හිනාවෙන්න බැරි නිසා රටක් හිනැස්සූ නවනන්දන විජේසිංහ

මාර්තු 11, 2021

ඔහු ඇඟපතින් තරමක් මහත් වූවත් උසින් කුඩා මිනිසෙකි. “මේ පුංචි මිනිසා” හැම විටම වේදිකාවේත්, සිනමාවේත් අලුත් දෙයක් කිරීමට උත්සහ කළේය. වේදිකාවෙන්, සිනමාවට පිවිිසි ඔහු මුල්වරට රාජ්‍ය සම්මානයක් දිනුවේ පේ‍්‍රමරංජීත් තිලකරත්න ගේ ‘වහලක් නැති ගෙයක්” නාට්‍යයෙනි.

“1964 වසරේ හොඳම තාත්වික නළුවාට හිමි අතිගරු ආණ්ඩුකාරතුමාගේ සම්මානය හිමිවන්නේ...”

“කමොන්....” සිගරැට් පුච්චමින් වේදිකාව දෙස බලා ගෙන සිටි මේ නළුවා (අපේ කථා නායකයා)” සිරිල් වික්‍රමගේ යයි කියාගෙන උඩ පැන්නේය.

සිරිල් වික්‍රමගේ නම් තම සහෝදර නළුවා ගුණසේන ගලපත්තිගේ “දෑස නිසා” නාට්‍යයේ නිරුදක නම් විරූපී චරිතයට අපේ නායකයා ඇලුම් කළේය.

ශාලාව පුරා නිශ්ශබ්දතාවයක් පැතිර ගියේය. මේ 1964 සිංහල නාට්‍ය උත්සවයයි. යළිත් නිවේදකයා මොහොතක් ඉඳ,

“වහලක් නැති ගෙවල් නාට්‍යයේ ජෝන් සිංඤ්ඤා් ගේ චරිතය රඟපෑ නවනන්දන විජේසිංහ...”

නවනන්ද විජේසිංහ නම් අපේ කතානායකයා හුළං ගිය ටියුබ් එකක්” මොකද? බොලේ මේ වුණේ” කියාගෙන තම පුටුවේ වාඩි විය. මුළු ශාලාවම අත්පොළසන් දුන්නේ ‘කමෝන් නවනන්දන” කියමිනි.

එදා ප්‍රේක්ෂකාගාරයේ සිටි සුගතපාල ද සිල්වා මේ විස්තර අපට කීවේ මෙසේය. 

“හිමිදිරියේ රසවත් සිහිනයක් දකින කොට ඇතිවන කිතියකින් වාගේ මා කුල්මත් වුණා. හොඳ නළුවකු හැටියට වේදිකාවට ගිය නවන්නදන, හොඳම නළුවා හැටියට සම්මාන ලැබ ආසනයට පැමිණ වාඩිවන තුරුත් මම ඔහු දෙස බලාගත්වනම සිටියා. ඒ මුහුණේ සතුටක් තිබුණා. ඒ සතුට සිනාවක වෙස් ගෙන තිබුණා. ඒත් අර සිනාවට යටින් මොකක් දෝ හිනාවක් ඇතැයි නවනන්දන ගැන දන්න මට හිතුණා. තමාට ඕනෑ කළ මිනිහාට මේ තෑග්ග ගියා නම් නවනන්දන මීට වඩා සතුටුවන බව මම දන්නවා. නවසිය හැට තුනේ හොඳම නළුවා ටෝනි රණසිංහ ඔහු වඩා ගනිද්දී මගේ මුවට සිනාවක් නැඟුණේ ද ඒකයි.”

සුගත් 1964 ‘විසිතුර’ පත්‍රයට ලියූ ලිපියකින් කියා තිබුණේ නවනන්දන විකට නළුවෙක් කියල සමහරු කියනවා. ඒත් ඇත්තම කියහොත් නවනන්ද විකට නළුවෙක් නොවේය. රටක් හිනස්සන හිනාවෙන්න බැරි නළුවෙක්.

1931 ජනවාරි 15 වැනිදා මාතර කඹුරුපිටියේ මහමුරේ නම් පුංචි ගමක උපත ලැබූ දොන් නවනන්දන විජේසිංහ දෙමාපියන් සමඟ කොළඹ මාලිගාකන්ද පදිංචි විය. මරදානේ මරියකඩේ කිව් පමණින්ම නොයෙක් තරාතිරමේ ජනතාව බහුලව ජීවත් වන සංකීර්ණ පරිසරයක හැදි වැඩුණු ඔහු නානාප්‍රකාර චරිත කතා කරන, ඇවිදින, හැටි දැක ඔවුන් අනුකරණය කිරීමට පටන් ගත්තේය.

මාලිගාකන්ද රජයේ පාසලින් (ඉගෙනුම ඇරඹු, කුඩා නවනන්දන මුඛරියකු විය. පන්තියේ ඉගෙන ගන්න සෑම ළමයකුට. වඩා වෙනස් ගති පැවතුම් ඇති නවනන්දන හෝඩියේ පන්තියේ අනික් කුඩා ළමයි පාසලට ඇරලවා දෙමාපියන් ගිය විට අඬනවිට හයියෙන් සිනාසීය. කටින් කුරුල්ලන්ගේ හඬ අනුකරණය කරමින් ඔවුන් සිනා ගැන්වීය. රසකතා රඟ පා පෙන්වමින් ඔවුන් නළවා ගත්තේය.

“මම පන්තියේ හිටිය අඬන ළමයි නළවා ගත්තේ ජූජක බමුණා යන හැටි අනුකරණය කරමින් රඟපාලා. හිනාවෙන ළමයි අඬනවාට වඩා අඩන ළමයි හිනාවෙනවා දැකලා මම පුංචි කාලෙම සතුටක් ලැබුවා. මම පන්තියේ තක්කඩි වැඩ කරලා ඉස්කෝලේ ලොකු ඉස්කොල මහත්තයා වූ තලගල මහත්තයාගෙන් වේවැල් කසාය ලබල තියෙනවා. දවසක් භූමි ශාස්ත්‍රය (භූගෝල විද්‍යාව) උගන්වන්න තලගල මහත්තයා ආවා ලංකාවේ සිතියමකුත් අරන්. කළු ලෑල්ලේ සිතියම ඇඳලා දකුණු පළාතේ ප්‍රධාන නගර, හා ප්‍රදේශ ගැන විස්තරයක් කළා. මාතර, ගාල්ල, කඹුරුපිටිය, මොරවක, බෙලිඅත්ත, හක්මන ආදි තැන් ගැන කියලා දුන්නා. තලගල මාස්ටර් දකුණු පළාතේ උපන් අය අත උස්සන්න කිව්වා. මගේ අත විතරයි එසවුණේ.

“විජේසිංහ,.... ගම කොහේ ද?”

මාතර කඹුරුපිටියේ... ලොකු ඉස්කොලේ මහත්තයා.”

“හොඳයි කියනවා බෙලිඅත්ත තියෙන්නේ කොහේ ද?”

“බෙලිඅත්ත තියෙන්නේ බෙලි ගහේ...”

ළමයි හිානාවෙන්න පටන් ගත්තා.

“බෙලි ගහක් මම පෙන්වන්නම්. පලයන් එළියට. ගිහින් අත් දෙක උස්සගෙන දණ ගාගෙන හිටපං. හැම එකටම විහිළු.”

පන්තියේ මගෝඩි වැඩ කරලා මාව කැපිල පෙනුණාට සති අන්තයේ ළමා සමිතියේ මම චරිත දෙක තුනක් කටහඬ මාරු කරලා රඟපාල ළමයින්ගේ වීරයෙක් වුණා. ලොකු ඉස්කෝලේ මහත්තයටත් බඩ අල්ලං හිනා.”

“ඇත්ත මූ නං යකෙක්” ලොකු මහත්තයා පොඩි මහත්තයකුට කිව්වාලු.

නවනන්දන ගේ පන්තියෙම හිටිය දඩබ්බර ළමයෙක්, රැල්ෆ් විජේසේකර.පසුව ඔහු වැදිබිම, සීතල වතුර, රෑන ගිරව්, මාතෘ භූමි, සිදාදියෙන් හයක් (ප්‍රධාන චරිතයක්) කෝකිලයෝ, හුලවාලි චිත්‍රපටවල රඟපෑ සටන් නළුවෙකි.) නවනන්දනට හා රැල්ෆ් සමඟ ප්‍රකට ගීත රචක කරුණාරත්න අබේසේකර ද, චිත්‍රා ධනවලවිතාන (පසුව චිත්‍රා වාගීස්ට) ඉගෙන ගත් බව නවනන්දන අපට කීවේය.

“මම මුලින්ම වේදිකා නාට්‍යයක රඟපෑවේ උපාලි වනසිංහ ගේ “ දස්කෝන්” හි සිරිමල් ගේ චරිතය. ඊට පස්සේ ධර්මදාස කල්දේරා ගේ “පිළිගත් වරද, ධර්ම ශ්‍රී කල්දේරාගේ “දීපා” නාට්‍යවල රඟපෑවා. හේන්රි ජයසේන, අර්නෝල්ඩ් වික්‍රමසූරිය, සුගතපාල ද සිල්වා, ධර්මසිරි වික්‍රමරත්න, පේ‍්‍රමරංජිත් තිලකරත්ත, ආර්.ඩී.කේ. ජයවර්ධන, ආරියරත්න විතානගේ ගේ නාට්‍යවල රඟපෑවා. උපාලි වනසිංහ ගේ “අනුරාගය” නාට්‍යය බලන්න ආ එඩී ජයමාන්න මගේ රඟපෑම් දැකලා නාට්‍ය අවසානයේ වේදිකාවට ඇවිත් ප්‍රසංශා කළා. 

“උඹ ළඟ ඇති නුදුටු අමුතු දෙයක් තියෙනවා. ඒක දියුණු කර ගන්න උත්සාහ කරපං ළමයා.”

එඩී අයියා ගේ මේ කියමන කාලයක් යනකං හිතේ රැඳිලා තිබුණා.

මම මුලින්ම රඟපාන්න ගියේ “ගැහැනු ගැට” චිත්‍රපටයේ. නමුත් මම චිත්‍රපට නළුවෙකු වුණේ ටයිටස් තොටවත්ත හා උපාලි වනසිංහ අධ්‍යක්ෂණය කළ “දස්කොන්” චිත්‍රපටයේ සිරිමල් ගේ චරිතයෙන්.” නවනන්දන කීවේය.

නවනන්දන මේ කාලයේ බ්‍රිතාන්‍ය ගුවන් සේවය වූ ඕ.ර්‍ණ.ඒ.ඛ්. හි සේවය කළේය. ඉන් පසු ඔහු “මන්ත්‍රී හාමුදුරුවෝ”, ජනේලය, බෝඩිංකාරයෝ, රන්තෝඩු, හරිම බඩු හයක්, හෙලේ නැංග ඩෝ පුතා., රතු හැට්ටකාරී, අවි, නාග ගුරුදා, නාට්‍යවල රඟපෑවේය.

“මම දොලොවක් අතර” චිත්‍රපටයේ නිශ්ශංක (ටෝනි මිනිසකු යට කිරීමේ ඇසෙන් දුටු සාක්ෂිකරු වුණා. “වීදුරු ගෙවල්” චිත්‍රපට චාලි නම් විනෝදකාමී මෙහෙකරුවා ලෙස ජෝ අබේවික්‍රම හා සේනාධීර රූපසිංහ සමඟ රඟපෑවේ සින්දු කියමින්. මා විසින් ගැයූ ගීතයක් මේ.

පාප්පාගේ බස්තම 
කණ්ණාඩි කුට්ටම 
සීසීකඩයි බිම 
ඇයි මේ කොළොප්පං 
හොස්ස ළඟින් මැස්ස 
යන්න බැරි පප්පා 
ගත්තේ මොට ද පුප්පා 
උඹ හරි ගොන් වස්සා.”

මම ‘වැලිකතර” චිත්‍රපටයේ ලැවනිස් නම් ඒ.එස්.පී බංගලාවේ මොහෙකාරයා. ගාමිණී ෆොන්සේකාගේ හා සුවිනීතා වීරසිංහ ගේ හිතෛෂි සහකරුය. ඒ චිත්‍රපටයෙන් මම ගීතයක් ගයනවා. “සාන්ත ජෝන්ගේ විදියේ කඩේ” නම් පැරණී ගීතයක්. මම ටෙලිවිෂන් චිත්‍රපට දෙකක චරිත දෙකක් රඟපෑවා. “ද ග්‍රේට් මවුන්ට්” විදේශ චිත්‍රපටයේ සාගර නම් ඇත්ගොව්වා ලෙස ද “කී විට්නස්” චිත්‍රපටයේ සුපවයිසර් කෙනෙකු ලෙස මගේ රඟපෑම දැකල ජර්මනියේ දක්ෂතම ටෙලිවිෂන් නළුවා වූ ජෝ ජේම්ස් මට සහතිකය දීලා ගියේ.

“මෙතරම් ඉංගී‍්‍රසි දෙබස් උච්චාරණය කරන, එමෙන්ම සංයමයකින් චරිත නිරූපණය කරන පළමු පෙළේ නළුවෙක් ලෙස නවනන්දන විජේසිංහ දක්වන දස්කම් පැසසුම් කටයුතු බව ඔවුන්ගේ සහතික ලියා තිබුණා. 

නවනන්දන රඟපෑ චිත්‍රපට අතර වසන්ති, මොකද වුණේ වනරාජා, ශී‍්‍ර මදාරා, අඥඪදජචදචබඪධද පී.ඩී.එල්.ගේ ර්‍ථඥබඥප ධට බඩඥ ඡ්තඥනඩචදබඵ; මල්දේණියේ සිමියොන්, කෙළි මඩල, සිසිල ගිනි ගනී. එකදා වැහි, මිල්ලේ සොයා චිත්‍රපට ද වෙයි.

“චිත්‍රපට බලන මිනිස්සු වැඩිය කැමති වරදින මිනිහට හරියනවට. මිනිස්සු විශ්වාස කරන්නේ ඔවුන් විශ්වාස කරන්න කැමති දේ. ඇත්ත කුමක් වුණත් ඔවුන් නැති බැරි මිනිහටයි වැඩිය කැමති. අන්න ඒ වගේ නැති බැරි මිනිහෙකුගේ චරිතයක් රඟපාන්න මම හරි ආසයි.” නවනන්දන වරක් අපට කීය.

නවනන්ද 2012 ජුනි 15 වෙනිදා මියගියේ වයස අවුරුදු 70 පසුකරමින් සිටියදීය.

නවනන්ද ගේ පුත් සම්පත් විජේසිංහ “කලියුගය” චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපෑමෙන් පසු අතුරු මිතුරු, මල්දෙණියේ සිමියොන්, ළමා චරිත රඟපෑමෙන් පසු සුදු පිරුවට චිත්‍රපටයේ රඟ පෑ සුමිත් ගේ කෲර චරිතය ගැන පේ‍්‍රක්ෂකයා තුළ වැඩි ප්‍රසාදයක් නොතිබිණි. සම්පත් විජේසිංහ (1973 - 2020) පසුගිය වසරේ මියගියේය.