රාවණා සීතාභිලාෂය 07 දා

ජූලි 6, 2023

 

 

සිනමාවේ හා වේදිකාවේ ජ්‍යෙෂ්ඨ රංගවේදී නාමෙල් වීරමුණිගේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයක් වූ ‘රාවණා සීතාභිලාෂය’ ජූලි 7 වැනිදා බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී සවස වේදිකා ගතවීමට නියමිතය.

එහි පිටපත නාමෙල් වීරමුණි සහ මහාචාර්ය ජේ.බී දිසානායකයන් විසින් රචනා කොට ඇති අතර සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී ජයන්ත අරවින්දයන්ගෙනි. නව සංගීත සංයෝජනය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ලයනල් ගුණතිලකයන්ගෙනි.

නිහාරි වික්‍රමාරච්චි සහ රාජිත හේවාත්‍රන්ත්‍රී ප්‍රමුඛ වේදිකා නාට්‍ය ශිල්පී, ශිල්පිනියන්ගෙන් හැඩවූ ‘රාවණ සීතාභිලාෂය’ හී රංග වින්‍යාසය අකිල පලිපාන ගෙනි. ‘රාවණ සීතාභිලාෂය’ සංගීතමය වේදිකා නාටකයකි.