දූවිලි 16 දා ටවර් රඟහලේදී

ජූලි 13, 2023

ආර් ආර් සමරකෝන් නාට්‍ය නිර්මාණයක් වන ‘දූවිලි’ රම්‍යා වනිගසේකරගේ නව නිෂ්පාදනයක් ලෙසට එළැඹෙන 16 වැනිදා සවස ටවර් රඟහලේදි දර්ශන වාර දෙකක් වේදිකා ගතකෙරේ.

වසන්ත විට්ටච්චි, රම්‍යා වනිගසේකර, ජයනාත් බණ්ඩාර, නිලුකා රේඛානි, තරංග රවීන්ද්‍ර, මහේන්ද්‍ර, සංගීත්, අනුෂා, සුදර්ශි, අංජුලා, සමන්ති ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක් වෙති.

දූවිල්ලෙන් ඉපිද දූවිල්ලෙන් වැසී සිට දූවිල්ලක් සේ අතුරුදන්ව ගිය ප්‍රතාපවත් සිටුවරයකුගේ ලෙයින් කඳුළින් පෙඟී ගිය අපදානයක් ‘දූවිලි’ නාට්‍යය ඔස්සේ වේදිකාවට ගෙනඑයි.