසෙන නමුත්, ඇයගේ අනෙකුත් තොරතුරු අප්‍රකට ය. එලෙස ජනප්‍රිය උතුරු ඉන්දියානු චිත්‍රපට නිළියකව සිට මෙරටට කීපවරක් පැමිණ රැඟුම් සහ නාට්‍ය සඳහා ගීත ගායනා කොට ජනප්‍රියත්වයට පත්ව සිටි අනෙක් තැනැත්තිය වූයේ රාම් ප්‍යාරි ය. නමුත් රාම් ප්‍යාරීගේ සිංහල ගීත ග්‍රැමොෆොන් තැටි ලෙස නිකුත් වූයේ නැත.

හින්දි - දමිළ සහ සිංහල ගීත ත්‍රිත්වයම එවකට ජනප්‍රිය වූයේ මෙම ගීතවල තනුවේ පැවැති සුවිශේෂී විශ්වීය ගුණය නිසාම ය. එබැවින්, මෙම ගීත සියල්ලටම දායක වූ එකී සියලුම කලාකරුවන්ට මෙන්ම සිංහල ග්‍රැමොෆෝන් ගීතයක් ගැයූ පළමු ඉන්දීය ගායිකාව වන “පාලී කුමාරී” ද, සිංහල චිත්‍රපට ගීතයක් ගැයූ පළමු ඉන්දීය ගායිකාව වන “භාග්‍යරතී“ ද ගීත ලොවට හඳුන්වාදුන් මොහොමඩ් ගවුස් මාස්ටර් ද මෙම සටහන උපහාරයකම වේවා!

 

විශේෂ ස්තූතිය : ග්‍රැමොෆෝන් තැටි සංරක්ෂක නැසී ගිය අමරදාස අබේවික්‍රම මහතා, ටී. ඇන්. විජේසිංහ මහතා, ගීතයේ රාග- තාල පිළිබඳව දැනුම්වත් කළ විශාරද නිහාල් ගම්හේවා සහ අසංක පෙර්රා මහත්මාවරු

 

මූලාශ්‍ර: කොළොම්බියා ගීත කැටලොග් පොත (1940) - ඇන්. පොරෝලිස් සහ සමාගම;ර්‍ණච්ඡ්ර්‍ණව් අඥජධපඤඵ ඉභනනතඥථඥදබ (1941) ඉචපචඵඹචබඪ ඉබධපඥඵ, ර්චඤපචඵ, “රුක්මණී” (1943) , කලම්බු මියුසිකල් ස්ටෝර්ස්, මරදාන ; සංගීත රසය - 2 වැනි කාණ්ඩය (1945) , නිව් වෙල්කම් ස්ටෝර්ස්, මරදාන; සුනිල් ආරියරත්න, “සුප්‍රකට ගීත ලියු අප්‍රකට ගීත රචකයා - පි.ඇල්.ජේ.නන්දනකීර්ති” (2000)