‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය’ 29 දා

ඔක්තෝබර් 26, 2023

සචිත්‍ර රාහුබද්ධ ගේ පිටපත සහ අධ්‍යක්ෂණයක් වන තිලක් අබේසිංහ නිෂ්පාදනය කරන ‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය’ එළැඹෙන 29 වැනිදා සවස ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකාගත කෙරේ.

චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, සමාධි ලක්සිරි, අමා විජේසේකර, සුජානි මේනකා, උමා අසේනි, තුශී සමරසේකර, රන්දි කළුආරච්චි රංගනයෙන් එක්වෙන අතර රංගාව ලෝකකරණය රංග සමරකෝන්, අංග රචනය රන්දික ටිශාන්, සංගීතය ළහිරු මාඩිවෙල, ඇඳුම් නිර්මාණය අමා විජේසේකර, වේදිකා පරිපාලනය ප්‍රභාත් බස්නායක, රවීන්ද්‍ර තාරක, පංචලී ඉලිම්බවිදානගේ, තරිදු ලක්ශාන්, අවිශ්ක දිල්ශාන්, රංගවින්‍යාසය, පසුතල සචිත්‍ර රාහුබද්ධ, රංග වින්‍යාස සැලසුම් සහය හසිත් වෙත්තසිංහ හා නිෂ්පාදන කළමනාකරණය තිලක් අබේසිංහ ගෙනි.