පංචශීලය වේදිකාවට

ඔක්තෝබර් 12, 2023

පිටපත ලියා ප්‍රේමරත්න රූපසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පංචශීලය’ වේදිකා නාට්‍යය එළැඹෙන 15 වැනි දින කැලණිය බෞද්ධ මධ්‍යස්ථානයේ දි වේදිකා ගත කෙරේ. මෙය ඇසි දිසි සංසදයේ නිෂ්පාදනයකි. චින්තක පතිරණ දයාරත්න ගනේගොඩ, ප්‍රේමරත්න රූපසිංහ සමඟ ඇසි දිසි සංසදයෙහි නවක ශිල්පීහු රංගනයෙන් එක්වෙති. සංගීත අධ්‍යක්ෂණය තුෂාර, බෙර වාදනය බිනෝජ් ගුණරත්න ගෙනි.