වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
යෞවන නාට්‍ය උලෙළ16 සිට 31දක්වා

42 වැනි වරට පවත්වනු ලබන යෞවන නාට්‍ය උලෙළ මෙවරත් 16 වැනි දා සිට 31වැනි දා දක්වා කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත කෙරේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණු නාට්‍ය එදින වේදිකාගත කෙරේ.
16 වැනිදා කෙටි නාට්‍ය අංශයෙන් ගයාන් සඳකැලුම් ගේ ‘කළුවර රැඟුමක්’, පුනර්ජීව අනුරාධගේ ‘තුන් තුඹ මල්’ චතුර ජයවර්ධනගේ Listen to me හසින්ත මදුමල්ගේ ‘ඒක ඉස්සර කතාවක්’ කෙටි නාට්‍යයන්ද
17වැනිදා ඩිල්ෂාන් තිලංගගේ ‘ටික් ටික් ද බාස්කර්’, ක්‍රිශාන්තගේ ‘පංචාලී ’ තිළිණි ජය මාලිංග ගේ ‘විජය භූමි’ සුමුදු මධුෂාන් ගේ ‘සුහුරු කිස’ ද වේදිකා ගතකෙරේ.
18 වැනිදා නදුනි ධනංජිගේ ‘රතු පාට මල්’ සුරේෂ් මධුශාන් ගේ ‘මිස්ට ගජනායක’ එස්.ක්ලින්ටන්ගේ ‘මනිදි’ දෙමළ නාට්‍යය, දමිත් ශ්‍රී ග්‍රේෂන් ගේ ‘ගමනක් යං’
19 වැනිදා දේදුනු සංගීතාගේ ‘බයිලා ගහන දවසක්’ , චතුරංග පෙරේරා ගේ Let us Marry, කේ.චන්ද්‍රමේගන්ගේ ‘සුනියම්’ දෙමළ නාට්‍යය, කසුන් මධුසංඛගේ ‘මන් ටොමී හල්ෆිගර්’
20 වැනිදා නැටුම් සඳරුවන්ගේ ‘පැනල යන්’, පංචාලි විහංගාගේ Witches’, සචිනි සමෝධි කෞශල්‍යාගේ ‘ඔරු ඌරල’ දෙමළ නාට්‍යය, ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ ‘කොමරේඩ්’ කෙටි නාට්‍යයන් වේදිකා ගත කෙරේ.
දිගු නාට්‍ය අංශයෙන් 24 වැනිදා වේදිකාගත කරනු ලබන්නේ ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ ‘හීන අරන් පාරේ හිටන්’, හා දුලාන් මධුරංග වීරසිංහගේ ‘රැඩිකල් ප්‍රේමය’
25 වැනිදා ‘මං ඇතුළෙ ඝාතකයෙක්’
26 වැනිදා දිලාන් නව්දු ගුණරත්නගේ ‘ඩෙසි ඩෙරාටා ආශාවේ වස්තුව’
30 වැනිදා මොහොමඩ් රාෆිගේ ‘කවිකාරයා’
31වැනිදා සුරේෂ් මධුෂාන්ගේ ‘සක්වළ රිය’ නාට්‍යය ද වේදිකා ගත කෙරේ.