සිංහල සිනමාවේ ‘සූරසේන’ වු ලිහිණිගිරි වලව්වේ පුංචි පුතා

හර්බි සෙනෙවිරත්න (1925-1948)
මැයි 6, 2021

සිංහල සිනමාවේ 75 වැනි වසරට පා තබමින් සිටින අවස්ථාවේ එහි මුල් යුගයේ නළුවෙකු ලෙස කැපී පෙනුණ කඩවසම් තරුණයකු ලෙස වඩාත් කැපී පෙනුණ චරිතයකි. ඔහුට ඔහුගේ හිස කෙස් බොකුටුය. අකීකරු කෙහෙ රුල්ලක් නළලට වැටී ඇත. හීන් උඩු රැවුලක් වවා තිබුණි. සිංහල සිනමාවේ ‘සූරසේන’ කී පමණින් මතකයට එන්නේ ඔහුය. වරෙක ඔහු රාජ කුමාරයෙකි. වරෙක ඔහු සටන්කාමියෙකි. තවත් වරෙක මහා ඝන කැලෑවේ වනමෝහිණියක් සොයා යන දඩයක්කාරයෙකි. තවත් වරෙක ඔහු රදළයෙකුගේ දියණියකට පෙම්කරන සාමාන්‍ය පෙම්වතෙකි. චිත්‍රපට නළුවෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යෂ්‍යවරයෙකු ද වූ කල්කටාවේ ආයතනයට බැද ි රංගනය ඉගෙන ගෙන ඉන්දියානු සුප්‍රකට අධ්‍යක්ෂවරයෙකු සිනමාවට පිවිසි තරුණයකි.

(සිනමාව ඔහු හදුන්වන්නේ හර්බි සෙනෙවිරත්න යන නමිනි. සිංහල කතානාද චිත්‍රපටයේ මුල්ම සමඅධ්‍යක්ෂ වූ ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ බාල සොහොයුරාද ඔහුය.

(හර්බි රඟ පෑ චිත්‍රපට අතරින් වඩාත් දුෂ්කරක්‍රියා කළ චිත්‍රපටය සූරසේනය. එය ප්‍රදර්ශනය වූයේ 1957 දෙසැම්බර් 13 වෙනිදාය. මේ චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂකවරයා ඉන්දීය ජාතික එස්. එම්. ඇස්. නායිදුය. දකුණු ඉන්දියාවේ කොයිම්බතූර් හි පක්ෂිරාජ චිත්‍රාගාරයේ අධිපති නායිදු විසින් භාෂා 6කින් නිපදවූ දෙමළෙන් ‘ කන්දෙ හොරා’ (මෙලෙයි කල්ලින්) හින්දියෙන් ‘ නිදහස’ (අසාද්) සිංහලෙන් ‘සූරසේන’ විය. දෙමළ චිත්‍රපටයේ ඇම්.ජී. රාමචන්ද්‍රන් ද හින්දියෙන් දිලිප් කුමාර් රඟ පෑ චරිතය සිංහල චිත්‍රපටයේ හර්බි සෙනෙවිරත්න විය. හර්බි වරක් ‘සරසවිය’ පුවත් පතට කී පුවතක් මගේ මතකයට එයි.

( සූරසේන චිත්‍රපටයේ එක් දර්ශනයක් මගේ මතකයේ රැඳී තියෙනවා. මේ චිත්‍රපටයේ මගේ පෙම්වතී රූපා ලෙස රඟපෑවේ කාන්ති ගුණතුංග. රොබට් හාමු නම් දුෂ්ඨ චරිතය රඟපෑවේ ඩොමී ජයවර්ධන. එක දර්ශනයක ඩොමීත් එක්ක සටනක් තිබුණා. මේ සටන ත්‍රාසය, සන්ත්‍රසය, භීතිය, කැටි කළ සටනක්. අධ්‍යක්ෂවරයා අනික් චිත්‍රපටවල ඒ සටන් දර්ශන රාමු අපිට පෙන්නුවා. ඩොමීටත් කාන්තිටත් කතා කරල කිව්වා “අපි ලංකාවේ නම්බුව ආරක්ෂා කරගෙන මේ දර්ශණයට මුහුණ දෙමු කියලා” ඩොමී මට කිවුවා. “හර්බි, කිසිදේකට බය වෙන්න එපා මම උල්කිනිස්සෙන් අනින කොට උඹ මෙන්න මේ විදිහට බේරියන්.” කියලා ඩොමී මට කිනිස්සෙන් අනිනවා.

මගෙත්, කාන්තිගේත් මුහුණ ළඟින් යනවා. මම ඒ කිනිස්ස අමාරුවෙන් වළක්වා ගෙන ඩොමීට මම පා පහරක් දෙනවා. ඊළඟට තිබුණේ මගේ පහර කාගෙන වීදුරුවක් කඩාගෙන යනවා. ඩොමී කිව්වා. “ මේ දර්ශනය මම කරන්නම් මට බ්‍රැන්ඩි ඩ්‍රෑම් තුනක් ඕනෑ.” කියලා කිව්වා වගේම ඩොමී කිව්ව පරිදි මම වැර අරගෙන ඩොමීට ඇත්තටම හොඳ පහරක් දුන්නා. එහෙම ගහන්න කිව්වෙත් ඩොමී. මොකද තමාට වේගය ගන්න පුළුවන් එතකොට” කියලා. ඩොමී මගේ පහරින් ජනේලයක වීදුරු කඩාගෙන ගියා. ඩොමීගේ හිස ටිකක් තුවාල වුණා. මම දුවගෙන ඇවිත් වෙළුම් පටි බැන්ඳා. අධ්‍යක්ෂක නායිදු ඩොමීටත් මටත් ප්‍රශංසා කළා.”

හර්බිට ‘සූරසේන’ චිත්‍රපටයේ අශ්වයා පිට යන දර්ශනයක් තිබුණි. මදුරාසියේ කඳුකර පාළු ප්‍රදේශයක කඳු උඩින් හර්බිටත්, කාන්තිත් යාම. මදුරාසියේ උපදේශකයෙක් ඔවුන් දෙදෙනා පුහුණු කළ අතර දෙදෙනාම අසු පිටින් කඳු උඩින් කඳු නගිමින්, ගීත ගැයූ අවස්ථා තිබුණි. හර්බි හා කාන්ති ගැයූ ‘ ආනන්ද ශ්‍රීය වෑහෙයි- සෝබා දහම් සිනාසෙයි’ ගීතය එදා අතිශයින් ජනප්‍රිය වී තිබුණි.

1925 ජූලි 05 කුරුණෑගල ලිහිණිගිරි වලව්වේ උපත ලැබූ රිචඩ් හර්බට් සෙනෙවිරත්න, අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාල වලිනි. තම වැඩිමහල් සොහොයුරා වූ ශාන්ති කුමාර් සෙනෙවිරත්න වූ තම සොහොයුරාත්, ඉන්දීය ජාතික ටී.ආර්.ගෝපු සමඟ සම අධ්‍යක්ෂණය කළ ලංකාවේ දෙවැනි කථානාද චිත්‍රපටය වූ ‘අශෝකමාලා’ චිත්‍රපටයේ සේන ලෙස රඟපාමින් හර්බි දේශීය සිනමාවේ ප්‍රථම විය තැබුවේය.

(හර්බි කලකට ඉහත ඉන්දියාවට ගොස් කල්කටාවේ Institute of Drama  ආයතනයට බැඳී රඟපෑම හැදෑරීමෙන් පසු ඉන්දියානු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බිමල් රෝයි ගේ ‘Anjangarh’   චිත්‍රපටයේ කාර්මික අංශයට සම්බන්ධ විය. මහා කවි තාගෝර්ගේ ශාන්ති නිකේතනයේ වසර 1 1/2ක් ඉගෙනීම ද මේ අත්දැකීම් හර්බිගේ ඉදිරි ගමනට රුකුල විය. මීගමුවේ බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්නගේ මිනර්වා කණ්ඩායමට එක් වූ හර්බි ‘කපටි ආරක්ෂකයා’ චිත්‍රපටයේ රුක්මණිගේ සොහොයුරා වූ විපුලසේන ලෙසද ‘වැරදුණ කුරුමාණම’ චිත්‍රපටයේ චන්ද්‍රපාල ලෙසද, අධිරංගණී චිත්‍රපටයේ බංඩා ලෙසද රඟපෑවේය. තම සොහොයුරා වූ ශාන්තිගේ ‘එදා රෑ’ චිත්‍රපටයේ බණ්ඩාගේ විකට චරිතයක් හර්බි මැගී ලෙස වංශවතී දවුලගල සමඟ රඟපාමින් ප්‍රේක්ෂකයන් හිනැස්සූහ. මෙහි සංගීත අධ්‍යක්ෂණය ගවුස් මාස්ටර් ගෙනි. ‘එදා රෑ’ චිත්‍රපටයේ ඔහු ලතා සමඟ ‘ හරි-හරි-හා-හා-හරි-හරි තෑගි නං කෝකවුනත් පිරියා’ ගීත ගැයුවේ එහි ගීත රචනය කරමිනි. ඒ චිත්‍රපටයේම ඔහු ලතා සමඟ “හැබෑට මාගේ ලක් කාලේ” හා “ මයි ප්‍රීති ප්‍රීති ඩාලින් වෙන්කෝ ආලේ” ගීත ගැයූහ. ‘එදා රෑ’ චිත්‍රපටයේ ඉංගී‍්‍රසි බසින් ලියූ තිර නාටකය රචනා කලේ හර්බි සහ ප්‍රේමනාත් මොරායස් විසිනි. ‘රදළ පිළිරුව‘ චිත්‍රපටයේ නන්දා ලෙස රඟපෑ රත්නායකගේ පෙම්වතා වූ ගිල්බට් ලෙස රඟපාමින් ‘මිහිර පෙන්නා දී ආලේ පෑමා මා හදේ’ (ගායනය- ධර්මදාස හා ලතා) ගැයූ ගීතය ද එදා ජනප්‍රිය විය. ඒ අතර තම ඥාති සොහොයුරු ශාන්ති අධ්‍යක්ෂණය කළ ‘ජීවිත සටන’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයාට අමතරව චරිතයක් රඟපෑවේය.

හර්බි හා කාන්ති ජනප්‍රියත්වයේ ඉහළට ම නැංගේ ‘වනමෝහිනි’ චිත්‍රපටයෙනි. මේ චිත්‍රපටයේ කැලේ සිටින කිසිවෙකුට බිය නැති විනෝදකාමි තරුණියක් ලෙස රඟ පෑ කාන්ති ගුණතුංගට පෙම් කරන කොළඹ සිට පැමිණ කුඩා කළ නැති වූ ගැහැනු ළමයෙකු සොයා එන විජේ නම් තරුණයා ලෙස හර්බි රඟ පෑ චරිතය ද බිහිසුණු අත්දැකීම් බහුල චිත්‍රපටයකි. වරෙක ඔහු කැලෑ කෙල්ලට පෙම් බැඳ ඇය සමඟ අලියකු පිට යයි.

‘මේ අලියා හොඳට හීලෑ කළ එකෙක්. ඌ කාන්තිත් මගේත් යාළුවා වුණා. අපි දෙදෙනා පිට උඩ නංවා පළාතක කැළෑවක පුරා ඌ අපිව පරෙස්සෙමින් ගෙන ගියා. මම මුලදී තරමක චකිතයකින් හිටියේ. ‘අසෝකමාලා’ හා ‘සූරසේන’ චිත්‍රපටවල අශ්වයා පිට ගිහින් අත්දැකීම් තිබුණත් කදිරා නම් මේ අලියාගෙන් ලැබුණු සහාය අපමණය. මේ චිත්‍රපටයේ ගීත සියල්ලම ජනප්‍රිය වුණා. ධර්මදාස හා ලතා පසුබිම් ගී ගැයූ මේ ගීතවලට කාන්තිත් මමත් රඟපෑවේ සිහින ලෝකයක තනි වූ තරුණයකු ලෙස. මේ ඒ ගීත දෙකය. ගීත රචනය කරුණාරත්න අබේසේකරගේ හර්බි වරක් පැවසීය.

‘පිපෙන පියුමන් පියකරු මනරම්

පිරි පිරී හදවිල තුළ පෙම්

හංස දෙන මම නම්

සුදා කවුරුදෝ

බිංදු බිංදු උරා ගෙන කුසුමෙන්

බිගු මී වද මී පැණි නාමෙන්

බිගු රජා මම නම්

ප්‍රියා කවුරුදෝ

දෑතට දෑත තියාලා ඔබ

මාගේ කියා පවසා

දෑතට දෑත තියාලා ඔබ

මගේ කියා පවසා

ඕ-ඕ-ඕ-ඕ

ආ-ආ-ආ-ආ

අපි පෙනී-යන යාළු වෙලා

දෙව්ලියෝ-නිල් සේල එලා

යාළු වෙලා යන තාලේ බලා

පිපිනවා මල්-ජෝඩු වෙලා

(මේ චිත්‍රපටවල ගේය පද මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියූ ‘සිංහල චිත්‍රපට ගීතාවලිය’ කෘතියෙන් උපුටා ගන්නා ලදී)

හර්බී සෙනෙවිරත්නගේ රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර සූරයා-වීර විජය-දරුවා කාගේද? සංසාරේ-සුදු සඳේ කළු වලා, සමාජේ අපි ඔක්කොම සමානයි., වාසනා සිරිපතුල, බඹර කලාපෙ චිත්‍රපට ද නාන් උංගල් තෝලන් ද්‍රවිඩ චිත්‍රපටයේ ද රඟපෑවේය. ඔහු දක්ෂ දෙබස් කැවීම් ශිල්පියෙකි. ‘මනුෂ්‍යත්වය’, ‘සල්ලි එපා’, ‘ශෝභා’ හින්දි චිත්‍රපටවල ප්‍රධාන චරිත සඳහා හඬ කැවූ ඔහු රොබින් තම්පෝ 1964 වසරේ නිෂ්පාදනය කළ ‘සමාජෙ අපි ඔක්කොම සමානයි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. මේ චිත්‍රපටයේ සුවිනීතා වීරසිංහ, ධර්ම ශ්‍රී රණතුංග බොනිෆස් ප්‍රනාන්දු, නාලනී අභයපාල, ඩොමී ජයවර්ධන, එල්.එම්.පෙරේරා රඟපෑහ.

එහෙත් හර්බි මුලින්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වුයේ 1961 තිර ගත වූ “දරුවා කොහේද?”ය. ආර්.රාජබාලි නිෂ්පාදනය කළ මේ චිත්‍රපටයේ හර්බි සෙනෙවිරත්න, ෆ්ලෝරිඩා ජයලත්, ජෝ අබේවික්‍රම, සේනාධීර කුරුප්පු, රීටා රත්නායක රඟපෑහ.

එදා (1948) රුක්මණී දේවිය සමඟ ‘වැරදුණු කුරුමාණම’ ‘හදිසි විනිශ්චය’ ‘අයිරාංගණී’ චිත්‍රපටවල ප්‍රධාන තරුණ චරිතවල රඟ පෑ හර්බි “වාසනා” චිත්‍රපටයේ මහලු යුවලක් ලෙස රඟපෑම විශේෂයකි.

1954 තම ඥාති සොහොයුරියක වූ සාවිත්‍රී සමඟ විවාහ වූ හර්බිට දූ දරුවන් හතර දෙනෙක් වූහ. රඟපෑමෙන් පසු හර්බි කුරුණෑගල සිනමාහලක කළමණාකරු ලෙස සේවය කළේය. සරසවි චිත්‍රපට උළෙලේදී කලාකරුවකුට ජීවිතයේ එක්වරක් පිදෙන රණතිසර සම්මානයෙන් පුද ලැබූ ඔහු 1998 මාර්තු 02 ජීවිතයෙන් සමු ගත්තේය.

 

 

ඡායාරූප පිටපත් - ලාල් සෙනරත්